වෛරස

වෛරස

ලාක්ෂණික ලක්ෂණ

  • වෛරස ප්‍රාග්න්‍යෂ්ටික හෝ සූන්‍යෂ්ටික හෝ නොවන අතර කිසිදු ආකාරයක සෛලීය සංවිධානයක් නොපෙන්වති.
  • ජීවිධාරක සෛලවලින් බැහැරව කිසිම පරිවෘත්තිජ ක්‍රියා හෝ ප්‍රජනනය සිදු නොකරති. එබැවින් ඔවුහු ජීවීන් ලෙස හඳුන්වනු නොලබති.
  • කෙසේ නමුත් ධාරක සෛලයකට ඇතුළු වූ විට ගුණනය වී විවිධ පරිවෘත්තික පථ මඟින් ආසාදනය සිදු කර, ලාක්ෂණික ජීවි ගතිගුණ පෙන්වයි.
  • වයිරස ජීවි ධාරක සෛල තුළ පමණක් ගුණනය වීම නිසා ඔවුහු අනිවාර්ය පරපෝෂිතයින් වෙති.
  • වයිරස් ඉතා කුඩා බැවින් නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ තුළින් පමණි.
  • ඔවුහු සරල ව්‍යුහ දරති.
  • සාමාන්‍යයෙන් න්‍යෂ්ටික අම්ල දරන මධ්‍ය හරයකින් හා කැප්සොමියර ලෙස හඳුන්වන නිශ්චිත වූ ප්‍රෝටීන් උප ඒකක ගණනකින් තැනුණු කැප්සිඩය ලෙස හැඳින්වෙන ප්‍රෝටීනීමය ආවරණයකින් සමන්විත වෙයි.

  • ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස වයිරස්වල DNA හෝ RNA ඇත.
  • ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා අවශ්‍ය වන එන්සයිම හෝ අතිරේක RNA වැනි දේවල් හා ප්‍රෝටීන් සංශ්ලේෂක යන්ත්‍රණයක් නොදරයි. එබැවින් ඔවුහු ධාරක සෛලවල ප්‍රෝටීන් සංස්ලේෂක යන්ත්‍රණ මත රඳා පවතිති.
  • RNA වයිරස,RNA වලින් DNA ප්‍රතිවර්ති ප්‍රතිලේඛනය සඳහා රිවස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස් යන එන්සයිමය දරයි.

වයිරස්වල රූපකාරකය හා ආකාර

  • කැප්සිඩවල නිර්මාණය මත මූලික රූප විද්‍යාත්මක සමමිති ආකාර දෙකක් හඳුනාගත හැකි ය.
  1. හෙලිකල් (Helical)
  2. අයිකොසාහිඩ්‍රන් (Icosahedron)

  • ඉහත සමමිති මත පදනම් වන, ප්‍රධාන රූපීය ආකාර හතරක් පෙන්වයි. ඒවා නම්,
      1. හෙලික්සීය (Helical)
      2. බහුතල (Polyhedron)
      3. සංකීර්ණ (Complex-Bacteriophage)
      4. ආවරිත(Enveloped) ලෙස වේ.

01. හෙලිකල් වෛරස

  • දිගු, නම්‍යශීලි හෝ දෘඪ දණ්ඩකි.

උදා: ජලභීතිකා වයිරස, දුම්කොල විචිත්‍ර වෛරසය

02. අයිකොසාහිඩ්‍රන්/ බහුතල වෛරස

  • අයිකොසාහිඩ්‍රන්/බහුතල සමමිතිය පෙන්වයි.

උදා: ඇඩිනො වෛරසය(උණ, හෙම්බිරිස්සාව, උගුර ආසාදනය, පාචනය, නිව්මෝනියාව වැනි රෝග ලක්ෂණ ගණනාවක් ඇති කරයි)

03.  සංකීර්ණ වෛරස

  • අතිරේක ව්‍යූහ සමඟ එක් ආකාරයකට වඩා වැඩි ගණනක් සමමිති පෙන්වයි.

උදා: බැක්ටීරියා භක්ෂක වෛරස

04. ආවරිත වෛරස

  • දළ වශයෙන් ගෝලාකාර ය. කැප්සිඩය ආවරණයකින් වට වී ඇත.
  • ඔවුන් හෙලිකල් හෝ අයිකොසොහිඩ්‍රල් සමමිතිය පෙන්වයි.

