පිළිතුරු විවරණය                                                                                                                                                             2012  රචනා    


05.    ජීවීන්ගේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා යාමනය කිරීමේ දී එන්සයිමවල සාමාන්‍ය කාර්යභාරය පැහැදිලි    

          කරමින් එන්සයිම ගැන රචනයක් ලියන්න.

  1. බොහෝ එන්සයිම ගෝලීය ප්‍රෝටීන වේ.
  2. එන්සයිම ජෛව උත්ප්‍රේරක වේ. /ඒවා ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරයි.
  3. එන්සයිම  ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි කරන්නේ.
  4. ඒ  ප්‍රතික්‍රියාවේ  සක්‍රියන ශක්තිය අඩු කිරීම මඟිනි.
  5. ප්‍රතික්‍රියාවේ අන්ත ඵලවල ගුණ හෝ ස්වභාවය, එන්සයිම මගින් වෙනස් නොකරයි.
  6. ප්‍රතික්‍රියාව තුළ දී ප්‍රතික්‍රියාවට සහභාගි නොවේ./  ප්‍රතික්‍රියාවට අවසානයේ දී නොවෙනස්ව පවතී./ ප්‍රතික්‍රියාවේදී එන්සයිම වැය නොවේ.
  7. බොහෝ එන්සයිම උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ප්‍රතිවර්ත්‍ය වේ.
  8. බොහෝ එන්සයිම තාප අස්ථායි/සංවේදි ය.
  9. එන්සයිම උපස්තරයට අධිකව විශිෂ්ටයි /උපස්තර විශිෂ්ටයි./ එක් ප්‍රතික්‍රියාවක් පමණක් උත්ප්‍රේරණය කරයි.
  10. එන්සයිමය ක්‍රියා කරන ප්‍රතික්‍රියකය උපස්තරය ලෙස හැඳින්වේ.
  11. එන්සයිමය උපස්තරයට බැඳී, එන්සයිම – උපස්තර සංකීර්ණය සාදයි.
  12. එය කෙටි කාලීනයි/ අස්ථායී ය.
  13. (එන්සයිමයේ උත්ප්‍රේරක ක්‍රියාවලිය මඟින්) උපස්තරය, ඵල බවට පත් වේ.
  14. උපස්තරය එන්සයිමයේ විශිෂ්ට ස්ථානයකට බැඳේ. එය සක්‍රිය ස්ථානයයි.
  15. සක්‍රිය ස්ථානය සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල කිහිපයක් මඟින් පමණි.
  1. සක්‍රිය ස්ථානයෙහි හැඩය, එන්සයිමයේ විශිෂ්ට උපස්තරයේ හැඩයට අනුපූරක වේ.
  2. එන්සයිම ක්‍රියාරීත්වය ප්‍රේරිත සීහුම් යන්ත්‍රණය මඟින් පහදා දේ. එයට අනුව,
  3. එන්සයිමයේ සක්‍රිය ස්ථානය සැම විටම උපස්තරයට සම්පූර්ණයෙන් ම අනුපූරක නොවේ.
  4. එන්සයිමය දැඩි ව්‍යුහයක් නොවන නිසා/ නම්‍යශීලී ව්‍යුහයක් නිසා,
  5. එන්සයිමය හා උපස්තරය අතර ඇති වන අන්තර්ක්‍රියාව හේතුවෙන් එන්සයිමයේ සක්‍රිය ස්ථානයේ හැඩය මඳක් වෙනස් විය හැකි ය.
  6. ඒ නිසා උපස්තරය හා සක්‍රිය ස්ථානය තදින් ගැළපීම සිදුවේ/ එකිනෙකට අනුපූරක වේ.
  1. එමගින් එන්සයිමයට වඩාත් සාර්ථක ලෙස ක්‍රියා කිරීමට හැකි වේ.
  2. සමහර එන්සයිමවලට සහසාධක නමින් හඳුන්වන ප්‍රෝටීන නොවන සාධක අවශ්‍ය වේ.
  1. සමහර ඒවා ඉතා තදින් බැඳී, ස්ථිර ලෙස පවතී.
  2. අනෙකුත් ඒවා තාවකාලිකව හා ලිහිල්ව බැදී පවතී.
  3. ලිහිල්ව බැඳී පවතින සහසාධක යම් යම් තත්ත්ව යටතේ දී ප්‍රතිවර්ත්‍ය වේ.
  4. සහසාධක කාබනික හෝ අකාබනික විය හැකිය.
  5. කාබනික සහසාධක සහඑන්සයිම නම් වේ.

  6. උදා: විටමිනවල ව්‍යුත්පන්න, NAD, FAD, බයොටීන්
  7. අකාබනික සහසාධක වලට  Zn2+, Fe2+, Cu2+, Mg2+,  Cl- වැනි අකාබනික අයන අයත් වේ.

