මොලිකියුටයින්

මොලිකියුටයින්

දර්ශීය මොලිකියුටා සෛලයක්  (මතක තබා ගැනීම අනවශ්‍යයි.)

සූත්‍රිකාකාර මොලිකියුටා ආකාරයක් 

ගෝලාකාර මොලිකියුටා ආකාරයක් 

සර්පිලාකාර  මොලිකියුටා ආකාරයක් (Spiroplasmas)

  1. බැක්ටීරියා අධිරාජධානියට අයත් ප්‍රාග්න්‍යෂ්ටිකයන් වෙති.
  2. සෛල බිත්ති නොමැති වීම මොවුන්ගේ සුවිශේෂ ලක්ෂණයකි.
  3. මයිකොප්ලාස්මාවන් හා ෆයිටොප්ලාස්මාවන් යනු මොලිකියුටා ආකාර දෙකකි.

මයිකොප්ලාස්මාවෝ

  • මොවුන් බහුරූපීය වේ, ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා හැඩයෙන් විවිධ වෙති.
  • ඔවුහු කුඩාම ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩය වෙති.
  • ඔවුන් ආලෝක අණ්වීක්ෂය භාවිතයෙන් නිරීක්ෂණය කළ නොහැකි ය.
  • මයිකොප්ලාස්මාවෝ කෂිකා නොදරති. මයිකොප්ලාස්මාවෝ සියල්ලක්ම පාහේ මානවයා හා සතුන්ගේ පරපෝෂිතයෝ වෙති.
  • ඔවුන්ට කාබනික වර්ධක සාධක විශාල වශයෙන් අවශ්‍ය වෙයි.

මයිකොප්ලාස්මා ජෙනිටලියම් (MG – Mycoplasma genitalium

  • මෙම ජීවීයා නිසා හටගන්නා රෝගයේ ලක්ෂණ පිටතට නොපෙනෙන නමුත්, බොහෝ විට කාන්තාවන්ගේ යෝනිය ආශ්‍රිත ආසාදන තත්ව ඇතිවී වඳභාවයට පත් වීමේ අවදානමක් පවතී.

ප්‍රජනනය

  • ඔවුන් අංකුරනයෙන් හා ද්විඛණ්ඩනයෙන් ප්‍රජනනය සිදු කරන අතර බීජාණු නොසාදයි.

ශ්වසනය

  • ඔවුන් සවායු හෝ වෛකල්පිත නිර්වායු වෙයි.

ෆයිටොප්ලාස්මාවන්

  • බොහෝ කරුණුවලින් ෆයිටොප්ලාස්මාවන්, මයිකොප්ලාස්මාවන්ට සමාන ය.
  • ඔවුහු ප්‍රමාණයෙන් මයිකොප්ලාස්මාවන්ට සමාන ය. දෙවර්ගය ම නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂවලින් පමණි.
  • ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා හැඩයෙන් විවිධ වෙයි.
  • ෆයිටොප්ලාස්මාවන් ආසාදනය කරන්නේ ශාක පමණක් වන අතර සාමාන්‍යයෙන් ෆ්ලෝයම යුෂයෙහි හමුවෙයි.
  • කෘත්‍රිම මාධ්‍යවල ඔවුනට වර්ධනය විය නොහැකි ය.

ප්‍රජනනය

  • ඔවුහු බොහෝ විට පත්‍ර කීඩෑවන් මගින් සම්ප්‍රේෂණය වෙති. එබැවින් ඔවුහු පත්‍ර කීඩෑවන් හා ශාක දේහය යන දෙකම තුළ ප්‍රජනනය සිදු කරති.
  • ඔවුහු අංකුරණයෙන් හා ද්විඛණ්ඩනයෙන් ප්‍රජනනය කරති.

ශ්වසනය

  • ඔවුන්ට සවායු හෝ වෛකල්පිත නිර්වායු යන ශ්වසන ආකාර ඇත.

2012 වසරේදී වැලිගම ප්‍රදේශයේ පොල් වගාවට හානි කල ෆයිටොප්ලාස්මා ආසාදනයක් පිළිබඳව දිවයින පුවත්පතේ පළවූ වාර්තාවක්.

error: කොපි කරන්න තහනම්!!!