පිළිතුරු විවරණය                                                                                                                                                             2013  රචනා    


5.    (a) ප්‍රෝටීන වල මූලික රසායනික ස්වභාවය සහ කෘත්‍ය විස්තර කරන්න.

  1. ඇමයිනෝ අම්ලවලින් සෑදි ඇත.
  2. ප්‍රෝටීන සැදීමට ඇමයිනෝ අම්ල අණු වර්ග විස්සක් සහභාගි වේ.
  3. මූලද්‍රව්‍ය සංයුතිය C,H,O, N සහ S වේ.
  4. ප්‍රෝටීන සියල්ල මහා අණු වේ.
  5. ඇමයිනෝ අම්ල වල රේඛීය බහුඅවයවික වේ.
  6. ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල පෙප්ටයිඩ බන්ධන මගින් බැඳී ඇත.
  7. ඇමයිනෝ අම්ල වල -NH2/ඇමයිනෝ කාණ්ඩයක් සහ
  8. -COOH කාණ්ඩයක්
  9. ඇල්කිල් / R කාණ්ඩයක් සහ හයිඩ්‍රජන් පරමාණුවක් ඇත.
  10. ඇමයිනෝ අම්ල උභයගුණී ගුණ පෙන්වයි.
  11. ප්‍රෝටීන වල සංකීර්ණ ව්‍යුහය ආකාර 4 කි.
  12. ප්‍රාථමික ව්‍යුහය
  13. පෙප්ටයිඩ් බන්ධන මගින් සම්බන්ධ වීමෙන් රේඛීයව සකස් වූ ඇමයිනෝ අම්ලවල අනන්‍ය අනුපිළිවෙළකි.
  14. ද්විතියික ව්‍යුහය
  15. එකම පොලිපෙප්ටයිඩ දාමයක පිටකොන්දේ ඇති, ඔක්සිජන් පරමාණු සහ නයිට්‍රජන්වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු අතර, ඇති වන අන්තඃ අණුක හයිඩ්‍රජන් බන්ධන නිසා
  16. ප්‍රාථමික ව්‍යුහය තැනී ඇති තනි පොලිපෙප්ටයිඩ දාමය දඟර ගැසීමෙන් සහ නැමීමෙන් ද්විතීයික ව්‍යුහය සෑදේ.
  1. α හෙලික්ස – උදා: කෙරටීන්
  2. β රැළිතල ආකාරය- උදා: මකුළුවාගේ සිල්ක් තන්තු
  3. තෘතීයික ව්‍යුහය
  4. ඇමයිනෝ අම්ලවල අංශදාම/ R කාණ්ඩ අතර, ඇති වන අන්තර් ක්‍රියා නිසා
  5. (සාමාන්‍යයෙන්) ද්විතීයික පොලිපෙප්ටයිඩ දාමය පුළුල් නැමීමෙන් සහ එතීමෙන් ඇති වන
  6. නිශ්චිත,
  7. සුසංහිත,
  8. අනන්‍ය වූ
  9. කෘත්‍යමය සහ ත්‍රිමාන හැඩයයි.
  1. හයිඩ්‍රජන් බන්ධන, ඩයිසල්ෆයිඩ බන්ධන, අයනික බන්ධන සහ වැන්ඩවාල් අන්තර්ක්‍රියා(ජලභීතික අන්තර්ක්‍රියා)
  2. තෘතීයික ව්‍යුහයට උදා: බොහෝ එන්සයිම/ මයෝලොබීන්/ ඇල්බියුමින්
  3. චතුර්ථ ව්‍යුහය
  4. එක් කෘත්‍යාත්මක ප්‍රෝටීනයක් සැදීමට පොලිපෙප්ටයිඩ දාම දෙකක් හෝ කිහිපයක් එක් වී සාදන ව්‍යුහයයි.
  5. උදා: හිමොග්ලොබීන්, කොලැජන්