  8. එන්සයිම ක්‍රියාකාරිත්ව ශීඝ්‍රතාවට විවිධ සාධක බලපායි.
  9. එන්සයිමීය ප්‍රතික්‍රියාවක වේගය කෙරෙහි pH අගය බලපායි./එන්සයිම යම් pH පරාසයක් තුළ ඉතා කාර්යක්ෂමව ක්‍රියා කෙරේ. /
  10. ඉහළ ම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයක් ඇති pH අගය එම එන්සයිමයේ ප්‍රශස්ත pH අගයයි.
  11. එන්සයිමීය ප්‍රතික්‍රියාවක වේගය කෙරෙහි උෂ්ණත්වය බලපායි.
  12. ප්‍රතික්‍රියාවේ වේගය උපරිම වන ලක්ෂ්‍ය (උෂ්ණත්වය), ප්‍රශස්ත උෂ්ණත්වය ලෙස හැඳින්වේ.
  13. ප්‍රශස්ථ උෂ්ණත්වයට ළඟා වන තුරු උෂ්ණත්වය වැඩිවන සෑම 10Coකටම එන්සයිම ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය දෙගූණ වේ.
  14. ප්‍රශස්ත උෂ්ණත්වයට ඉක්මවා උෂ්ණත්වය වැඩි වූ විට එන්සයිම අණුවල දුස්වාභාවිකරණය නිසා/ සක්‍රිය ස්ථානයේ හැඩය වෙනස් වීම නිසා, 
  15. සක්‍රිය ස්ථානයේ අනුපූරක ස්වභාවය වෙනස් වීමෙන්
  16. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු වීම ඇරඹී, කිසියම් (නිශ්චිත) උෂ්ණත්වයක දී එය සම්පුර්ණයෙන් නවතී.
  17. එන්සයිමීය ප්‍රතික්‍රියාවක වේගය කෙරෙහි උපස්තර සාන්ද්‍රණය බලපායි.
  18. උපස්ථර සාන්ද්‍රණය වැඩිවන විට එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි වේ.
  19. එන්සයිම වල ක්‍රියාකාරිත්වය නිශේධක මගින් අක්‍රිය කරවයි.
  20. නිශේධක එන්සයිමයට ස්ථීර ලෙස හෝ තාවකාලිකව හෝ බැඳී “එන්සයිම-උපස්තර සංකීර්ණය” සෑදීම වැළැක්වීම මගින් එන්සයිමීය ප්‍රතික්‍රියාවක වේගය අඩු කිරීම හෝ නවතා දැමීම සිදු කරයි.
  21. නිශේධක එන්සයිම වලට බැඳෙන ආකාරය අනුව කොටස් දෙකකට බෙදේ,
  22. අප්‍රතිවර්ත්‍ය නිශේධක  
  23. එන්සයිම සමඟ සහසංයුජ බන්ධන මගින් ස්ථිරවම බැඳෙන නිශේධක වේ.
  24. උදා:  විෂ, ධූලක, බැරලෝහ, සයනයිඩ්
  25. ප්‍රතිවර්ත්‍ය නිශේධක  
  26. දුර්වල බන්ධන මගින් ප්‍රතිවර්ත්‍ය ලෙස එන්සයිම සමඟ බැඳෙන නිශේධක වේ.
  1. උදා: ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව භාවිත කරන ඖෂධ.
  1.  තරගකාරි නිශේධක
  2. බොහෝ තරගකාරි නිශේධක, ප්‍රතිවර්ත්‍ය නිශේධක වේ.
  3. තරගකාරි නිශේධක වල හැඩය උපස්තරයේ හැඩය හා ස්වභාවයට බොහෝදුරට සමාන නිසා ඒවා සමහර එන්සයිමවල සක්‍රිය ස්ථානය සඳහා වරණීය ලෙස තරග කරමින් එන්සයිමීය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු කරයි.
  1. තරගකාරී නොවන නිශේධක
  2. උපස්තර අණු සමඟ තරග නොකරයි.
  3. මේවා සක්‍රිය ස්ථාන හැර එන්සයිමයේ වෙනත් කොටසකට බැදීම හේතුවෙන් එන්සයිමීය ප්‍රතික්‍රියාවට බාධා කරයි.
  1. සෛලයක් තුළ එන්සයිම ක්‍රියාකාරිත්වය යාමනය කරන යන්ත්‍රණ කිහිපයකි.
  2. ඇලොස්ටරික සක්‍රියනය හා නිශේධනය
  1. සහයෝගීතාව
  1. ප්‍රතිපෝෂී නිශේධනය

(කරුණු 56 × 2.7 = ලකුණු 150)

6.    (a) ජානමය ලෙස විකරණය කරන ලද ජීවීන් යනු කවරේද?

  1. ජාන ඉංජිනේරු ශිල්ප ක්‍රම මගින් අතිරේක ලක්ෂණයක් හඳුන්වා දෙනු ලබන ධාරකයා ප්‍රවේණිකව විකරණය කළ ජීවියකු/ ජානමය ලෙස විකරණය කරන ලද ජීවියකු ලෙස නම් කෙරේ.
  2. මෙහිදී වෙනස් විශේෂ දෙකක් හෝ වැඩි ගණනක DNA එකට සම්බන්ධ කර නව ප්‍රවේණික සංකලන ලබා ගැනීමට ධාරකයෙකු තුළට ඇතුළු කරයි.
  3. වෙනත් ජීවියෙකුගෙන්/ බැක්ටීරියා/ ශාක/ සතුන්/ වයිරස්/ දිලීර වලින් මෙම ජානය ලබා ගනී.
  4. මේ සඳහා ජාන ඉංජිනේරු තාක්ෂණය/ ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය/ rDNA තාක්ෂණය භාවිත කරයි.
  5. මෙය ස්වභාවිකව දක්නට නොලැබෙන සංයෝජනයකි.

කරුණු 4 x 4 = ලකුණු 16

(b)     වෛද්‍ය විද්‍යාවේදී, කෘෂිකර්මාන්තයේදී සහ කර්මාන්ත වලදී ජානමය ලෙස විකරණය කරන ලද ජීවීන්ගේ

           භාවිතය පැහැදිලි කරන්න.

