වෛරොයිඩ හා ප්‍රියෝන

වයිරොයිඩ

  • වයිරොයිඩ සමන්විතව ඇත්තේ කුඩා නග්න RNA කොටසකින් පමණි.
  • එය ආරක්ෂක ප්‍රෝටීන ආවරණයකින් වට වී නොපවතී.
  • ධාරක සම්පත් භාවිත කරමින් ජීවිධාරක සෛල තුළ දී පමණක් වයිරොයිඩවලට ගුණනය විය හැකි ය.
  • මේවා තුළ කිසිම ආකාරයක ජාන අන්තර්ගත නොවන අතර, තම ගුණනය සඳහා අවශ්‍ය සංඥා පමණක් දරා සිටියි.
  • වයිරොයිඩ ශාක ආසාදනය කරන අතර මේ දක්වා වෙනත් ජීවි ආකාර ආසාදනයක් පිළිබඳ වාර්තා නොවෙයි.
  • පොල්, තක්කාලි, ඇපල් සහ අර්තාපල් වැනි ශාක වලට හානි කරන වයිරොයිඩ හඳුනාගෙන ඇත.
  • උදා: පිලිපීනයේ පොල් ගස් ආසාදනය කළ Cadang Cadang රෝගය.

ප්‍රියෝන

  • ප්‍රියෝන යනු ප්‍රෝටීනමය ආසාදක අංශු වර්ගයකි.
  • වයිරසවලට වඩා කුඩා ය.
  • ප්‍රියෝන න්‍යෂ්ටික අම්ල රහිත වුව ද, ප්‍රියෝන ප්‍රෝටීන සඳහා කේතය සපයන ධාරක ජානවල උපකාරයෙන් ඒවාට ප්‍රතිවලිත විය හැකි ය.
  • රෝග සඳහා හේතු වන කාරක ලෙස සමහර පක්ෂීන් හා මැමේලියාවන් තුළ මේවා හමු වෙයි.
  • මේවා සියල්ල ස්නායු සම්බන්ධ රෝග තත්ත්වයන් වේ.
  • පොදුවේ ඒවා Transmissible spongiform encephalopathies (TSEs) ලෙස හඳුන්වනු ලැබේ
  • TSEs නිසා මොළයේ විශාල රික්තක ඇති වීම නිසා එහි ස්පන්ජිමය ස්වරූපයක් ඇති වෙයි.
  • උදාහරණ කීපයක් :

01. උමතු ගව රෝගය (Mad cow disease) : 1987 දී මුල් වරට ගවයන්ට ඇති වූ එක් බරපතළ රෝග තත්ත්වයකි. මොළයේ සිදුරු ඇති වේ.

02. Creutzfeldt–Jakob disease (CJD) : ප්‍රියෝන විසින් මිනිසාට ඇති කරන රෝග තත්වයකි. මොළයේ සිදුරු ඇති වේ. මොළය හැකිලීමට ලක්වේ.

03. KURU disease : මිනිසාගෙන් මිනිසාට ආසාදනය වේ. පැපුවා නිව්ගිනියා දූපත් වලින් සොයා ගන්නා ලදී. මිනී මස් කෑමේ චාරිත්‍රයක් නිසා පැතිරුනකි. අවසන් වරට රෝගියෙක් මියගියේ 2005දීය.

Kuru ආසාදිතයෙක්

ආසාදනය

  • මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීම ආසාදිත පටක හා අවයව බද්ධ කිරීමේ දී ද ආසාදිත රුධිර පාරවිලයන කිරීමේ දී ද සිදු විය හැකි ය.
  • සමහර ගවයන්ගෙන් මිනිසාට ආසාදනය විය හැකි ය. (මස් කෑමෙන්)
  • සාමාන්‍යයෙන් ප්‍රියෝන රෝග දීර්ඝ සුප්ත/අක්‍රිය කාලයක් සහිතය.
error: කොපි කරන්න තහනම්!!!