  1. උත්ප්‍රේරක ලෙස
  2. ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරයි
  3. පෙප්සීන්/ ඇමයිලේස්/ ඕනෑම එන්සයිමයක් සඳහා
  4. ව්‍යුහමය ප්‍රෝටීන
  5. කෙරටීන් -වියළීම වළක්වයි. / කොලැජන් - ශක්තිමත් බව සහ සන්ධාරණය ලබාදෙයි.
  6. සංචිත කෘත්‍ය
  7. ඕවැල්බියුමින් - බිත්තරවල සංචිත ප්‍රෝටීනය/ කේසීන් - කිරිවල සංචිත ප්‍රෝටීනය
  8. පරිවහනය
  9. හිමොග්ලොබීන් - O2 සහ CO2 පරිවහනය/ මස්තු ඇල්බියුමින්  - මේද අම්ල පරිවහනය
  10. හෝමෝන
  11. ඉන්සියුලීන්/ග්ලූකැගන් -        රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරයි
  12. සංකෝචක/ චාලක ප්‍රෝටීන -
  13. ඇක්ටීන්, මයෝසීන් සහ පේශි තත්තු සංකෝචනය
  14. ආරක්ෂක කෘත්‍ය -
  15. ඉමියුනොග්ලෝබියුලින් ආගන්තුක දේහ ඉවත් කරයි.
  16.  විෂ - ධූලක/ සර්ප විෂ,

(b)  ප්‍රෝටීන සංශ්ලේෂණයේදී RNA වල කාර්යභාරය සැකෙවින් පැහැදිලි කරන්න.

  1. ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා RNA වර්ග 3 ක් සහභාගී වේ.
  2. m-RNA / පණිවිඩකාරක RNA
  3. r-RNA/ පරිවහන RNA
  4. t-RNA / රයිබසෝමිය RNA
  5. තනි දාම DNA අච්චුවට අනුව,
  6. m-RNA අණුව අනුපූරක දාමයක් ලෙස සෑදේ.
  7. RNA පොලිමරේස් ප්‍රතික්‍රියාව ( mRNA සංස්ලේෂණය) උත්ප්‍රේරණය කරයි.
  8. මෙම ක්‍රියාවලිය ප්‍රතිලේඛනය / පිටපත් කිරීමයි.
  9. m-RNA අණුව න්‍යෂ්ටියෙන් ඉවතට ගොස් රයිබසෝමය සමඟ සම්බන්ධ වේ (සවි වේ).
  10.  DNA අණුවේ ප්‍රවේණික කේතය (කෝඩෝනය) m-RNA මඟින් ගෙන යයි.
  11.  මෙය ගෙන යන්නේ අනුපූරක නයිට්‍රජනීය භෂ්ම අනුපිළිවෙලක් ලෙසය.
  12. r-RNA, ඇමයිනෝ අම්ල සම්බන්ධ කිරීමට රයිබසෝමය මත ස්ථානයක් සපයයි.
  13. t-RNA අණුව විශිෂ්ට ඇමයිනෝ අම්ලයකට සවි වී ඇත.
  14.  t-RNA අනුපුරක ප්‍රතිකෝඩෝනයක් දරන අතර එය විශිෂ්ට ඇමයිනෝ අම්ලයක් රයිබසෝමය වෙත ගෙන යයි./ ප්‍රතිකෝඩෝනයේ භෂ්ම ත්‍රිත්ව අනුපිළිවෙල t-RNA මඟින් ගෙන යන ඇමයිනෝ අම්ලය සමඟ සෘජුවම අදාල වේ.
  15. යාබද ඇමයිනෝ අම්ල අතර පෙප්ටයිඩ බන්ධන සැදේ.
  16. සෑදෙන පෙප්ටයිඩ් දාමයට නව ඇමයිනෝ අම්ල එකතු වේ.
  17. m-RNA අණුව දිගේ රයිබසෝමය ගමන් කරන විට
  18. පොලිපෙප්ටයිඩ දාමය සැදෙන අතර එය ප්‍රෝටීනයේ ප්‍රාථමික ව්‍යුහයකි.
  19. මෙම ක්‍රියා දාමය පරිවර්තනයයි.

ඕනෑම 50 × 3 – 150 ලකුණ

6.    මිනිසාගේ රුධිර පීඩනය පිළිබඳ විස්තරයක් ලියන්න.