  1. පලිබෝධ ප්‍රතිරෝධී/ කෘමි ප්‍රතිරෝධී බෝග,
  2. බඩ ඉරිඟු/අර්තාපල්/ කපු/ කැනෝලා,
  3. Bacillus thuringiensis ගෙන් ලබා ගන්නා ජාන/ BT ජානය භාවිත කර ඇත.
  4. වෛරස  රෝගවලට ප්‍රතිරෝධී බෝග,
  5. පැපොල් මුදු පුල්ලි වයිරසයට ( PRSV) ප්‍රතිරෝධී නව පැපොල් ප්‍රභේද
  1. වල් නාශකවලට ඔරොත්තුදෙන / වල් නාශක වලට ප්‍රතිරෝධී,
  2. ග්ලයිෆොසේට් ඔරොත්තු දෙන භෝග/ RoundUp Ready භෝග.
  3. උදා: ඉරිඟු, කපු, කැනෝලා, සෝයා බෝංචි, බීට් රූට් සහ තිරිඟු
  1. පෝෂක අගය/ ගුණාත්මක බව වැඩිකරන ලද බෝග,  
  2. ට්‍රයිග්ලිසරයිඩ් සංඝටකය වැඩි කළ GM කැනෝලා ප්‍රභේද
  1. පාරිසරික ආතති දරා ගැනීමට ප්‍රවේණිකව විකරණය කළ බෝග
  2. නියං ප්‍රතිරෝධය සහිත බඩ ඉරිගු/ සෝයාබෝංචි
  3. ලවණවලට ඔරොත්තු දෙන ශාක නිපදවීම.
  4. වෛද්‍ය විද්‍යාවේ භාවිත
  5. E. coli භාවිතයෙන් මානව ඉන්සියුලින් නිපදවා ගැනීමයි.  
  6. මානව වර්ධක හෝමෝනය
  7. හෙපටයිටිස් B එන්නත, යීස්ට් තුළ නිපදවෙන ප්‍රතිසංයෝජිත එන්නතකි.
  8. GM ක්ෂීරපායි සෛල VIII සාධකය නිස්සාරණය කිරීමට භාවිත වේ. VIII සාධකය හිමොෆිලියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිතයට ගනී.
  9.  පටක ප්ලාස්මිනෝජන් සක්‍රියකය (tPA) හෘදයාබාධ වලට සහ ආඝාත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිත වේ.
  1. ජාන චිකිත්සාව -  ලියුකේමියාවට ප්‍රතිකාර කිරීම/  දෑකැති හැඩැති රක්තහීනතාවය ප්‍රතිකාර කිරීම
  2. GM කෘමීන්/වඳ කෘමි තාක්ෂණය,  කෘමි වාහකයන් නිසා සෑදෙන රෝග පාලනයට යොදවනු ලැබේ. උදා: මැලේරියාව පාලනය සඳහා
  1. ලාභදායක ඖෂධ කර්මාන්තය
  2. කයිමොසීන් - රෙනින් හෝ රෙනට් /ඇමයිලොමෝල්ටේස් එන්සයිම  නිපදවීම.
  3. ක්ෂාලක නිපදවීම.
  4. පැණි රස කාරකයක්/ ආහාර ආකලන ද්‍රව්‍යයක් වන aspartame නිපදවීම.

ඕනෑම කරුණු 20 × 4 – ලකුණු 80

(c)    ජානමය ලෙස විකරණය කරන ලද කෘෂිකාර්මික බෝග භාවිතය පිළිබඳ ඇති ගැටලු මොනවාද?

  1. මිනිසාට අවදානමක් ඇති කිරීමේ විභවයක් ඇත. / සෞඛ්‍ය ගම්‍යාර්ථ (Implications) ඇති කිරීමේ විභවයක් ඇත.
  2.  GM ආහාර පරිභෝජනය/ GM භෝගවල පරාග ආශ්වාස කිරීම නිසා
  3. අසාත්මිකතාව වර්ධනය වීම
  4. ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජානවල තිරස් ජාන හුවමාරුව/ආන්ත්‍ර බැක්ටීරියා තුළට ප්‍රතිජීවක ප්‍රතිරෝධිතාව මාරුවීම (සලකුණු ලෙස ප්‍රතිජීවක භාවිත කිරීම නිසා).
  1. ඉලක්ක නොවන කෘමීන්ට හානි වීම.
  2. පර පරාගනය මගින්
  3. ආගන්තුක ජාන එම භෝගයේම වෙනත් GM නොවන ප්‍රභේද වලට සහ භෝගයේ වල් දර්ශ බන්ධුන්ට මාරු විය හැකිය. / ශාක තුළට අනපේක්‍ෂිත ජාන මාරුව / ජාන ගලනය,
  4. Bt. ජාන වල් දර්ශ ශාක වෙත හුවමාරු වූ විට ඒවා මත යැපෙන කෘමීන් මිය යෑම
  5. වල් නාශක ප්‍රතිරෝධී ජාන වල් පැළෑටිවලට හුවමාරු වූ විට ඒවා එම වල් නාශකය භාවිත කර පාලනය කළ නොහැකි වීම/ සුපිරි වල් පැළෑටි බවට පත් වීම.
  6.  ස්වාභාවිකව වැඩෙන ශාක තුළ ආගන්තුක ජාන පැතිර යමෙන් ජාන දූෂණය සිදුවීම.
  7.  වල් නාශක ඔරොත්තු දෙන භෝග වගාව නිසා වල්නාශක පමණ ඉක්මවා භාවිතයට නැඹුරු වීමට ඇති හැකියාව.
  8. GM භෝග ප්‍රමුඛව වගා කිරීම නිසා භෝග විවිධත්වය/ ජාන විවිධත්වය අඩු වීම./ භෝග ජාන සංචිතයෙන් ජාන ඉවත් වීම.
  9. භෝග විවිධත්වය අඩු වීම නිසා පාරිසරික බලපෑම් වලට ඔරොත්තු දීමද ඉතා අඩු වීම/ තනි පාරිසරික සිදුවීමකින් සම්පුර්ණ වගා ක්ෂේත්‍රයම විනාශ විය හැකි අතර එය සාගතයකට මග පාදයි.
  1. GM භෝගවල අයිතිය පේටන්ට් බලපත්‍ර ලාභීන් සතුවීම නිසා බීජ වලට අධික මිලක් ගෙවීමට සිදු වීම.
  2. භාවයේ පවතින ජාන අඩංගු බෝග සහ ජෛව විද්‍යාත්මක සම්පත් සඳහා පේටන්ට් නිකුත් කිරීම සදාචාරාත්මකව නිවැරදි ද යන ගැටලුව.
  3. ජෛව කොල්ලකෑම හෝ ස්වභාවික සම්පත්වල විදේශිය භාවිතය
  4. GM නොවන ලෙස ලේබල් කර ඇති නිෂ්පාදන බොහෝ විට GM වලින් දූෂණය වී තිබීම.
  5. GMO සෑදීමේ දී ස්වභාවය හැසිරවීම ඇතැම් ආගම් වල විශ්වාසයන්ට විරුද්ධව කටයුතු කිරීමකි.

කරුණු  18 x 3 = ලකුණු 54

(මුලු ලකුණු = 16 + 80 + 54 = 152)

7.       ක්ෂුද්‍ර ජීවී ආසාදන වලට එරෙහිව මිනිස් දේහයේ ඇති විශිෂ්ට නොවන ආරක්ෂක යන්ත්‍රණ පිළිබඳ විස්තරයක්

           සපයන්න.

