පිළිතුරු විවරණය                                                                                                                                                             2011  රචනා    


5.           ( a ) විකෘති යනු මොනවාද?

  1. ජීවියකුගේ ජීනෝමයට අයත් නියුක්ලියෝටයිඩ අනුක්‍රමයක වෙනස්වීමකි.
  2. විශේෂයක ජීවීන් අතර දැකිය හැකි ප්‍රභේදනවල ප්‍රභවය විකෘති වේ.

(b) විකෘති වර්ග සහ ඒවාට හේතුවන සාධක පැහැදිලි කරන්න.

  1. ප්‍රවේණික ද්‍රව්‍ය තුළ සිදු කළ වෙනස්කම්වල පරිමාණය මත පදනම්ව විකෘති ප්‍රධාන වර්ග දෙකකි.
  2. ජාන විකෘති, කුඩා පරිමාණ වෙනස් වීම් වේ. ජානයක් තුළ නියුක්ලියෝටයිඩ අනුක්‍රමයේ සිදු වන වෙනස් වීම් වේ.
  3. වර්ණදේහ විකෘති හෝ වර්ණ දේහ අපේරණය, විශාල පරිමාණ වෙනස් වීම් වේ. වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීම හෝ  වර්ණ දේහ ව්‍යූහයේ වෙනස් වීම් වේ.
  4. ජාන විකෘති -  ජානයක DNA අනුක්‍රමයේ ස්ථිර වෙනස් වීමක් ජාන විකෘතියක් ලෙස හැඳින් වේ.
  5. DNA ප්‍රතිවලිත වීමේ දී සිදු වන දුලබ දෝෂ හේතුවෙන් ඒවා ඇති විය හැකිය.
  6. ඒවා ස්වයංසිද්ධි විකෘති ලෙස හැඳින් වේ.
  7. ඊට අමතරව ඉහළ ශීඝ්‍රතාවකින් විකෘති හට ගැන්වීමේ හැකියාවක් ඇතැම් බාහිර සාධක වලට ඇත.
  8. විකෘති ජනනය කරන බැවින් ඒ සාධක විකෘති කාරක ලෙස හඳුන්වයි.
  9. විකෘති ජනක කාරක රසායනික හෝ භෞතික සාධක ලෙස වර්ග කළ හැකි ය.
  10. රසායනික සාධක වලට බැර ලෝහ, නිකොටීන්, බෙන්සීන්, ඇස්බැස්ටෝස් උදාහරණ වේ.
  11. X කිරණ සහ UV කිරණ විකෘති ජනක භෞතික කාරක වේ.
  12.  විකෘති ජනක කාරක මඟින් සෛලයක් තුළ ප්‍රතිවලිත වෙමින් පවත්නා DNA වල විකෘති සිදු කළ හැකි ය. පිළිකා ජනනයට ද හේතුව විකෘති වේ.
  13. ජාන විකෘති නියුක්ලියෝටයිඩ එක් යුගලක් පමණක් හෝ එක් යුගලයකට වඩා වැඩි ගණනක් හෝ සහභාගි වන විකෘති වේ.
  14. එක් නියුක්ලියෝටයිඩ යුගලක් පමණක් වෙනස් වූ විට ඒවා ලක්ෂ්‍ය විකෘති ලෙස හැඳින් වේ.
  15. ජාන විකෘති වර්ග තුනක් ඇත. ඒවා නම්.
  16. තනි නියුක්ලියෝටයිඩ යුගලක ආදේශය - (එක් නියුක්ලියෝටයිඩ යුගලක් තවෙකක් සමග මාරු වීම)
  17. නියුක්ලියෝටයිඩ යුගලක් නිවේෂණය - (නියුක්ලියෝටයිඩ යුගල් එකක් හෝ වැඩි ගණනක් එකතු වීම)
  18. නියුක්ලියෝටයිඩ යුගල ලෝපය - (නියුක්ලියෝටයිඩ යුගල එකක් හෝ වැඩි ගණනක් ඉවත් වීම.)
  19. වර්ණ දේහ අපේරණ / වර්ණදේහ විකෘති - බොහෝ ජාන සහභාගි වන බැවින්, වර්ණ දේහ විකෘති රාශියක් මාරක වන අතර, අනෙක්වා හානිකර වේ.
  20. වර්ණ දේහ ව්‍යූහයේ වෙනස් වීම් නිසා හට ගන්නා විකෘති වල දී,
  21. ජාන කිහිපයක සිට ජාන සිය ගණනක් දක්වා අඩංගු විය හැකි වර්ණ දේහයක විශාල කොටස් නැති වීම,
  22. වෙනත් වර්ණ දේහයක් කරා චලනය (කැපීම සහ ඇලවීම) පිටපත් කිරීම හා  වෙනත් වර්ණදේහ කරා චලනය, (පිටපත් කිරීම හා ඇලවීම) හෝ දිශානතිය වෙනස් වීම සිදු වේ.
  1. ලෝපය,
  2. පරිසංක්‍රමණය
  3. ද්විකරණය
  4. ප්‍රතිලෝය නම් වේ.
  5. වර්ණ දේහ සංඛ්‍යාවේ සිදු වන වෙනස් වීම් ආකාර කිහිපයකි.  විෂම ගුණකතාව  හා බහු ගුණකතාව යි.
  6. සෛල විභාජනයේදී/අනූනන විභාජනයේදී/ ඌනන විභාජනයේදී/ වර්ණ දේහ වියුක්ත වීමේදී සිදුවන වැරදීම්(නිර්විසම්බන්ධය) නිසා ඒවා සිදු වේ.
  7. සෛලයක් තුළ වර්ණ දේහ එකක් අඩුවෙන්(ඒකූනදේහතාවය)/(2n-1) හෝ එකක් වැඩිපුර පැවතීම(ත්‍රිදේහතාව)/(2n+1)  විෂම ගුණකතාව ලෙස හැඳින්වේ.
  1. අතිරේක "X" වර්ණ දේහයක් පැවතීම.
  2. එක් "X" වර්ණ දේහයක් අඩු වීම / එක් "X" වර්ණ දේහයක් පමණක් පැවැතීම
  3. අතිරේක දෛහික / අලිංග වර්ණ දේහයක් පැවැතිම.
  4. මුළු වර්ණ දේහ කට්ටලයේ වැඩි වීම නිසා සිදුවන වෙනස්කම්  බහු ගුණකතාවය නම් වේ.
  5.  උදා: ත්‍රිගුණ, චතුර්ගුණ, ෂඩ්ගුණ (3n,4n,6n)
  6. මේවා ශාකවල සුලභය.
  7. විෂමගුණකයන් හා සසඳන විට බහුගුණකයෝ වඩාත් සාමාන්‍ය වෙති.