  1. රුධිරය වාහිනී තුළ ගමන් කිරීමේ දී රුධිරය මඟින් එම වාහිනී බිත්ති මත ඇති කරන බලය, රුධිර පීඩනය ලෙස හැඳින්වේ.
  1. ආකුංච පීඩනය.
  2. විස්ථාර පීඩනයයි.
  3. ආකුංච පීඩනය යනු වම් කෝෂිකාව සංකෝචනය වී මහා ධමනිය වෙත රුධිරය තල්ලු කර හැරීමේ දී ධමනි පද්ධතිය තුළ නිපදවෙන පීඩනයයි.
  4.  විවේකි සාමාන්‍ය නීරෝගි වැඩිහිටියකුගේ ආකුංච පීඩනය 120 mmHg පමණ වේ.
  5. විස්ථාර පීඩනය යනු පූර්ණ හෘත් විස්තාරයක දී රුධිරය පිටවීම සමග ධමනි තුළ ඇති වන රුධිර පීඩනයයි.(හෘදය විවේකි අවස්ථාවේ)
  6. විවේකි සාමාන්‍ය නීරෝගි වැඩිහිටියකුගේ විස්තාර පීඩනය 80 mmHg පමණ වේ.
  7. ධමනි රුධිර පීඩනය මනිනු ලබන්නේ “ස්පිග්මොමැනෝ මීටරය” මගිනි.
  8. රුධිර පීඩනය සටහන් කිරීමේ දී 120/80 mmHg ලෙස ලිවිය යුතු ය.
  9. සංස්ථානික සංසරණයේ ධමනිවල ඇති රුධිර පීඩනය මගින්, දේහයේ අවයව තුළට හා පිටතට සිදු වන අත්‍යවශ්‍ය රුධිර ගැලීම පවත්වා ගනී.
  1. දවසේ කාලය
  2. ඉරියව්ව
  3. ස්ත්‍රී – පුරුෂ භාවය
  4. වයස
  5. ක්‍රියාකාරීත්වය
  6.  ව්‍යායාම
  7. ආතතිය (චිත්තවේගි ආතති)/(නොසන්සුන් බව, භය හෝ කාංසාව)
  1. හෘදයට ගලා එන රුධිර පරිමාව/ රුධිර පීඩනය යාමනය කරනු ලබන්නේ
  2. සුෂුම්නා ශීර්ෂකය
  3. ස්වයං සාධක ස්නායු පද්ධතිය (අනුවේගී/ ප්‍රත්‍යානුවේගි)
  4. ඇඩ්රිනලින් ( එපිනෙප්රින්)/ නොඇඩ්රිනලින්(නොඑපිනෙප්රින්
  5. වෘක්ක
  6. ADH
  7. ඇල්ඩොස්ටෙරෝන්
  8. රිනීන්/ ඇන්ජියොටෙන්සින්/ ඇන්ජියෝටෙසිනෝජන්
  9. සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම අධ්‍යාතතියයි.
  1. ස්ථුලතාව
  2. මධුමේහය
  3. පවුල් ඉතිහාසය
  4. දුම්බීම
  5. ක්‍රියාශීලිත්වයෙන් අඩු ජීවන පැවැත්ම
  6. අධික ලුණු පරිභෝජනය
  7. අධික මධ්‍යසාර පරිභෝජනය
  8. ආතතිය
  9. ධමනි බිත්ති මත අඩු ඝනත්ව ලිප්‍රොප්‍රෝටීන (LDL) තැන්පත් වීම.
  1. වකුගඩුවලට හානි වීම.
  2. අධිවෘක්ක සංකුලතා.
  3. හෘදයාබාධ (වැඩි වන හෘත් වේගය හා හෘත් සංකෝචනය හේතුවෙන්)./ කිරීටක ත්‍රොම්බෝසිය
  4. ආඝාතය (මස්තික රුධිර වහනය හේතුවෙන්)./ මස්තිෂ්ක ත්‍රොම්බෝසිය
  5. රුධිර වාහිනීවලට හානි වීම මගින් මරණය.
  6.  සාමාන්‍ය මට්ටමට වඩා පහළ රුධිර පීඩනයක් කාලයක් තිස්සේ පැවතීම, මන්දාතතිය ලෙස හැඳින්වේ.
  1. කම්පනය.
  2. ඩෙංගු රක්තපාත උණ.
  3. ඉඳගෙන හෝ වැතිර සිට එක්වර නැගිටීම.
  4. අධික රුධිර වහනය/ රක්තපාත තත්ව.
  5. නිරාහාරව සිටීම.
  6. අඩු පෝෂණය.
  7. මේ මඟින් මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩු වී යයි.
  8. කෙටි කාලීන සිහි නැතිවීම (ක්ලාන්තය)/මොළය හානි වීම 
  9. දිගුකාලීනව පැවතීම මරණය ද සිදු විය හැකිය.