  1. විශිෂ්ට නොවන ආරක්ෂක යන්ත්‍රණ/ සහජ ප්‍රතිශක්තියේ දී, ව්‍යාධිජනකයන් කාණ්ඩයකට පොදු වූ ලක්ෂණ මත ඔවුන් හඳුනා ගැනීම හා ඒ සඳහා ආරක්ෂණ ප්‍රතිචාර දැක්වීම රඳා පවතී.
  2. සහජ ප්‍රතිශක්තිය මඟින් ව්‍යාධිජනක හා ආගන්තුක ආක්‍රමණවලට එරෙහි ක්ෂණික නමුත් පොදු ආරක්ෂාවක් සලසා දෙයි.
  1. බාහිර බාධක (බාහිර ආරක්ෂණය/ බාධක ආරක්ෂණය)
  2. අභ්‍යන්තර විශිෂ්ට නොවන ආරක්ෂණය (අභ්‍යන්තර ආරක්ෂණය)
  1.  ව්‍යාධිජනකයන්ට හා ආගන්තුක ද්‍රව්‍යවලට දේහය විනිවිද ගොස් ඇතුළු වීමට ඇති ඉඩකඩ අසුරා ලයි.
  2. මේවා භෞතික හා රසායනික බාධක ලෙස ක්‍රියා කරයි.
  3. එය පළමු පෙළ ආරක්ෂණය ලෙස සලකනු ලබයි. උදා:
  4. සමෙහි හමුවන බාහිර ආරක්ෂණ හෝ බාධක
  5. ශ්ලේෂ්මල පටලය
  6. විවිධ අවයව නිකුත් කරන ස්‍රාවයන්  ක්‍රියා කරනු ලබයි.
  1.  එය භෞතික බාධකයක් ලෙස ක්‍රියා කරන්නේ.
  2. ඉතා සමීපව ඇසිරුණ කෙරටිනීභූත සෛල ස්තර ගණනාවකින් සමන්විත අතර,
  3.  ක්ෂුද්‍ර ජීවී එන්සයිම මගින් පහසුවෙන් බිඳ නොවැටෙන බැවිනි.
  4. අපිචර්මයේ සෛල වරින් වර ඉවත් කිරීම මගින් සම මතුපිට සිටින ක්ෂුද්‍රජීවීන් ඉවත් කිරීමක් ද සිදු වෙයි.
  1. දේහය තුළ ඇති විවිධ කුහරමය ව්‍යුහ ආවරණය කරමින් බොහෝ ක්ෂුද්‍රජීවීන් ඇතුල් වීමට එරෙහි භෞතික බාධකයක් ලෙස ක්‍රියා කරයි.
  2. උදා: ශ්වසන මාර්ගයේ ආස්තරණය/ මුත්‍ර මාර්ගයේ ආස්තරණය/ ආහාර මාර්ගයේ ආස්තරණය/ ප්‍රජනක මාර්ගයේ ආස්තරණය/ කෝටරක ආස්තරණය
  3. ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මල පටල මගින් ස්‍රාවය කරන ශ්ලේෂ්මල ක්ෂුද්‍ර ජීවීන් රඳවා ගනී.
  4. ශ්වසන මාර්ගයේ ශ්වාස නාලයේ අනුශ්වාස නාලයේ අපිච්ඡදයේ පක්ෂම මගින් ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කරයි.
  5. කැස්ස කිවිසීම මගින් කුහුදු ජීවීන් ස්වසන මාර්ගයෙන් ශ්වාසනාලයෙන් අනුශ්වාස නාල වලින් දේහයෙන් බැහැර කරයි.
  1. විවිධ දේහ අවයව මගින් ස්‍රාවය කරන ස්‍රාව රසායනික හා භෞතික බාධක ලෙස ක්‍රියා කරමින්
  2.  සමේ සහ ශ්ලේෂ්මල පටලවල මතුපිට අපිච්ඡද පෘෂ්ඨය ආරක්ෂා කිරීමට උදවු කරයි.
  3. උදා: කදුළු,
  4. ඛේටය,
  5. ස්වේදය
  1. කඳුළු මගින් ඇසට ක්ෂුද්‍රජීවීන්ගෙන් හා උද්දීපක වලින්  ආරක්ෂාව සපයයි.  
  2. නිරන්තරයෙන් ඇස සේදීමට ලක් කරමින්, ක්ෂුද්‍ර ජීවීන් තනුක කිරීමත්,
  3. ඇසේ මතුපිට තැන්පත් වීමත් වළක්වමින් ඇස ආරක්ෂා කරයි.
  1. මුඛයේ පෘෂ්ඨයේ සිටින ක්ෂුද්‍රජීවීන් සේදීමට ලක් කරමින් මුඛය තුළ ක්ෂුද්‍රජීවීන් ඝනාවාසීකරණය අඩු කරවයි.
  2. මුඛයේ  බැක්ටීරියා සහ දිලීර වැනි ක්ෂුද්‍රජීවි ගහණ තනුක කිරීමත්,
  3. කඳුළු, ඛේටය, ස්වේද ස්‍රාවය සහ ශ්ලේෂ්මල වැනි ස්‍රාවයන්හි අඩංගු වන ලයිසොසයිම් මඟින් ඇතැම් බැක්ටීරියාවන්ගේ සෛල බිත්ති විනාශ කරයි.