(c) පරිණාමයේදී විකෘති වල  වැදගත්කම කුමක් ද?

  1. ප්‍රවේණික ප්‍රභේදනය සඳහා ප්‍රධාන ප්‍රභවය විකෘතිය.
  2. සමහර විකෘති හිතකර ය.
  3. බොහෝ  විකෘති හානිකරය.
  4. හිතකර ලක්ෂණ සහිත විකෘති / වාසිදායක ලක්ෂණ ඇති කරන විකෘති පරම්පරාවෙන් පරම්පරාවට සාර්ථකව ගමන් කරයි.
  5. හානිකර විකෘති/අවාසි සහගත ලක්ෂණ ඇති කරන විකෘති ඉවත් වනු ලබයි.
  6. මෙම ක්‍රියාවලිය ස්වභාවික වරණයට ඉඩ සලසන අතර.
  7. විශේෂයක පරිණාමයට ඉවහල් වේ.

(d) විකෘති මගින් මිනිසාට ඇතිවන ප්‍රවේණික ආබාධ කෙටියෙන් සාකච්ඡා කරන්න.

වර්ණ දේහ සංඛ්‍යාව වෙනස්වීම නිසා ඇතිවන ප්‍රාවේණික ආබාධ,

  1. ටර්නර්'ස් සහලක්‍ෂණය
  2. එක් ලිංග වර්ණ දේහයක් පමණක් දරන පුද්ගලයන්ය ( එක් 'X' වර්ණ දේහයක් පමණක් පැවැතීම.)
  3. ඩවුන්ස් සහලක්ෂණය
  4. අතිරේක අලිංග වර්ණ දේහයක් දරන පුද්ගලයන්ය.
  5. ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය
  6. අතිරේක 'X' වර්ණ දේහයක් පවතින පුද්ගලයන්ය.

