ක්ෂුද්‍ර ජීව විද්යාවආයුබෝවන්, අපි පළවෙනි පාඩමේදි ඉගෙන ගත්තා ජීව විද්‍යාව ප්‍රධාන අංශ තුනකට බෙදෙනවා කියලා ඒ තමයි සත්ත්ව විද්‍යාව, ශාක විද්‍යාව සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව. එකෙන්ම ඔයාලට තේරෙන්න ඕනේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව කියන පාඩමේ තියෙන වැදගත්කම. ✌️ සාමාන්‍යයෙන් පසුගිය වසරවල විභාගවලදී මුළු ලකුණු 100න්, ලකුණු 12-14ත් අතර ප්‍රමාණයක් ක්ෂුද්‍රජීවී විද්‍යාව වෙනුවෙන් වෙන් කරලා තිබුණා. දළ වශයෙන්,
නව විෂය නිර්දේශය තුළත් අපි බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් ලකුණු 10ක්වත් ක්ෂුදු ජීව විද්‍යාව වෙනුවෙන් වෙන් වේවි කියලා. පසුගිය වසරේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව උසස්පෙළ විභාගයට එන්නේ නැහැ කියලා සමහර ගුරුවරු වැරදි මතයක් ඇති කළා. ඔයාලටම තේරුම් ගන්න පුළුවන්, ක්ෂුද්‍ර ජීව විද්‍යාව නොමැතිව ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රය අසම්පූර්ණ එකක් බව. ගොඩක් වෙලාවට ක්ෂුද්‍ර ජීව විද්‍යාව පාඩම පන්ති වල කෙරෙන්නේ කලබලයට, ඒකත් අන්තිම මොහොතේ, විභාගයට සතියක් දෙකක් තියලා. ඒක නිසා ඉතා පහසුවෙන් ලබාගන්න පුළුවන් ලකුණු 12ක් පමණ ඔබෙන් ගිලිහී යනවා. අපේ පන්ති වල මෙතෙක් කල් සිදුවූ විදිහටම ක්ෂුද්‍ර ජීව විද්‍යාව පාඩම කලින්ම ආවරණය කරන්නත් ඒත් එක්කම අනුමාන ප්‍රශ්න පත්‍ර කරන්නත්, මේ ඒකකයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර වල සියලුම ප්‍රශ්න (1985-2019) විවරණ සහිතව සාකච්ඡා කරන්න මම තීරණය කලා. ඔබ ඉන් උපරිම ප්‍රයෝජනයක් ලබා ගැනීමේ මම බලාපොරොත්තු වෙනවා. සුබ පැතුම්. ගයාන් රත්නසූරිය B.Sc. (University of Colombo) ශ්‍රී ලංකා උපාධිධාරී ගුරු සේවය (හිටපු) |