  4. ආමාශයික යූෂයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් බොහෝ බැක්ටීරියාවන් හා ආහාර ද්‍රව්‍ය සමග අධිග්‍රහණය වූ බැක්ටීරියා ධූලක(විෂ) විනාශ කරනු ලබයි.
  5. සමේ ස්වේද හා ස්නේහ ස්‍රාවි ග්‍රන්ථිවල ස්‍රාවයන් මඟින් සමට ආම්ලික බවක් ලබා දෙමින් බැක්ටීරියා වර්ධනය වීම වළක්වයි.
  1. ව්‍යාධිජනකයන් මිනිස් සිරුරේ ඇති බාහිර ආරක්ෂණ බාධකවලට අයත් සම හා ශ්ලේෂ්මල පටල විනිවිද ගොස් දේහය තුළට ඇතුළු වීමට උත්සාහ කරන විට  ක්‍රියාත්මක වෙයි.
  2. ප්‍රතිශක්ති පද්ධතියට අයත් විශිෂ්ට සෛල මත ඇති ප්‍රතිග්‍රාහක අණු මගින් තමාගේ නොවන සෛල හඳුනා ගැනීම සිදු කරයි.
  1. භක්‍ෂක සෛල,
  2. ස්වාභාවික නාශක සෛල(natural killer cells),
  3. ප්‍රතික්‍ෂුද්‍රජීවී ප්‍රෝටීන, හා
  4. ප්‍රදාහක ප්‍රතිචාර වලින් සමන්විත ය.
  1. නියුට්‍රොෆිල හා
  2. මොනොසයිට/ මහා භක්ෂාණු වේ.
  3. ව්‍යාධි ජනක ක්ෂුද්‍ර ජීවීන්, භක්ෂකසෛලිකතාව මගින් විනාශ කරයි./අධිග්‍රහණය කර විනාශ කරනු ලබයි.
  1. වසා සෛල වර්ගයක් වේ.
  2. රුධිරයේත්, ප්ලීහාව, වසා ගැටිති වැනි ඇතැම් පටක හෝ අවයවවලත් පවතියි.
  3. අසාමාන්‍ය සෛලවල මතුපිටට සම්බන්ධ වී ඒවා විනාශ කළ හැකි රසායන ද්‍රව්‍ය මුදා හැර, ඒවා විනාශයට ලක් කරයි.
  4. උදා: වයිරස ආසාදිත දේහ සෛල හා සමහර පිළිකා සෛල
  1. රුධිරයේ හා අන්තරාල තරලයේ අඩංගු වේ.
  2. ක්ෂුද්‍රජීවීන්ට සෘජුව පහරදීම හෝ ඔවුන්ගේ ප්‍රජනනයේ දී අනපේක්ෂිත ලෙස පහරදිම සිදු කරයි.
  3. උදා: ඉන්ටෆෙරෝන්
  4. අනුපූරක ප්‍රෝටීන
  1. වයිරස මගින් ආසාදනයට ලක් වූ දේහ සෛලවලින් ස්‍රාවය වේ
  2. ආසාදනය නොවූ යාබද සෛල වෙත විසරණය වී, එම සෛලවලින් ‘ප්‍රතිවයිරස ප්‍රෝටීන‘ ස්‍රාවය වීම උත්තේජනය කරවයි.
  3. ඇතැම් ඉන්ටෆෙරොන් මගින් මහාභක්ෂාණු සක්‍රිය කරවා භක්ෂක ක්‍රියාකාරිත්වය වැඩි කරවයි.
  1. රුධිර ප්ලාස්මාවේ හා ප්ලාස්ම පටලවල පවතින සාමාන්‍යයෙන් අක්‍රිය ප්‍රෝටීන කාණ්ඩයකි.
  2. මේවා සක්‍රිය වීමෙන්, (ජෛව රසායනික ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ) ආක්‍රමණික සෛල බිඳ දැමීම සිදු කරයි.
  3. භක්‍ෂ සෛලකතාව හා
  4. ප්‍රදාහක ප්‍රතිචාරය ඉහළ නංවයි.
  5. ප්‍රදාහක ප්‍රතිචාර ක්ෂුද්‍රජීවී ආසාදනයක් හෝ පටක තුවාල වීමක් මගින් ක්‍රියාරම්භ කරන පටක හානියකට දේහය තුළ ඇති වන සහජ ප්‍රතිශක්ති ආරක්ෂණ ප්‍රතිචාරයයි.
  6. හානියට ලක් වූ ස්ථානයේ දී ක්ෂුද්‍රජීවීන් විනාශ කර, වෙනත් පටක කරා පැතිරී යෑම වළක්වා ලීම සහ පටක අලුත්වැඩියාව දිරි ගැන්වීම ප්‍රදාහය මගින් සිදු වේ.
  7. ප්‍රදාහයේ සලකුණු හා රෝග ලක්ෂණ වනුයේ රතු වීම, රත් වීම, ඉදිමීම හා වේදනාවයි.
  8. තුවාලය හෝ ආසාදනය හෝ දරුණු නම් සංස්ථානික ප්‍රතිචාර (දේහය පුරා) ලෙස උණ හට ගනී.