තනි ජානයක විකෘතියක් මගින් ඇතිවන ආවේණික ආබාධ

  1. දෑකැති හැඩැති සෛල රක්තහීනතාවය
  2.  නිලින ඇලීලයක් නිසා ඇතිවන තත්ත්වයකි. (අලිංග වර්ණදේහයක)
  3. හිමොෆීලියාව
  4. 'X' වර්ණ දේහයේ පවතින නිලින ඇලීලයක් නිසා ඇතිවේ./ලිංග ප්‍රතිබද්ධය.

06.     (a)  ණුක ඔක්සිජන් වලට දක්වත සම්බන්ධතාවය මත පදනම්ව ක්ෂුද්‍ර ජීවීන්ගේ හඳුනාගෙන ඇති කායික  

                   විද්‍යාත්මක කාණ්ඩ හතර සුදුසු උදාහරණ දෙමින් සදහන් කරන්න.

  1. ස්වායු,
  2. උදා : Acetobacter
  3. වෛකල්පිත නිර්වායු
  4. උදා : Saccharomyces / Escherichia coli
  5.  අනිවාර්ය නිර්වායු
  6. උදා : Clostridium
  7.  ක්ෂුද්‍ර වාතකාමී
  8. උදා : Lactobacillus                                                                                                  (8x5 = ලකුණු 40)

(b)  ක්ෂුද්‍ර ජීවි විද්‍යාගාරයක භාවිතා කරන වීදුරු භාණ්ඩ හා රෝපණ මාධ්‍ය පිළියෙළ කිරීමේදී, ක්ෂුද්‍ර ජීවින් පාලනය කිරීම සඳහා උපයෝගි කර ගන්නා ක්‍රම, ඒවාට පදනම් වන මූලික සිද්ධාන්ත සහිතව විස්තර කරන්න.

  1. තාප ස්ථායි රෝපණ මාධ්‍ය ජීවාණුහරනය කිරීම,
  2. පීඩතාපකය භාවිතයෙන්
  3. තෙත් තාපය/ජල වාෂ්ප භාවිතයෙන්,
  4. වර්ග අඟලට රාත්තල් 15 ක පීඩනය/15 psi/ වායුගෝල පීඩන 1 යටතේ
  5. 121°C උෂ්ණත්වයේ,
  6. මිනිත්තු 15 ක් තැබීම
  7. පෙරීම මගින් ජීවානුහරනය
  8. තාප අස්ථායි ද්‍රව සහ තාප අස්ථායි රෝපණ මාධ්‍ය
  9. පටල පෙරහන් භාවිතයෙන්
  10. තරම 0.01 -  0.45 μm වූ පෙරහන් භාවිතයෙනි.
  1. පිපෙට්ටු
  2. ප්‍රෙට්‍රි දීසි
  3. ප්ලාස්කු
  4. පරීක්ෂණ නල
  5. උණුසුම් වායු උදුනක් භාවිතයෙන්
  6. ජීවානුහරණය කරනු ලබන අතර
  7. 170°C උෂ්ණත්වයේ
  8. පැය 2 ක් තැබීම මගින් තැබීම මගින් සිදු කරයි.

(18x6 = ලකුණු110) (110+40 = ලකුණු 150)

(අවසාන ලකුණු 150)

ආරම්භක විශූනතා ක්‍රමය මගින් ශාක සෛලවල ජල විභවයට සමාන ද්‍රාව්‍ය විභවයක් ඇති සුක්‍රෝස් ද්‍රාවණයක සාන්ද්‍රණය සෙවීම

ක්‍රමය

07.        (a) ශාක මුලක ශෛලම තුලට පාංශු ද්‍රාවණයේ සිට ජලය පරිවහනය වන විවිධ පථ, ශාක සෛල හරහා

     ජලය පරිව්හනය වීම සඳහා අදාල වන මුල ධර්ම සඳහන් කරමින් විස්තර කරන්න.

