විශිෂ්ඨයන් තනන ජීව විද්‍යා තක්සලාව

සිහින සැබෑවන්නේ කැප වීමෙනි...

සරසවි සිහිනය සැබෑ කරන නිවැරදි මඟ පෙන්වීම

උසස් පෙළට ජීව විද්‍යා අංශය තෝරගත්ත ඔයාලගෙත්, දෙමව්පියන්ගෙත් ලොකුම හීනය විශ්ව විද්‍යාල පිවිසුම කියලා අපි හොඳටම දන්නවා. ඒ නිසයි අපේ පන්තියෙදි ඔයාලට විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය විෂය කරුණු වගේම විශිෂ්ඨ ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන්න ඕන විදිහත් කියලා දෙන්නේ. ලංකාවේ ජීව විද්‍යා A සහ B සාමාර්ථ ප්‍රතිශතය 15% ක් විතර වෙනකොට අපේ පන්තියේ A සහ B ප්‍රතිශතය 60-65%ක් වෙන්නේ ඒ නිවැරදි මඟ පෙන්වීමත් සිසු සිසුවියන්ගේ කැපවීමත් නිසාමයි. ඔබත් උනන්දුවෙන්, කියන විදිහට වැඩ කරන්න පුළුවන්, විශ්ව විද්‍යාල ප්‍රවේශයට සිහින දකින කෙනෙක් නම් අපේ පන්තිය එක්ක සම්බන්ධ වෙන්න ඔබටත් අවස්ථාව තියෙනවා. 

පන්තියේ වැඩ පිළිවෙළ

  • පන්ති පැවැත්වීමට අවසර ලැබුණ පසු කැමති සිසුන්ට සාමාන්‍ය ක්‍රමයට පන්තියට සහභාගි වීමට හැකි වුවත්  උසස් පෙළ දක්වාම Online පන්තිය අඛණ්ඩව පවැත්වේ.
  • Online පන්ති Zoom හරහා සජීවිව පවත්වන අතර කලින් පටිගත වීඩියෝ හරහා ඉගැන්වීම සිදු නොකරයි. සිසුන්ට ඇති ගැටලු එම අවස්ථාවේම නිරාකරණය කරගැනීමට අවස්ථාව ලබා දීම එහි අරමුණයි.
  • ඕනෑම වෙලාවක ප්‍රවේශ විය හැකි ලෙස සටහන් වෙබ් අඩවියට ඇතුලු කර ඇත. අවශ්‍ය නම් pdf ලෙස බාගත කරගැනීමට හෝ  මුද්‍රිත නිබන්ධන නිවසටම ගෙන්වා ගැනීමට ඉඩ සලස්වනු ලැබේ.

අපේ පන්තියේ සටහනක් :පෘථිවිය මත ජීවයේ සම්භවය සහ ජෛව විවිධත්ව පරිණාමය

  • සෑම පාඩමකටම අදාලව පසුගිය වසර 35ක ප්‍රශ්න සහ අනුමාන ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව.
  • බහුවරණ පුහුණුව Online ප්‍රශ්න පත්‍ර මගින්.

අපේ පන්තියේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් : ජීවයේ සම්භවය, පරිණාමය, නාමකරණය සහ වර්ගීකරණය

  • ප්‍රයෝගික පරීක්ෂණ වලට අදාළ සියලු දැනුම සහ  සටහන් සැපයීම.
  • සම්පත් පොතේ සීමාවෙන් එහා ගිය පූර්ණ විෂය දැනුමෙන් යුත් සිසුවෙකු තැනීම මේ වැඩපිළිවෙලේ අරමුණයි.

නිතර අසන පැන

සහ පිළිතුරු

☑ ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව ලංකාවේ හොඳම ජීව විද්‍යා අංශය සහිත කොළඹ විශ්ව විද්‍යාලයෙන් ජීව විද්‍යා උපාධිය හිමිකරගත් අයෙකි.

☑ ශ්‍රී ලංකා උපාධිධාරී ගුරු සේවයේ කලක් සේවය කල ගුරුවරයෙකි.

☑ වසර 10කට වඩා ඉගැන්වීමේ පළපුරුද්ද සහිත ගුරුවරයෙකි.

☑ සියල්ලටම වඩා සෑම වසරකම ඉහළ ප්‍රතිඵල සඳහා සිසුන්ව මෙහෙයවූ ගුරුවරයෙකි.

☑ 078 479 2075/ 075 720 1405   අංක වලට  WhatsApp හෝ කෙටි පණිවිඩයක් එවීමෙන් හෝ ඇමතුමක් ලබාගැනීමෙන් තොරතුරු ලබාගත හැක.

Online පන්ති පමණි

2023 A/L : ඉරිදා පෙ.ව. 10.30 – 1.00

2022 A/L : සඳුදා ප.ව. 9.45 – 12.45

2021 A/L : ඉරිදා ප.ව. 9.45 – 12.45 සහ අගහරුවාදා ප.ව. 9.45 – 12.45

☑ 2021 A/L Paper Class: බදාදා ප.ව. 9.45 – 12.45

සිසුන්ට කිසිම ලියාපදිංචි වීමකින් හෝ ගෙවීමකින් තොරව දින 02ක් පන්තියට සහභාගි විමට අවස්ථාව ලබා දී ඇත,

☑ 2021 Paper  : පන්ති ගාස්තුව රු 1000.(මැයි මස සිට)

☑ 2021 Revision + Paper : පන්ති ගාස්තුව රු 2500.(මැයි මස සිට)

☑ 2021 Theory + Paper + Revision : පන්ති ගාස්තුව රු 2500.(මැයි මස සිට)

☑ 2022 Theory : පන්ති ගාස්තුව රු: 1500 (මැයි මස සිට)

☑ 2023 Theory : පන්ති ගාස්තුව රු: 1800 (මැයි මස සිට)

ආර්ථික අපහසුතා ඇති සිසුන් හට තම පාසලේ විදුහල්පතිතුමා හෝ අදාළ ග්‍රාම නිලධාරීතුමා මඟින් අඩු ආදායම් ලාභී බවට සහතික කරන ලද ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ගෙවීම් වලින් සම්පූර්ණයෙන් නිදහස් විය හැකිය. එවැනි සිසුන්ට Data වෙනුවෙන්ද අප අනුග්‍රහය දක්වන අතර එම අනවශ්‍ය ලෙස සිසුන් පන්ති මග හැරීමක් සිදු කළහොත් ලබා දී ඇති අවස්ථාව අවලංගු කරනු ඇත.

☑ ඔබගේ ප්‍රතිඵලය තීරණය කරන එකම සාධකය පන්තිය පමණක් නොවේ. ඔබ උසස් සාමාර්ථයක් වෙනුවෙන් කරන උපරිම කැපවීම තමයි ලොකුම තීරකය වෙන්නේ. පන්ති හැමදාම ඇවිත් කියන විදිහට වැඩ ටික කරනව නම් A එකක් ගන්නව කියන්නේ ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි.

තොරතුරු සඳහා විමසන්න

Developed By Gayan Rathnasuriya

error: කොපි කරන්න තහනම්!!!