50 × 3 = 150 ලකුණු

7. (a) ප්‍රභාසංස්ලේෂණයේ ගෝලීය වැදගත්කම සැකෙවින් විස්තර කරන්න

  1. සියලුම ජීවීන්ට ඍජුවම හෝ වක්‍රාකාරව ආහාර සැපයීම (මගින් ජීවීන්ගේ කාබන් හා ශක්ති අවශ්‍යතාව සපුරාලයි.)
  2. ස්වායු ජීවීන්ගේ ස්වසනයට අවශ්‍ය O2 සපයයි.
  3. වායුගෝලයේ O2 හා CO2 සමතුලිතතාව පවත්වා ගනියි.
  4. ෆොසිල ඉන්ධන නිපදවයි.
  5. ගෝලීය උෂ්ණත්වය පවත්වා ගනියි.

    (b) ප්‍රභාසංස්ලේෂණයේදී ආලෝකයේ කාර්යභාරය පැහැදිලි කරන්න.

  1. ප්‍රභාසංස්ලේෂණය සඳහා, ආලෝකය මගින් ශක්තිය සපයයි.
  2. ආලෝක ප්‍රතික්‍රියාවේදී ඔක්සිහරණය වූ NADP/NADPH සහ ශක්තිය ATP ලෙස නිපදවයි..
  3. ප්‍රභාසංස්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියා සඳහා දෘශ්‍ය වර්ණාවලියේ නිල් හා රතු පරාස භාවිතා කරයි.
  4. ආලෝක ප්‍රතික්‍රියාවේදී ආලෝක ශක්තිය (ෆෝටෝන) ක්ලෝරපිල් සහ
  5. කැරොටිනොයිඩ මගින් අවශෝෂණය කරනු ලබන අතර, ඒවා
  6. ආලෝකය ලබා ගන්නා/ ඇන්ටෙනා සංකීර්ණයේ පිහිටා ඇත.
  7. ඇන්ටෙනා සංකීර්ණය මගින් අවශෝෂණය කල ආලෝක ශක්තිය
  8. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයේ ඇති ක්ලොරපිල්වලට යවයි.
  9. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය තුළ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෙක් ද ඇත.
  10. ඇන්ටෙනා සංකීර්ණය හා ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය ප්‍රභා පද්ධතියක අන්තර්ගත වේ.
  11. ප්‍රභා පද්ධති පංජර කණිකා පටලයේ (තයිලකොයිඩ වල) පිහිටයි.
  12. ආලෝකයේ ෆෝටෝන, වර්ණක මත ගැටීම ( අවශෝෂණය) නිසා ප්‍රභාපද්ධති II හි ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට උද්දීපනය වේ.
  13. එම ඉලෙක්ට්‍රෝන ප්‍රභාපද්ධති II හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා මගින් ප්‍රතිග්‍රහණය කර ගනී.
  14. එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා මගින් ජලය විච්ඡේදනය වී,  ප්‍රතිඵලයක් ලෙස
  15. O2 වායුව,
  16. H+ අයන හා
  17. ඉලෙක්ට්‍රෝන නිදහස් කරයි.
  18. එම ඉලෙක්ට්‍රෝන උද්දීපනය වූ ප්‍රභාපද්ධති II හි (P680) උදාසීන කිරීම සඳහා යොදවයි.
  19. ෆෝටෝන ලෙස වර්ණක මත ගැටෙන ආලෝක කිරණ නිසා ප්‍රභා පද්ධති I (P700) හි ඇති ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට උද්දීපනය වේ.
  20. උද්දීපනය වූ ඉලෙක්ට්‍රෝන ප්‍රහා පද්ධති I හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කරනු ලබයි.
  21. ප්‍රභා පද්ධති II උද්දීපනය වී නිදහස් වූ ඉලෙක්ට්‍රෝන ප්‍රභා පද්ධති II හි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයාගේ සිට ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක්  හරහා ගමන් කර,
  22.  ප්‍රභා පද්ධති I වෙතට පැමිණ, උද්දීපනය වූ ප්‍රභාපද්ධති I උදාසීන කරයි.
  23. මෙලෙස ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන පැමිණිමේ දී
  24. නිදහස් වූ ශක්තිය ATP සංශ්ලේෂණයට යොදවනු ලබයි.
  25. මේ ක්‍රියාවලිය “ප්‍රභා පොස්පොරලීකරණය” ලෙස හඳුන්වයි.
  26. ප්‍රභා පද්ධති I හි ද උද්දීපනයට ලක් වී, එහි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා මඟින් ප්‍රතිග්‍රහනය කළ ඉලෙක්ට්‍රෝන වෙනත්
  27. ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් (ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියක්) හරහා ගමන් කර
  28. NADP ඔක්සිහරණය කර එහි ප්‍රතිඵලයක් ලෙස NADPH සාදයි.
  29. NADP ඔක්සිහරණ ක්‍රියාවලිය NADP රිඩක්ටේස් එන්සයිමය මගින් උත්ප්‍රේරණය කරයි.
  30. මේ ක්‍රියාවලිය රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනය ලෙස හැඳින්වේ.
  31. ආලෝක ප්‍රතික්‍රියාවේ නිපදවූ ATP සහ NADPH යොදා ගන්නේ
  32. (ප්‍රභාසංස්ලේෂණයේ) CO2 තිරකිරීමේදී
  33.  කාබෝහයිරේට නිපදවීමටයි.