  1. මූලකේශ මගින් පස් අංශුවලට තදින් බැඳී නැති ජල අණු හා එහි දිය වූ ඛනිජ අයන සහිත පාංශු ද්‍රාවණය අවශෝෂණය කරනු ලබයි.
  2. මේ අවශෝෂණය ප්ලාස්ම පටලය හරහා සිදු වේ.
  3. ජලය මූලකේශය  තුළට, සාන්ද්‍රණ අනුක්‍රමණය ඔස්සේ අක්‍රියව ආස්‍රැතිය මගින් ඇතුළු වේ.
  4. (පාංශු ද්‍රාවණය අපිචර්මීය සෛලවල ජලකාමී සෛල බිත්ති තුළට ද ඇතුළු වී, එම සෛල බිත්ති හරහා ද, බහිෂ්සෙලීය අවකාශ ඔස්සේ ද නිදහසේ මුලෙහි බාහිකය තුළට ගමන් කරයි.)
  5. පසෙහි සිට මුලෙහි බාහිකය දක්වා ඇතුළු වූ ජලය හා ඛනිජ, මුලේ අන්ත්ශ්චර්මය ඔස්සේ ශෛලම දක්වා පරිවහනය අරීය ජල පරිවහනය නම් වේ.
  1. ඇපෝප්ලාස්ට පථය
  2. සජීවි සෛලයක ප්ලාස්ම පටලයට පිටතින් ඇති සියලු දේ එනම් සෛල බිත්තිය, බහිෂ්සෛලීය අවකාශ සහ ශෛලමවාහිනී, වාහකාභ වැනි අජීවී සෛලවල අභ්‍යන්තරය ඇපොප්ලාස්ට මාර්ගයට අයත් ය.
  3. ඇපොප්ලාස්ට මාර්ගය ඔස්සේ ජලය හා එහි ද්‍රාව්‍ය සන්තතිකව බාහිකය හරහා සෛල බිත්ති අවකාශ හා බහිෂ්සෛලීය අවකාශ ඔස්සේ ගලා යයි,
  4. නමුත් ,අන්තශ්චර්මීය සෛලවල (තිරස් හා අරීය බිත්තිවල) පවතින කැස්පාර් පටිය මගින් අන්තශ්චර්මය, ඇපොප්ලාස්ට මාර්ගය අවහිර කරයි.
  5. එනිසා ජලය (හා ඛනිජ) අන්තශ්චර්මය තුළින් ඇපොප්ලාස්ටය ඔස්සේ සනාල සිලින්ඩරයට ඇතුළු විය නොහැකි ය.
  6. ඇපොප්ලාස්ටය තුළින් පැමිණෙන ජලය සිම්ප්ලාස්ටයට ඇතුළු වීම අන්තශ්චර්මයේදී සිදුවේ.
  7. (මූලකේශවල ජලකාමී සෛල බිත්ති මගින් පාංශු ද්‍රාවණය ඉහළට ගැනීමට ද ඇපොප්ලාස්ටය සඳහා ප්‍රවේශ මාර්ගය සපයයි.)
  8. ඇපෝප්ලාස්ට පථයේදී ජලය නිදහසේ චලනය වන්නේ විසරණය සහ
  9. තොග ප්‍රවාහයෙනි.
  10. සිම්ප්ලාස්ට පථය
  11. සිම්ප්ලාස්ටයට සියලු සජීවී සෛලවල සම්පූර්ණ සයිටොසොලය හා
  12. ඒවා එකිනෙක බැඳී ඇති ප්ලාස්මබන්ධ අයත් වේ.
  13. සිම්ප්ලාස්ට මාර්ගය මගින් ජලය හා ජලයේ දිය වූ ද්‍රව්‍ය සෛල ප්ලාස්ම පූරකය ඔස්සේ සන්තතිකව ගමන් කරයි.
  14. මේ ගමන් මාර්ගයේ දී, ද්‍රව්‍ය මුලින් ම ශාකය තුළට ඇතුළු වන විට ඒවා එක්වරක් ප්ලාස්ම පටලය හරහා ගමන් කළ යුතු වේ.
  15.  එක සෛලයකට ඇතුළු වීමෙන් පසු ඒවා සෛලයෙන් සෙලයට ප්ලාස්මබන්ධ ඔස්සේ ගමන් කරයි.
  16. සිම්ප්ලාස්ටය තුළ ජලය චලනය වන්නේ විසරණය
  17. සහ ආස්‍රැතියෙහි
  18. පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය
  19. මෙහිදී ජලය හා ඛනිජ අයන එක් සෛලයකින් ප්ලාස්ම පටලය ඔස්සේ පිටතට පැමිණ, ඊළඟ සෛලයේ ප්ලාස්ම පටලය හරහා නැවත ඇතුළුතට ගමන් කරයි.
  20. එහි දී නැවත නැවත ප්ලාස්ම පටලය හරහා ජලය හා ද්‍රව්‍ය ගමන් කරයි.
  21. ජලය චලනය වීම සිදුවන්නේ ප්ලාස්ම පටල හරහා ආස්‍රැතියෙනි.
  22. සිම්ප්ලාස්ට පථයෙන් සහ  පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය  පැමිණි ජලය අඛණ්ඩව ප්ලාස්ම බන්ධ ඔස්සේ
  23. අන්තශ්චර්මීය සෛල වල සිට සනාල සිලින්ඩරයට/ ශෛලමයට ඇතුළු වේ. (පරිචක්‍රය හරහා)
  24. පාංශු ද්‍රාවණයේ සිට ශෛලම දක්වා ජලය චලනය වීම සිදු වන්නේ ජල විභව අනුක්‍රමණය ඔස්සේය
  25. මෙය පාංශු ද්‍රාවණයේ සිට ශෛලම දක්වා බාහික සෛල ඔස්සේ බල පැවැත් වේ.
  26. මුලකේශ සෛල වල සෛල යුෂයේ දිය වී ඇති ද්‍රාව්‍ය හේතුකොට ගෙන ජල විභව අනුක්‍රමණය බල පැවැත් වේ. මෙය පාංගු ද්‍රාවණයේ ජල විභවය සමඟ සැසදීමේදී මූලකේශ සෛල වල ජල විභවය අඩු කිරීමට හේතු වනු ඇත.