ඕනෑම කරුණු 56 × 2.7 =  151

උපරිම ලකුණු 150

8. (a)  දික් කඩකින් පෙනෙන පරිදි ෆ්ලෝයම පටකයේ ව්‍යුහය පෙන්වීම සඳහා සම්පූර්ණයෙන් නම් කරන ලද රූප

            සටහනක් අඳින්න.

(b) ප්ලෝයම පටකය තුළින් කාබනික ද්‍රව්‍ය වල පරිසංක්‍රමණයේ වැදගත් ලක්ෂණ විස්තර කරන්න.

  1. ප්ලෝයම පටකය ඔස්සේ පරිවහනය වන ප්‍රධාන කාබනික සංයෝගය සුක්රෝස් ය.
  1.  ඇමයිනෝ අම්ල,
  2. හෝමෝන/ වර්ධක ද්‍රව්‍ය
  3. බනිජ
  4. අකාබනික අයන  ද  පරිවහනය වේ.
  5. පරිවහනය දෙදිශාවටම සිදුවිය හැක./ ද්වි දිශාත්මකය.
  6. පරිසංක්‍රමණය සිදු වන්නේ සීනි ප්‍රභවයේ සිට සීනි අපායනය දක්වා ය.
  7. සීනි ප්‍රභවය යනු ප්‍රභසංස්ලේෂණය මඟින් හෝ
  8. පිෂ්ඨය බිඳ හෙළීමෙන් ශුද්ධ සීනි නිෂ්පාදකයා ලෙස ක්‍රියා කරන අවයවය යි.  උදා:ශාක පත්‍ර
  9. පරිසංක්‍රමණය අවසාන කෙරෙන පටකය අපායනය ලෙස හැඳින්වේ.
  10. අපායනය ලෙස වර්ධනය වන මුල්/ කඳන්/ අංකුර/ ඵල  ක්‍රියා කරයි.
  11. සාමාන්‍යයෙන්, අපායනය තමාට ආසන්තම ප්‍රභවයෙන් සීනි ලබා ගනී.
  12. (සමහර විශේෂවල පත්‍ර) මධ්‍ය සෛලවල සිට පෙනේර නල ඒකක තුළට සිම්ප්ලාස්ටය ඔස්සේ ප්ලාස්මබන්ධ හරහා සීනි ඇතුළු වෙයි.
  13. ආවෘත බීජක ශාකවල ප්ලෝයම පරිසංක්‍රමණය “පීඩන- ප්‍රවාහ කල්පිතය” මගින් පැහැදිලි කරනු ලබයි.
  1.  පළමුව ප්‍රභවයේ දී, පරිවර්තක සෛල/ විකරණය වූ සමහර සහචර සෛල විසින්
  2. සුක්රෝස්, පෙනේර නළ ඒකක තුළට පරිවහනය කිරීම එනම් බැර කිරීම සිදු කරයි.
  3. මෙය සාන්ද්‍ර අනුක්‍රමණයකට එරෙහිව
  4. සක්‍රියව/ ATP භාවිතා කර/ පරිවෘත්තීය ශක්තිය භාවිත කර සිදු කරයි.
  5. පෙනේර නළ තුළට සුක්රෝස්/සීනි බැර වීම නිසා
  6. ප්‍රභවය අසල පෙනේර නළ ඒකක තුළ ජල විභවය අඩු වේ.
  7. මෙය පෙනේර නළ තුළට යාබද ශෛලමයේ සිට
  8. ආස්‍රැතිය මඟින් ජලය ඇතුළු වීමට හේතු වේ.
  9. මේ ජලය ඇතුළු වීමෙන් ධන (ද්‍රවස්ථිතික) පීඩනයක් ඇති වේ.
  10. අපායනයේ දී සීනි හර කිරීම (ප්ලෝයම හර කිරීම) හා ඒ සමග
  11. ජලය ආස්‍රැතියෙන්
  12. ප්ලෝයමයේ සිට ශෛලමය වෙත ඉවත් වීමත් නිසා
  13. (ද්‍රවස්ථිතික) පීඩනය අඩු වේ.
  14. ප්‍රභවයේ සිට අපායනය දක්වා පීඩන විභව අනුක්‍රමණයක් හට ගනී.
  15. එමඟින් සුක්‍රෝස් ද්‍රාවණය පෙනේර නලය ඔස්සේ
  16. අක්‍රීයව,
  17. ප්ලෝයම යුෂය ප්‍රභවයේ සිට අපායනයට 1m/hour වේගයෙන්
  18.  තොග ප්‍රවාහයක් ලෙස
  19. ධන පීඩනයක් යටතේ ගමන් කරයි.

ඕනෑම කරුණු 33 x 4 = ලකුණු 132

නම් කරන ලද නිවැරදි රූප සටහන = ලකුණු 18 උපරිම ලකුණු 150

9.   මිනිසාගේ සමස්ථිතිය පවත්වා ගැනීමෙහිලා හයිපොතැලමසෙහි කාර්යභාරය පැහැදිලි කරන්න.

  1. සමස්ථිතිය යනු නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගැනීමය.
  2. දේහ උෂ්ණත්වය සාමාන්‍ය පරාසයෙන් පිටත ඇති විට,
  3. මොළයේ හයිපොතැලමසේ ස්නායු සෛල කාණ්ඩයක් /දේහ උෂ්ණත්වය පාලන මධ්‍යස්ථානය
  4. උෂ්ණත්ව පාලකය ලෙස ක්‍රියා කරමින් දේහ උෂ්ණත්වය යාමනයි කරයි.
  5. නියමිත මට්ටමට වඩා දේහ උෂ්ණත්වය වැඩි වූ විට
  6. සමේ උණුසුම් ප්‍රතිග්‍රාහක මඟින්
  7. ඉහළ පර්යන්ත උෂ්ණත්වය (උදා: පුද්ගලයා උණුසුම් වටපිටාවක සිටින විට) අනාවරණය කර ගනී.
  8. ඉහළ දේහ ගැඹුරු උෂ්ණත්වය (උදා: ව්‍යායාම කිරීමෙන් පසු දේහය තුළ ඉහළ යන තාප ජනනය නිසා)  හයිපොතැලමස හරහා උණුසුම් රුධිරය ගලා යන විට,
  9.  හයිපොතැලමීය උෂ්ණත්ව සංවේදී ස්නායු අන්ත මගින් අනාවරණය කරගනී.
  10. මේ ස්නායු ආවේග හයිපොතැලමස තුළ පිහිටි “දේහ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානය” (උෂ්ණත්ව පාලකය) වෙත යවයි.
  11. ප්‍රතිචාරයක් ලෙස හයිපොතැලමසේ උෂ්ණත්ව පාලකය මඟින්
  12. තාප හානි යන්ත්‍රණ සක්‍රිය කිරීමටත්
  13. තාප ජනන යන්ත්‍රණ නිෂේධනය කිරීමටත් ස්නායු ආවේග යවයි.
  14. එමඟින් දේහ උෂ්ණත්වය නියමිත මට්ටම දක්වා අඩු කරයි.
  15. පහත දැක්වෙන තාප හානි යන්ත්‍රණ මගින් දේහ උෂ්ණත්වය (සාමාන්‍ය මට්ටම් තෙක්) අඩු කිරීම දිරි ගන්වයි.
  16. සමෙහි රුධිරවාහිනී විස්තාරණය වීම මගින්
  17. සමේ පෘෂ්ඨයෙන් තාපය විකිරණය සිදු කරයි.
  18. ස්වේද ග්‍රන්ථිවලින් ස්වේද ස්‍රාවය වැඩි කරයි.
  19. එය වාෂ්පීභවන සිසිලනය මඟින් තාපය විසුරුවා හැරීමට හේතු වේ.
  20. නියමිත මට්ටමට වඩා දේහ උෂ්ණත්වය අඩු වූ විට
  21. පහළ පර්යන්ත උෂ්ණත්වය (ශීතල වටපිටාවක් ඇති විට) සමෙහි පිහිටි සීතල ප්‍රතිග්‍රාහක මගින්

අනාවරණය කරයි.