38 ×4 - 152

උපරිම ලකුණු 150 යි

8.   (a) ජෛව විවිධත්වය යන්නෙන් අදහස් කරනුයේ කුමක්දැයි පැහැදිළි කරන්න.

  1. ජෛව විවිධත්වයට පෘථිවිය මත ඇති සියලු ආකාරවල ජීවය අයත් වේ.
  2. භෞමික, සාමුද්‍රික (කරදිය) සහ වෙනත් පරිසර පද්ධතීන් ද ඇතුළත්
  3. සියලු ප්‍රභවයන්ට අයත් ජීවීන් අතරත්
  4. ඔවුන් පරිසරය සමඟ කරනු ලබන පරිසර විද්‍යාත්මක අන්තර්ක්‍රියා අතරත් ඇති
  5. විවිධත්වය (විචල්‍යතාව/ වෙනස්කම් සමස්තය) ජෛව විවිධත්වය නම් වේ.
  1. ප්‍රවේණි විවිධත්වය,
  2. ජෛව විවිධත්වයේ මූලික සංරචකය වන්නේ විශේෂයන් තුළ සහ විශේෂ අතර ඇති ප්‍රවේණික විවිධත්වයයි.
  3. විශේෂ විවිධත්වය  
  4. පාරිසරික ප්‍රජාවක  විශේෂ සංඛ්‍යාව (= විශේෂවලින් පොහොසත් බව) සහ ඒවායේ බහුලතාවයි.
  5. පරිසර පද්ධති විවිධත්වය
  6. ජෛව ලෝකයේ වාසස්ථාන, ජීවී ප්‍රජා සහ පාරිසරික ක්‍රියාවල විවිධත්වයයි.

(b) ජෛව විවිධත්ව හායනයට හේතු ලැයිස්තුගත කරන්න.

  1. වාසස්ථාන අහිමි වීම/ ඉඩම් කැබලි කිරීම.
  2. කෘෂිකාර්මික ක්‍රියාකාරිත්වයන්,
  3. කර්මාන්ත සහ
  4. මානව ජනාවාස පිහිටුවීම සදහා
  5. මහා පරිමාණයෙන් සිදුවන වනාන්තර එළි කිරීම/ වන විනාශය.
  6. (ශාක හා සත්ත්ව විශේෂ) අධිපරිභෝජනය
  7. පරිසර දූෂණය
  8. ආක්‍රමණික ආගන්තුක විශේෂ හඳුන්වා දීම
  9. දේශගුණ විපර්යාස
  10. කෘෂිකර්මය නිසා ඇතිවන ප්‍රවේණික හායනය (සම්ප්‍රදායික විශේෂ අවතැන් වීම මඟින්)

(c)  ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා ජාතික හා ගෝලීය මට්ටමෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග කෙටියෙන්

        විස්තර කරන්න.