(ඕනෑම 30x4= ලකුණු 120)

(b) පරීක්ෂණාගාරයේ දී Rhoeo ශාක පත්‍රයක සෛල වල ද්‍රාව්‍ය විභවය නිර්ණය කරනු ලබන්නේ කෙසේදැයි  

        විස්තර කරන්න

  1. විවිධ මෞලිකතා සහිත සුක්‍රෝස් ප්‍රාවණ පිළියෙළ කිරීම.
  2. එක් එක් ද්‍රාවණය තුළ මිනිත්තු 20 -30 පමණ Rhoeo අපිවත්මීය සිවි බහා තබන්න.
  3. විශුන සෛල ගණන සහ
  4. අන්වීක්‍ෂ පථයේ තිබෙන මුළු සෛල ගණන ගනන් කරන්න.
  5. එක් එක් සුක්‍රෝස් ද්‍රාවණය තුල විශුන සෛල ප්‍රතිශතය ගණනය කරන්න.
  6. "X" අක්ෂයේ සුක්‍රෝස් ද්‍රාවණයේ සාන්ද්‍රණය ද "Y" අක්ෂයේ විශුන සෛල ප්‍රතිශතයද භාවිතා කර ප්‍රස්තාරයක් අදින්න.
  7. විශුන සෛල ප්‍රතිශතය 50% වන ලක්ෂ්‍යයේදී "X" අක්‍ෂයේ අගය සෛල යුශයේ සාන්ද්‍රනයට සමානය
  8. වගුව භාවිතයෙන් ද්‍රාව්‍ය විභවය කියවා ගන්න.

(8x4 = ලකුණු 32)

(120+32 = 152)

(උපරිම ලකුණු = 150)

සත්ත්ව පෝෂණය යනු දේහයේ විවිධ කෘත්‍ය සඳහා භාවිත වන ආහාර ලබා ගැනීමේ ක්‍රියාවලියයි.

08.    (a) පෝෂණය යනුවෙන් අදහස් කරනුයේ කුමක්දැයි පැහැදිලි කරන්න.

  1.  ශක්තිය හා කාබත් ලබා ගැනීමේ ක්‍රියාවලියයි. / සෛල ගොඩනැංවීමේදී සහ ශක්තිය නිපදවීමේ පරිවෘත්තිය ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලියයි.

(b)  සුදුසු උදාහරණ දෙමින් ජිවින් අතර දක්නට ලැබෙන විවිධ පෝෂණ ආකාර විස්තර කරන්න.