  1. අඩු ගැඹුරු දේහ උෂ්ණත්වය (දේහය තුළ වැඩි තාප හානිය සහ අඩු තාප ජනනය නිසා) හයිපොතැලමසේ උෂ්ණත්ව සංවේදි ස්නායු අන්ත මගින් අනාවරණය කර ගනී.
  2. මේ ස්නායු ආවේග හයිපොතැලමසේ දේහ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානයට යවයි.
  1. තාපලාභී යන්ත්‍රණ සක්‍රිය කිරීමටත්
  2. තාප හානි යන්ත්‍රණ නිෂේධනයටත් ආවේග යවයි.
  3. එමගින් දේහ උෂ්ණත්වය පෙර පැවති නියමිත මට්ටම දක්වා වැඩි වේ.
  4. පහත දැක්වෙන තාප සංරක්ෂණ සහ තාපලාභී යන්ත්‍රණ දේහ උෂ්ණත්වය වැඩි වීම දිරි ගන්වයි.
  5. සමෙහි රුධිරවාහිනී සංකෝචනය කරමින්, සමේ පෘෂ්ඨය හරහා වන තාප හානිය අඩු කරයි.
  6. වෙව්ලීම: කංකාල පේශිවල ශීඝ්‍ර පුනරාවර්තී සංකෝචන මඟින් තාප ජනනය.
  7.  යම් ප්‍රමාණයක තාප ජනනය සඳහා රෝම උද්ගාමක පේශිය සංකෝචනය
  8. තයිරොයිඩ් හෝමෝන (තයිරොක්සින්) සහ ඇඩි්‍රනලින් රුධිරයට වැඩිපුර ස්‍රාවය උත්තේජනය:
  9. එමගින් වැඩිපුර තාපය නිපදවීම සඳහා පරිවෘත්තී ශීඝ්‍රතාව සහ
  10. සෛලීය පරිවෘත්තිය (විශේෂයෙන් අක්මාවේ මේද ඔක්සිකරණය) වැඩි කරයි.
  11. පිපාසය සහ
  12.  ජල තුල්‍යතාව යාමනය/ රුධිර ජල සමස්ථිතිය/රුධිර ආස්‍රැති පීඩනය හයිපොතැලමස මඟින් යාමනය වේ.
  13. හයිපොතැලමසේ ආස්‍රැති ප්‍රතිග්‍රාහක ඇත.
  14. මොළය ඔස්සේ ගමන් කරන රුධිරයේ ආස්‍රැති මොලිකතාව/ අස්‍රැති පීඩනය ඒවා මගින් අනාවරණය කර ගනී.
  15. රුධිර ආස්‍රැති මොලිකතාව/ අස්‍රැති පීඩනය කායික විද්‍යාත්මක සීමා ඉක්මවා වැඩි වූ විට
  16. හයිපොතැලමසේ ආස්‍රැති ප්‍රතිග්‍රාහක මඟින් ඒ සංවේදනය ලබාගෙන
  17.  රුධිරයට ADH නිදහස් කිරීමට
  18. අපර පිටියුටරිය උත්තේජනය කරයි.
  19. ADH වෘක්ක නාලිකා මත ක්‍රියා කරමින්
  20. වෘක්කාණුවේ විදුර සංචලිත නාලිකාවෙන් සහ
  21. සංග්‍රාහක ප්‍රණාලයෙන්
  22. ජලය ප්‍රතිශෝෂණය උත්තේජනය කරමින් සාන්දු මුත්‍ර නිපදවයි.
  23. රුධිර ආස්‍රැති මොලිකතාව/ අස්‍රැති පීඩනය අඩු වූ විට.
  24. ADH ස්‍රාවය නොවන බැවින්
  25. වෘක්කාණුවේ විදුර සංවලිත නාලිකාව සහ සංග්‍රාහක ප්‍රනාලයේ ජල ප්‍රතිශෝෂණය නවතී.
  26.  එනිසා තනුක මුත්‍ර නිපදවයි.
  27. හයිපොතැලමස සමස්ථිතිය පවත්වා ගන්නේ පූර්ව පිටියුටරියේ ක්‍රියා යාමනය කිරීමෙනි./ තයිරොට්‍රෝෆීන් (TRH)නිදහස් කිරීමේ හෝර්මෝනය / කෝර්ටිකොට්‍රෝෆීන්(CRH) හෝර්මෝනය, නිදහස් කිරීමෙනි.
  28. රුධිරයේ සෝඩියම් අයන සාන්ද්‍රණය පවත්වා ගන්නේ.
  29. ACTH / ඇල්ඩොස්ටෙරෝන් මගිනි.
  30. සාමාන්‍ය පරිවෘත්තීය පරිවෘත්තීය සීඝ්‍රතාව පවත්වා ගන්නේ.
  31. TSH තයිරොක්සීන් මගිනි.
  32. හයිපොතැලමස ආහාර රුචිය යාමනය කරයි.
  33. පහර දීමේ හෝ පලා යෑමේ ප්‍රතිචාර ආරම්භ කරයි. එය සිදු කරන්නේ,
  34. ඇඩ්රිනලින් ( එපිනෙප්රින්) / නොඇඩ්රිනලින් (නොඑපිනෙප්රින්) මගිනි.
  35. ස්වයංසාධන ස්නායු පද්ධතිය පාලනය,
  36. අනුවේගී සහ
  37. ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය යාමනය කිරීම මඟින් සිදු කරයි.

ඕනෑම කරුණු 56 × 2.7 = ලකුණු 151

උපරිම ලකුණු 150යි.

10.    පහත සඳහන් ඒවා පිළිබඳ කෙටි සටහන් ලියන්න.