උදා: හ’පීස් සිම්ප්ලේක්ස් වයිරසය, HIV, ඉන්ෆ්ලුවෙන්සා.

වයිරසවල ගුණනය

  • එක් වයිරසයකට තනි ධාරක සෛලයක් තුළ ඊට සමාන වයිරස දහස් ගණනක් ඇති කළ හැකිය.
  • එබැවින් වයිරස තම ධාරකයාට බරපතළ හානි සිදු කරමින්, ශාක සතුන් හා බැක්ටීරියාවන්ට දරුණු රෝග තත්ත්වයන් ඇති කරයි.
  • බැක්ටීරියා භක්ෂකයන් යනු බැක්ටීරියාවන් ආසාදනය කළ හැකි දර්ශීය(typical) වයිරස් කාණ්ඩයකි.
  • ඔවුහු පැහැදිලි යන්ත්‍රණ දෙකක් උපයෝගි කරගනිමින් ගුණනය වෙති; එනම් ව්‍යංශජනක චක්‍රය (Lysogenic) හෝ ජාරක චක්‍රය (Lytic)වේ.
  • ජාරක චක්‍රය මඟින් ධාරක සෛලය ජාරණය කිරීම සිදු වන අතර ව්‍යංශජනක චක්‍රයේ දී ධාරක සෛලය ජාරණයකින් තොරව වයිරස DNA, ධාරක DNA බවට සංස්ථානගත කෙරෙන අතර ධාරකයා ජීරණය නොකරමින් ගුණනය වෙයි.

බැක්ටීරි භක්ෂකයකුගේ ජාරක ජීවන චක්‍රය

මේ චක්‍රයට පැහැදිලි පියවර පහක් ඇතුළත් ය. ඒවා නම්,

    1. සම්බන්ධ වීම
    2. විනිවිද යෑම
    3. ජෛවසංශ්ලේෂණය
    4. පරිණත වීම
    5. නිදහස් වීම යි.

01. සම්බන්ධ වීම :
  • බැක්ටීරියා සෛලයේ ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානයට වයිරසය සම්බන්ධ වීම පළමු වැනි පියවරයි.
02.  විනිවිද යෑම :
  • සම්බන්ධ වීමෙන් පසු බැක්ටීරි භක්ෂකයා බැක්ටීරි සෛලය තුළට DNA නික්ෂේප කරයි. මේ ක්‍රියාවලිය බැක්ටීරි සෛල බිත්ති බිඳදමන එන්සයිමයකින් පහසු කරනු ලබයි.
03. ජෛව සංශ්ලේෂණය :
  • ඊළඟ පියවර වන්නේ ධාරක සම්පත් භාවිත කර ධාරක සෛල ප්ලාස්මය තුළ වයිරස DNA හා ප්‍රෝටීන් ජෛව සංශ්ලේෂනය කිරීමයි. ධාරක සෛලවල DNA බිඳ වැටීම උත්තේජනය කිරීම මේ පියවරට ඇතුළත් ය.
04. පරිණතිය හා සමූහනය :

  • භක්ෂක DNA හා ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු වූ පසු සම්පූර්ණ වයිරස් අංශු සෑදීම සඳහා DNA හා ප්‍රෝටීන් කැප්සිඩ සමූහනය සිදු වේ.
05. නිදහස් වීම :
  • බැක්ටීරියා සෛල බිත්ති කැඩී විවෘත වීම (ජීරණය) බැක්ටීරි භක්ෂක වයිරස මඟින් ප්‍රේරණය වෙයි.
  • අලුතින් නිපදවුණු බැක්ටීරි භක්ෂක ධාරක සෛලයෙන් නිදහස් වෙයි. මෙසේ නිදහස් වන බැක්ටීරි භක්ෂක ආසන්නයේ ඇති සෛල තුළ තවත් ජාරක චක්‍රයක් අරඹයි.

බැක්ටීරි භක්ෂකයකුගේ ජාරක චක්‍රය

බැක්ටීරි භක්ෂකයකුගේ ජාරක චක්‍රය හා ව්‍යංශජනක චක්‍රය අතර සන්සන්දනය

   

HIV වෛරසය සුදු රුධිරාණුවකට ඇතුළු වීම හා නව වෛරස ඉන් පිටවීම

 

error: කොපි කරන්න තහනම්!!!