  1. ස්වයංපෝෂී
  2. අකාබනික කාබන් ප්‍රභවයක් භාවිතා කරයි.
  3. විෂමපෝෂි
  4.  කාබනික කාබන් ප්‍රභවයක් භාවිතා කරයි.
  1. ප්‍රභාස්වයංපෝෂි/ ප්‍රකාශ පෝෂී
  2. රසායනික ස්වයංපෝෂි / රසායනික පෝෂි
  1. ශක්ති ප්‍රභවය සූර්යයාලෝකයයි
  2. උදා : සයනොබැක්ටීරියා / හරිත ශාක
  1. ශක්ති ප්‍රභවය - අකාබනික රසායනික සංයෝග වේ.
  2. උදා : නයිට්‍රිකාරක බැක්ටීරියා  Nitrobactor / Nitrosomonas
  3. විෂමපෝෂි පෝෂණ ආකාර දෙකකි.
  4. ප්‍රභාවිෂමපෝෂි
  5. උදා : දම් සල්ෆර් බැක්ටීරියා
  6. රසායනික විෂමපෝෂි
  7. උදා : දිලීර, සත්ත්වයින්
  1. මෘතෝපජීවී පෝෂණය
  2. සත්ව සදෘශ
  3. සහජීවී
  1. මළ (හෝ දිරාපත්වන) කාබනික ද්‍රව්‍ය භාවිතා කරයි (ආහාර ලෙස)
  2. ආහාර / මළ ( හෝ දිරායන) කාබනික ද්‍රව්‍ය මතට එන්සයිම ස්‍රාවය කරයි
  3. බහිස් සෛලියව ජීර්ණය කරයි.
  4. ද්‍රාව්‍ය අන්තඵල අවශෝෂණය කරයි.
  5. උදා : දිලීර / සමහර බැක්ටීරියා

  1. දේහය තුලට අහාර අධිග්‍රහනය කර
  2. දේහය තුළදී ජීර්ණය කර
  3. ජීර්ණය වූ කොටස් අවශෝෂණය කරයි.
  4. ජීර්ණ අන්තඵල ස්වීකරණය කරයි.
  5. ජීර්ණය නොවූ කොටස් පහ කෙරේ.
  6. උදා: බොහෝ සතුන්
  1. එකිනෙකාට සමීපව ජීවත් වන වෙනස් විශේෂ දෙකකට අයත් වන ජීවීන් අතර, ඇති පාරිසරික සම්බන්ධතාවයයි.
  1. අන්‍යොන්‍යාධාරය
  2. පරපෝෂිතාවය
  3. සහභොජිතාවය
  4. අන්‍යොන්‍යාධාරයේදී සාමාජිකයන් දෙදෙනාටම වාසි සැලසේ.
  5. උදා : රනිල මූල ගැටිති සහ Rhizobium, රෝමාන්ථකයන්ගේ හා වේයන්ගේ සිටින සෙලියුලෝස් ජීරණය කරන ක්ෂුද්‍ර ජීවීහු.
  6. පරපෝෂිතාවයේදී එක් ජීවියෙකුට වාසි සැලසෙන අතර අනෙකාට හානි වේ.
  7. උදා : Plasmodium සහ මිනිසා,  Necartor americamas සහ මිනිසා, Cuscuta සහ ධාරක ශාකය
  8. සහහෝජිතාවයේදී එක් ජීවීයෙකුට වාසි සැලසෙන අතර අනෙකාට බල පෑමක් නොකරයි.
  9. උදා : මුහුදු ඇනිමනි සහ තාපස කකුළුවා / අපිශාක, තල්මසාට සවි වී සිටින බෙලි ඇණයා/ බණ්ඩාවාරකයා (Barnacle)
  10. කෘමි භක්ෂක ශාක විශේෂ ආකාරයේ පෝෂණයක් පෙන්වයි.
  11. ඒවා කෘමීන් ග්‍රහණය කර (සක්‍රියට හෝ අක්‍රියව)
  12. ජීර්ණයට ලක්කර
  13. පෝෂක අවශෝෂණය කරයි / නයිට්‍රජන් අවශ්‍යතාව සපුරා ගති
  14. උදා : Nepenthes / Drosera/ Utricularia

(ඕනෑම 38x4= ලකුණු 152)

(උපරිම ලකුණු = 150)

09. (a)   මිනිසාගේ මස්තිෂ්කයේ ව්‍යුහය විස්තර කරන්න.