        (a) ප්‍රවේණි කේතය

  1. DNA/ RNA/ ජානයක, ඇති නියුක්ලියෝටයිඩ අනුපිළිවෙළ මගින්
  2. ඇමයිනෝ අම්ල අනුපිළිවෙළ තීරණය කරයි.
  3. ප්‍රෝටීන සංස්ලේෂණයේදී.
  4. කේතය කෝඩෝන වලින් සමන්විත වේ.
  5. ප්‍රවේණික කේතය යනු ත්‍රිත්ව කේතයකි. /කෝඩෝනයක නයිට්‍රජනීය භෂ්ම ත්‍රික අන්තර්ගත වේ.
  6. mRNAහි නියුක්ලියෝටයිඩ භස්ම ත්‍රිත්වය හෝ
  7.  ඇමයිනෝ අම්ල සැකසීම සඳහා කේතනය සැපයීම කෝඩෝනයක් (codon) ලෙස හැඳින්වේ.
  8. සෑම කෝඩෝනයක්ම එක් ඇමයිනෝ අම්ලයක් සඳහා විශිෂ්ට වේ.
  9. කෝඩෝන 64ක් පවතී.
  10. ඇමයිනෝ අම්ල සඳහා විශේෂිත වන්නේ කෝඩෝන 61ක් පමණි.
  11. සමහර ඇමයිනෝ අම්ල සඳහා (පිරිහුම් කේතයකි/ සමහර ඇමයිනෝ අම්ල පුනරාවර්තයි.)
  12. කෝඩෝන එකකට වඩා වැඩි ගණනකින් කේතය සපයයි.
  13. සමහර කෝඩෝන නැවතුම් කෝඩෝන/ නැවැත්වීමේ "stop" සංඥා/ සමාප්ති කෝඩෝන  ලෙස ක්‍රියා කරයි.  උදා : UAA, UAG සහ UGA
  14. ප්‍රෝටීන සංස්ලේෂණයේ දී AUG කෝඩෝනය/ මෙතයොනින් (Methionine/ Met)  ආරම්භක කෝඩෝනය ලෙස ක්‍රියා කරයි.
  15. කේතය අතිපිහිත නොවේ./ අනුයාතව පවතින ත්‍රික අනුපිළිවෙළින්/ ත්‍රිත්ව එකක් පිටුපස එකක් කියවනු ලැබේ.
  16. කේතය සර්වත්‍රය./ ආසන්න වශයෙන් සියලුම ජීවීන් පොදු ප්‍රවේණි කේතයක් පවතී.

(කරුණු 16)

(b)  AIDS

  1. නතු කරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය
  2. එය මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය නිසා ඇති වේ. (HIV)
  3. එය රෙට්‍රො  වයිරසයකි.
  4. ආවරණය වූ වයිරසයකි.
  5. ප්‍රෝටීන කොපුවක් ඇත.
  6. RNA අන්තර්ගත වේ.
  7. AIDS මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රමයෙන් අකර්මන්‍ය කරයි. (අවස්ථාවාදී ව්‍යාධිජනක ආසාදන ඇති කරයි.)
  1. ලිංගික සම්බන්ධතා
  2. දේහ තරල හරහා(රුධිරය, මස්තු)
  3. ජීවාණුහරණය නොවූ එන්නත් කටු,
  4. මවගේ සිට භ්‍රෑණයට ගර්භණී සමයේ දී,
  5. දරු උපතේ දී,
  6. මව් කිරි මඟින්
  1. ආහාර අරුචිය, බර අඩු වීම, උණ, නිව්මෝනියාව,  දීර්ඝව පවතින වියළි කැස්ස, Lymphoma (වසා පද්ධතියේ පිළිකා),
  2. ප්‍රතිශක්තිකරණ පද්ධතියේ බිඳ වැටීමක් ලෙස
  3. නිව්මෝනියාව හා වෙනත් රෝග ඇති වේ.

(කරුණු 16)

(c)    සාකොමියරය

  1. විලිඛිත පේශි සෛලයක/  කංකාල සහ හෘත් පේශි තන්තුවක(සෛල)
  2.  ඇති පුනරාවර්තී සංකෝචක ඒකකයයි.
  3. එක් තන්තුවක සාකොමියර කිහිපයක් පවතී.
  4. විශේෂිත ප්‍රෝටීනවලින් තැනුණු සිහින් සහ ඝන සංකෝචක සූත්‍රිකාවලින් සමන්විත පේශි කෙඳිති මගින් සාකොමියර තැනී ඇත.
  5.  (ප්‍රධාන වශයෙන්) ඇක්ටින් ප්‍රෝටීනවලින් තැනුණු
  6. සිහින් සූත්‍රිකා
  7. සාකොමියරයේ ඝන රේඛාවට/ Z – රේඛාවට සම්බන්ධව ඇත.
  8.  Z – රේඛාව සාකොමියරයේ සීමාවයි.
  9. මයෝසින් ප්‍රෝටීනවලින් තැනුනු
  10. ඝන සූත්‍රිකා
  11. සාකොමියරයේ මධ්‍ය ප්‍රදේශයේ M – රේඛාවට සවි වී ඇත.
  12. පේශි සෛලයක Z – රේඛා දෙකක් අතර ඇති ප්‍රදේශය සාකොමියරයයි.
  13. පේශි කෙඳිත්ත අක්‍රිය අවස්ථාවල දී
  14. ඝන හා සිහින් සූත්‍රිකා අර්ධ ලෙස අති පිහිත වී පිහිටයි.
  15. සාකොමියරයේ අග සිහින් සූත්‍රිකා පමණක් ඇත.
  16. සාකොමියරයේ මධ්‍ය පෙදෙසේ ඝන සූත්‍රිකා පමණක් දැකිය හැකි ය.

(කරුණු 16)

සම්පුර්ණයෙන් නම් කරන ලද නිවැරදි රූපය = ලකුණු 6

අර්ධ ලෙස නම් කරන ලද නිවැරදි රූපය = ලකුණු 3

නම් නොකරන ලද රූපයට ලකුණු නැත

කරුණු 16 + 16 + 16 = 48 × 3 = 144

රූප සටහන ලකුණු 6

උපරිම ලකුණු 150


         

      ගයාන් රත්නසූරිය B.Sc.(Colombo)                                Biologylab.org