Lesson Progress
0% Complete
වයිරොයිඩ
- වයිරොයිඩ සමන්විතව ඇත්තේ කුඩා නග්න RNA කොටසකින් පමණි.
- එය ආරක්ෂක ප්‍රෝටීන ආවරණයකින් වට වී නොපවතී.
- ධාරක සම්පත් භාවිත කරමින් ජීවිධාරක සෛල තුළ දී පමණක් වයිරොයිඩවලට ගුණනය විය හැකි ය.
- මේවා තුළ කිසිම ආකාරයක ජාන අන්තර්ගත නොවන අතර, තම ගුණනය සඳහා අවශ්‍ය සංඥා පමණක් දරා සිටියි.
- වයිරොයිඩ ශාක ආසාදනය කරන අතර මේ දක්වා වෙනත් ජීවි ආකාර ආසාදනයක් පිළිබඳ වාර්තා නොවෙයි.
- පොල්, තක්කාලි, ඇපල් සහ අර්තාපල් වැනි ශාක වලට හානි කරන වයිරොයිඩ හඳුනාගෙන ඇත.
- උදා: පිලිපීනයේ පොල් ගස් ආසාදනය කළ Cadang Cadang රෝගය.
ප්‍රියෝන
- ප්‍රියෝන යනු ප්‍රෝටීනමය ආසාදක අංශු වර්ගයකි.
- වයිරසවලට වඩා කුඩා ය.
- ප්‍රියෝන න්‍යෂ්ටික අම්ල රහිත වුව ද, ප්‍රියෝන ප්‍රෝටීන සඳහා කේතය සපයන ධාරක ජානවල උපකාරයෙන් ඒවාට ප්‍රතිවලිත විය හැකි ය.
- රෝග සඳහා හේතු වන කාරක ලෙස සමහර පක්ෂීන් හා මැමේලියාවන් තුළ මේවා හමු වෙයි.
- මේවා සියල්ල ස්නායු සම්බන්ධ රෝග තත්ත්වයන් වේ.
- පොදුවේ ඒවා Transmissible spongiform encephalopathies (TSEs) ලෙස හඳුන්වනු ලැබේ
- TSEs නිසා මොළයේ විශාල රික්තක ඇති වීම නිසා එහි ස්පන්ජිමය ස්වරූපයක් ඇති වෙයි.
- උදාහරණ කීපයක් :
01. උමතු ගව රෝගය (Mad cow disease) : 1987 දී මුල් වරට ගවයන්ට ඇති වූ එක් බරපතළ රෝග තත්ත්වයකි. මොළයේ සිදුරු ඇති වේ.
02. Creutzfeldt–Jakob disease (CJD) : ප්‍රියෝන විසින් මිනිසාට ඇති කරන රෝග තත්වයකි. මොළයේ සිදුරු ඇති වේ. මොළය හැකිලීමට ලක්වේ.
03. KURU disease : මිනිසාගෙන් මිනිසාට ආසාදනය වේ. පැපුවා නිව්ගිනියා දූපත් වලින් සොයා ගන්නා ලදී. මිනී මස් කෑමේ චාරිත්‍රයක් නිසා පැතිරුනකි. අවසන් වරට රෝගියෙක් මියගියේ 2005දීය.
Kuru ආසාදිතයෙක්
ආසාදනය
- මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීම ආසාදිත පටක හා අවයව බද්ධ කිරීමේ දී ද ආසාදිත රුධිර පාරවිලයන කිරීමේ දී ද සිදු විය හැකි ය.
- සමහර ගවයන්ගෙන් මිනිසාට ආසාදනය විය හැකි ය. (මස් කෑමෙන්)
- සාමාන්‍යයෙන් ප්‍රියෝන රෝග දීර්ඝ සුප්ත/අක්‍රිය කාලයක් සහිතය.