  1. මස්තිෂ්කය මිනිස් මොළයේ විශාලතම කොටසයි.
  2. එය ගැඹුරු පැල්මක් මඟින්
  3. වම් හා දකුණු මස්තිෂ්ක අර්ධගෝල දෙකකට බෙදී ඇත.
  4. මස්තිෂ්කයේ මතුපිට ප්‍රදේශය ස්නායු සෛලවල සෛල දේහවලින් සැදි (ධුසර ද්‍රව්‍ය)
  5. මස්තිෂ්ක බාහිකය සාදයි.
  6.  ගැඹුරු ස්තර ස්නායු තන්තු වලින් (ශ්වේත ද්‍රව්‍ය) සැදි ඇත.
  7. ශ්වේත ද්‍රව්‍ය ගොනුවක් වූ
  8. කැලෝස දේහයෙන් මස්තිෂ්ක අර්ධගෝල දෙක එකිනෙකට සම්බන්ධ වෙයි.
  9. එක් එක් අර්ධ ගෝලයේ මස්තිෂ්ක කෝෂිකාවක් අන්තර්ගත වේ.
  10. ඒවා මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් පිරී ඇත.
  11. මස්තිෂ්ක බාහිකයේ පිහිටන විශාල ප්‍රමාණයක් වූ නැමුම් මඟින්
  12. මස්තිෂ්කයේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කරයි.
  13.  එක් එක් මස්තිෂ්ක අර්ධගෝලවල මස්තිෂ්ක බාහිකය ඛණ්ඩිකා හතරකට බෙදී පවතියි.
  14. ඒවා නම් ලලාට ඛණ්ඩිකාව
  15. ශංඛක ඛණ්ඩිකාව,
  16. පාර්ශ්වික ඛණ්ඩිකාව හා
  17. අපර කපාල ඛණ්ඩිකාව වේ.

(b)   මිනිසාගේ මස්තිෂ්කයේ කෘත්‍ය සැකෙවින් පැහැදිළි කරන්න.

  1. වේදනාව,
  2. උෂ්ණත්වය,
  3. ස්පර්ශය,
  4. දෘෂ්ටිය,
  5. ශ්‍රවණය,
  6. රස හා
  7. ආඝ්‍රාණ ප්‍රතිග්‍රහණය ඇතුළුව සංවේදන පිළිබඳ තොරතුරු ලබා ගැනීම සහ සැකසීම (සංජානනය)
  1. සංවේදනය පිළිබඳ තොරතුරු හඳුනා ගැනීම හා
  2. සංවේදනය පිළිබඳ තොරතුරු අර්ථ කථනය (Interpretation)
  3. මතකය
  4.  බුද්ධිමත්භාවය.
  5. හේතු දැක්වීම,
  6. විනිශ්චය හා
  7. චිත්ත වේග වැනි සංකීර්ණ මානසික ක්‍රියාවලි සමෝධානය හා සංකලනය
  8. ඉච්ඡානුග පේශි සංකෝචනය ආරම්භය
  9. ඉච්ඡානුග පේශි සංකෝචන පාලනය මඟින්
  10. කංකාල (ඉච්ඡානුග) පේශි චලනය දිශානත කිරීම.

34X4 = ලකුණ 136

රූප සටහන = ලකුණු 14

මුළු ලකුණු = 150

(සම්පූර්ණයෙන් නම් කරන ලද නිවැරදි රූප සටහන - ලකුණු 14)

(කොටසක්/ අර්ධ ලෙස නම් කරන ලද නිවැරදී රූප සටහන - ලකුණු 07)

10.      පහත සදහන් ඒවා ගැන කෙටි සටහනක් ලියන්න,

           (a) ප්‍රභාසංශ්ලේෂනයේ C4 පථයක ඇති වැදගත්කම

  1. උක් (Saccharum), සහ බඩඉරිඟු (Zeamays)වැනි සමහර ශාක
  2. ප්‍රාථමික ප්‍රතිග්‍රාහකයා ලෙස PEP යොදා ගනිමින් ප්‍රභාසංස්ලේෂණයේදී CO2 තිර කර,
  3.  [4C සංයෝගයක් වන) ඔක්සැලෝ ඇසිටේට් සාදනු ලැබේ.
  4.  එය CO2 තිර කිරීමෙන් ලැබෙන ප්‍රථම ඵලය වේ.
  5. C4 ශාක පත්‍ර වෙනස් ව්‍යුහාත්මක ලක්‍ෂණ පෙන්වයි/ සනාල කළාප වටා කළාප කොපු වලයක් ඇත.
  6. C4 ශාක ප්‍රභාසංස්ලේෂණයේදී වෙනස් සෛල ආකාර දෙකකදී අදියර දෙකකින් CO2 තිර කරයි.
  7. පත්‍ර මධ්‍ය සෛල තුලදී PEP මගින් CO2 තිරකර ඔක්සැලෝ ඇසිටේට්  සාදයි.
  8. NADPH භාවිතයෙන් ඔක්සැලෝ ඇසිටේට්, මැලේට් බවට ඔක්සිහරතය කරයි.
  9. ප්ලාස්ම බන්ධ ඔස්සේ
  10. මැලේට් කලාප කොපු සෛල තුලට පරිවහනය කරයි.
  11. කලාප කොපු සෛළ තුළදී මැලේට් , පයිරුවේට් බවට පත් කරමින්,
  12. CO2 හා NADPH නිදහස් කරයි.
  13. කැල්වින් චක්‍රයේදී මෙම CO2 RUBP මගින් තිරකර PGA සාදයි.
  14. පයිරුවේට නැවත පත්‍ර මධ්‍ය සෛල තුලට පරිවහනය කර
  15. PEP බවට පත් කරයි.