  1. සංරක්ෂණ ක්‍රියාදාමයේ ප්‍රධානම අරමුණ ජීව විශේෂ උපරිම සංඛ්‍යාවක දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීමයි.
  2. වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා ඇති ජීව විශේෂ විශේෂයෙන් සුරැකිය යුතු අතර,
  3. ඔවුගේ ප්‍රජනන ක්‍රියාවලිය නොකඩවා පවත්වාගෙන යෑම හා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා පියවර ගත යුතු ය.
  4. සංරක්ෂණය ආකාර දෙකකට සිදු කළ හැකි ය.
  5. ස්ථානීය සංරක්ෂණය
  6. විතැන් සංරක්ෂණය
  1. මෙහි දී ජීව විශේෂයේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ප්‍රජනනය
  2. ස්වාභාවික වාසස්ථානයේ දී තහවුරු කෙරේ.
  3. මූලික වශයෙන් විශාල ගහනයක් සහ
  4. ප්‍රමාණවත් වූ උචිත වූත් වාසස්ථාන තිබෙන බවට වගබලා ගත යුතු ය.
  5. උදා: ජාතික උද්‍යාන, වන රක්ෂිත,
  6. අභය භූමි,
  1. විශේෂය ස්වාභාවික වාසස්ථානයෙන් ඉවතට ගෙන,
  2. නොනැසී ජීවත් වන සේත්, ප්‍රජනනය තහවුරු වන සේත්
  3. වෙනත් ස්ථානයක දී රැක බලා ගැනීම මෙහි දී සිදු වේ.
  4. ස්වභාවික වාසස්ථානයට සමාන තත්ව ඇති කළ යුතුයි.
  5. උදා:  සත්ත්වෝද්‍යාන/ කැස්බෑ රැකුම්හල්
  6. උද්භිද උද්‍යාන
  7. ජාන බැංකු/ බීජ බැංකු

(c)   ජෛව විවිධත්ව සංරක්ෂණය හා සම්බන්ධ පනත් හා සම්මුති

  1. CITES/ අන්තරායට ලක්වූ ශාක හා සත්ත්ව විශේෂ වල අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතිය
  2. වන සතුන්ගේ අං සහ සම් වැනි නිදර්ශක සහ සම්පූර්ණ ශාක හෝ ශාක කොටස් අන්තර්ජාතික වෙළෙඳාම මඟින්,
  3. ඒවායේ පැවැත්මට තර්ජනයක් නොවන බව තහවුරු කිරීම./ (ශාක හා සත්ත්ව විශේෂවල අන්තර් ජාතික වෙළඳාම ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් නොවන ලෙස පවත්වාගෙන යාමයි.)
  4. ජෛව විද්‍යාත්මක විවිධත්ව සම්මුතිය
  5. එහි අරමුණ ජෛව විද්‍යාත්මක විවිධත්ව සංරක්ෂණය
  6. ජෛව විද්‍යාත්මක විවිධත්වයේ සංරචක වල තිරසාර භාවිතය සහ
  7. ප්‍රවේණික සම්පත් නිසා ලැබෙන ප්‍රතිලාභ සාධාරණ හා සමානාත්මතාවෙන් යුතුව බෙදා ගැනීමයි.
  8. රම්සාර් (RAMSAR) සම්මුතිය/ තෙත්බිම් සඳහා වූ සම්මුතිය (අන්තර් ජාතිකව වැදගත්වන, විශේෂයෙන්ම ජලජ පක්ෂි වාසස්ථාන පිළිබඳවයි.)
  9. තෙත්බිම් සහ ඒවායේ ඇති සම්පත් සංරක්ෂණ සහ නැණවත් පරිහරණය සඳහා රාමුවක් සපයයි.
  10.  ශාක සහ සත්ත්ව සංරක්ෂණ පණත/ ආඥාව
  11. ශ්‍රී ලංකාවේ ශාක හා සතුන්ට(වන ජීවීන්ට) ආරක්ෂාව සැලසීම පිළිබඳ පණත/ ආඥාවයි.
  12. එමගින් ජාතික වනෝද්‍යාන, වන පිවිසුම්, දැඩි ස්වභාවික රක්ෂිත, අභයභූමි පිහිටුවීමට ඉඩ සලසයි.

50 × 3 = 150 ලකණු

9.   (a) ප්‍රතිසංයෝජන DNA තාක්ෂණය යනු කුමක්ද?

  1. වෙනස් ප්‍රභව වලින් ගත් DNA එකට එකතු කර
  2. ස්වභාවයේ හමුනොවන අනුක්‍රමයක් සහිත DNA අණුවක් නිර්මාණය කිරීමයි.      

    (b) ප්‍රයෝජනවත් සත්ත්ව ප්‍රෝටීනයක් නිපදවිය හැකි ප්‍රතිසංයෝජිත බැක්ටීරියාවක් නිපදවීමේ ප්‍රධාන පියවර      

           විස්තර කරන්න.