  1. C4 ශාක වල ප්‍රභාසංස්ලේෂණය වඩාත් කාර්යක්ෂම වන්නේ
  2. CO2 ප්‍රතිග්‍රාහකය (PEP) RUBP වලට වඩා කාර්යක්ෂම වීම ද
  3. අඩු CO2 සාන්ද්‍රනය යටතේදී ප්‍රභාසංස්ලේෂණය සිදු වීම ද (CO2  සාන්ද්‍රගත කිරීමේ යන්ත්‍රණය)
  4. C4ශාක වල ප්‍රභාස්වසනය සිදු නොවීමද නිසාය.
  5. තවද C4 ශාක අධික ආලෝක තීව්‍රතා යටතේ ද ප්‍රභාසංස්ලේෂණය කාර්යක්ෂමව සිදු කරයි.
  6. C3 ශාක වල එක්වරක් CO2 තිර කරනු ලබන අතර C4ශාක වල CO2 දෙවරක් තිර කරනු ලැබේ.
  7. එබැවින් C4 ශාක වල අස්වැන්න වැඩිය.

22X3 = ලකුණු 66

(b)    සත්වයින්ගේ ප්‍රධාන නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ඵල

  1. සතුන්ගේ නයිට්‍රජනීය බහිස්‍රාවී ඵලයන් වනනේ,
  2. ඇමෝනියා,
  3. යූරියා හා
  4. යූරික් අම්ලයයි.
  1. ඉතා විෂ ද්‍රව්‍යයකි.
  2. ඇමෝනියා නිපදවීමට වැය වන්නේ සාපේක්ෂව අඩු ශක්ති ප්‍රමාණයකි
  3. ඒවා බැහැර කිරීමට දේහයෙන් විශාල ජලය පරිමාවක් වැය කළ යුතුය.
  4. අස්ථික මත්ස්‍යයෝ, බොහෝ ජලජ අපෘෂ්ඨවංශීහු, ජලජ උභය ජීවීන්(ඉස්ගෙඩියෝ)ගේ බහිස්‍රාවී ඵලයයි.
  1.  ක්ෂිරපායීන් හා සුහුඹුල් ඇමිපිබියාවන් වැනි භෞමික සතුන්ගේ  බහිස්ස්‍රාවි ඵලයයි.
  2. මෝරා වැනි ඇතැම් කරදිය මත්ස්‍යයෝ ද ප්‍රධාන නයිට්‍රජනීය ඵලය ලෙස යූරියා බහිස්‍රාවය කරති ( යුරියා ආස්‍රැති විධානය සඳහා භාවිත වේ).
  3. යූරියා විෂ බවින් අඩු ය.
  4. ඇමෝනියා වලින් යූරියා නිපදවීමට වැඩි ශක්තියක් වැය කළ යුතු ය.
  5. බැහැර කිරීමට  වැය කළ යුතු ජලය පරිමාව සාපේක්ෂව අඩුය. (ඇමෝනියා වලට වඩා)
  1. පක්ෂීන්, බොහෝ උරගයන්, භෞමික ගොළුබෙල්ලන් සහ භෞමික වාසීන් කෘමීන්ගේ  ප්‍රධාන නයිට්‍රජනීය බහිස්‍රාවී ඵලයයි.
  2. යුරික් අම්ලය සාපේක්ෂව විෂ රහිත ය,
  3. සාමාන්‍යයෙන් ජල අද්‍රාව්‍ය ය.
  4. මේ නිසා ජලය ඉතා සුළු ප්‍රමාණයක් සමඟ අර්ධ ඝන ද්‍රව්‍යයක් ලෙස බැහැර කරයි.
  5. ඇමෝනියා වලින් යුරික් අම්ලය නිපදවීම සඳහා වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් වැය කළ යුතුය.

18 X3 = ලකුණු 54


         

      ගයාන් රත්නසූරිය B.Sc.(Colombo)                                Biologylab.org