  1. ප්‍රයෝජනවත් ප්‍රෝටීනයක් සෑදීමට අවශ්‍ය සත්ව ජානය හඳුනා ගැනීම.
  2. සත්ව ප්‍රභවයෙන් DNA විසංගමනය. එහි මූලික පියවර වන්නේ,
  3. සමජාතීයකරණය හෝ සෛල බිඳ දැමීම
  4. DNase නිෂේධනය
  5. නියුක්ලියෝප්‍රෝටීන සංකීර්ණ විඝටනය
  6. අපවිත්‍රකාරක ඉවත් කිරීම
  7. DNA අවක්ෂේපණයයි.
  8. විසංගත කල DNA සීමා එන්සයිමය/රෙස්ට්‍රික්ෂන් එන්ඩොනියුක්ලියේස් එන්සයිමය මගින් සීමිත ජීරණය
  9. ඇගරෝස් ජෙල විද්‍යුතාගමනය මගින් DNA ඛණ්ඩ වෙන් කිරිම.
  10. අවශ්‍ය නියුක්ලියෝටයිඩ අනුපිළිවෙළ සහිත නිවැරදි ඛණ්ඩ ඒෂණ භාවිත කරමින් හඳුනා ගැනීම.
  11. සුදුසු බැක්ටීරියාවක් තෝරාගැනීම. (සෛල ප්ලාස්මයේ කුඩා චක්‍රීය DNA සහිත)
  12. සලකුණු ජානයක් සහිත/දන්නා ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජානයක් සහිත/ ප්‍රතිරෝධකතාවය.
  13. Ori/ ප්‍රතිවලිත ආරම්භය සහිත
  14. බහුවිධ ක්ලෝනකරණ ස්ථාන සහිත
  15. ප්ලාස්මිඩයක් වාහකය ලෙස තෝරා ගනී.
  16. බොහෝ විට මේ සඳහා E.coli බැක්ටීරියාව භාවිතා කරයි.
  17. බැක්ටීරියා ප්ලාස්මිඩ DNA වාහකයක් ලෙස ක්‍රියා කරයි. / සත්ත්ව ජානය ධාරක සෛලයට/ බැක්ටීරියාවට ගෙනයයි.
  18. DNA විසංගමනය මගින්  බැක්ටීරියා ප්ලාස්මිඩය වෙන් කිරීම.
  19. වෙන්කර ගත් ප්ලාස්මිඩය සමාන (එම) DNA සීමා එන්සයිමය/රෙස්ට්‍රික්ෂන් එන්ඩොනියුක්ලියේස් එන්සයිමය මඟින් කපා ගැනීම.
  20. (සත්ව ප්‍රභවයෙන්) වෙන්කර ගත් DNA කොටස් ප්ලාස්මිඩ සමග මිශ්‍ර කිරීම/ ප්ලාස්මිඩයට ඇතුල් කිරීම.
  21. DNA ලයිගේස් එන්සයිම භාවිතයෙන් DNA කොටස් ප්ලාස්මිඩයට සම්බන්ධ කිරීම මඟින්
  22. ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩ සාදා ගනියි.
  23. ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩ බැක්ටීරියා සෛල තුලට ඇතුල් කරන්නේ.
  24. පරිනාමණය මඟිනි.
  25. ඝනාවාස සාදා ගැනීමට ප්‍රතිසංයෝජිත බැක්ටීරියා වගා කරයි.
  26. (සත්ත්ව ජානය සහිත) බැක්ටීරියා ඝනාවාස විශාල ප්‍රමාණයක් නිපදවා ගනී.
  27. සාර්ථක පරිනාමණය කල ඝනාවාස හඳුනා ගනු ලබන්නේ
  28. සලකුණු කල ප්‍රතිරෝධී ජාන රැගෙන යන වාහක/ ප්ලාස්මිඩ භාවිතා කර
  29. තෝරාගත් මාධ්‍ය/ අදාළ ප්‍රතිජීවකය අඩංගු මාධ්‍ය තුලදීය.
  30. ප්‍රතිසංයෝජිත බැක්ටීරියා මගින් ප්‍රයෝජනවත් සත්ත්ව වූ ප්‍රෝටීන නිපදවනු ලැබේ.
  31. උදා - මානව ඉන්සියුලීන්
  32. මානව වර්ධක හෝමෝනය/ මානව රුධිර කැටිගැසීමේ සාධක,

(30 × 5 = 150 ලකුණු)

10. කෙටි සටහන් ලියන්න.

       (a) ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ දී භාවිතා කරනු ලබන ජීවානුභරණ ක්‍රම

  1. ජීවානුහරණයේ අරමුණ රෝපණ මාධ්‍යයක හෝ ඕනෑම ද්‍රව්‍යයක, ද්‍රවයක හෝ ස්ථානයක පවතින
  2.  අන්තඃබීජාණු ද ඇතුළත්ව සියලු ආකාරයේ ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීමේ හා ඉවත් කිරීමයි.
  3. සියලුම වීදුරු භාණ්ඩ,
  4. රෝපණ මාධ්‍ය
  5. ආක්‍රමණික කටු ජීවානුහරණය කිරීමට සිදුවේ.
  6. විදුරු භාණ්ඩ (පෙට්‍රි දීසි, පිපෙට්ටු) උණුසුම් වායු උඳුන් වල ජීවානුහරණය කරයි/ වියළි තාපය
  7. 170°C උෂ්ණත්වයේ
  8. පැය 2 ක් තැබීම මගින් සිදු කරයි.
  9. ආක්‍රමණික පුඩු/ කටු විවෘත දැල්ලට ඇල්ලීමෙන්ද
  10. රෝපණ මාධ්‍ය, තෙත් තාපය මගින් ජීවානුහරණය කරන්නේ
  11. පීඩන තාපකය මගිනි.
  12. වාෂ්පයෙන්
  13. වර්ග අඟලට රාත්තල් 15 ක පීඩනය/15 psi/ වායුගෝල පීඩන 1 යටතේ
  14. 121°C උෂ්ණත්වයේ,
  15. මිනිත්තු 15 ක් තැබීම
  16. තාප අස්ථායි ද්‍රව
  17. පටල පෙරහන් භාවිතයෙන් ජීවානුහරණය කෙරේ.
  18. තරම 0.01 -  0.45 μm වූ පෙරහන් භාවිතයෙනි.

( කරුණු 18යි )

(b) ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර

  1. නිවර්තන උප කඳුකර වනාන්තර
  2. මුහුදු මට්ට්ටමේ සිට 900m -1500 m අතර
  3. නිවර්තන ඉහළ කඳුකර වනාන්තර
  4. දර්ශීය කඳුකර වනාන්තර ආකාරයයි.
  5. මුහුදු මට්ටමෙන් 1500 mට ඉහළ උන්නතාංශවල ව්‍යාප්තව පවතී.
  6. නකල්ස් කඳු, පිදුරුතලාගල, හක්ගල
  7. සාමාන්‍ය උෂ්ණත්වය 16°C පමණ වන අතර,
  8. වර්ෂාපතනය 2000 mm පමණ වේ.
  9. නියං කාල රහිත ය.
  10. ඉහළ ආර්ද්‍රතාවක් ඇත.
  11. 13 m පමණ වන මිටි වියනකින් සහ
  12. ඝන පඳුරු ස්තරයකින් ලාක්ෂණික වේ.
  13. කුඩ හැඩ රවුම් වූ මස්තක සහ
  14. චර්මල (Leathery)
  15. කුඩා පත්‍ර දරන
  16. ඇඹරුණු අතු සහිත ශාක ඒවායේ ඇත.
  17. ප්‍රබල සුළංවලට ඔරොත්තු දීම සඳහා මෙසේ අනුවර්තනය වී ඇත.
  18. සදාහරිතය
  19. ස්ථරීභවනය පැහැදිලි නැත./ ප්‍රමුඛ නොවේ.
  20. අපිශාක ඉහළ ඝනත්වයකින් යුක්තව ව්‍යාප්තව ඇත.
  21. මේ වනාන්තරවල හමු වන ශාක සමහරක් වන්නේ,
  22. කීන (Callophyllum walkeri)/ වල් කුරුඳු (Cinnamomum ovalifolium)/ ගල් වෙරළු – Wild olive (Elaeocarpus montanus)
  23. ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තරවල වාසය කරන සතුන් සමහරක් වන්නේ
  24. Sri lanka yellow eared bulbul – ශ්‍රී ලංකා පීත කන් කොණ්ඩයා/ Sri lanka highland shrew – ශ්‍රී ලංකා උස් බිම් හික්මීයා/ Sambar – ගෝනා
  25. තේ වගාව කඳුකර වනාන්තර මුහුණ දෙන ප්‍රධානතම මානව බලපෑමකි.

( කරුණු 23යි)

30× 5 = 150 ලකුණු


         

      ගයාන් රත්නසූරිය B.Sc.(Colombo)                                Biologylab.org