ප්‍රොටිස්ටා

ඒකසෛලික ප්‍රොටිස්ටාවන්

  • ප්‍රොටිස්ටාවන් සියල්ලෝම ක්ෂුද්‍ර ජීවීන් නොවේ. එයට මහේක්ෂීය ජීවීන්ද අයත් වේ.
  • ක්ෂුද්‍ර ජීව විද්‍යාව යටතේ හදාරන්නේ ඒකසෛලික ප්‍රොටිස්ටාවන් ගැනය.

ඒකසෛලික ප්‍රොටිස්ටාවන්ගේ රූපීය විවිධත්වය

ඇමීබාගේ ව්‍යාජ පාද 

Paramecium ගේ පක්ෂ්ම 

Euglena ගේ තනි කෂිකාවක් පවතී.
Volvox carteri – ඒක සෛලිකයන් එක් වී සෑදූ ඝනාවාසයකි.
  • ඒකසෛලික ප්‍රොටිස්ටාවන් බහු රූපීය ය.
  • හැඩයෙන් විවිධ වන අතර ව්‍යාජ පාද, පක්ෂම හා කෂිකා වැනි සංචරණ ව්‍යූහ දරයි.
  • ඒවා තනි තනිව හෝ ඝනාවාසි ලෙස පවතියි. සමහර ප්‍රොටිස්ටාවන් එකට සම්බන්ධ වී සූත්‍රිකා සාදයි.

ඒකසෛලික ප්‍රොටිස්ටාවන්ගේ පෝෂණය

  • ප්‍රභාස්වයංපෝෂි, රසායනික විෂමපෝෂි හෝ මිශ්‍රපෝෂී පෝෂණ ක්‍රම ප්‍රොටිස්ටාවන් අතර හමු වෙයි.
  • සමහර ඇල්ගී ආකාර ලයිකනවල  සහජීවි අන්තර්ක්‍රියාවලට දායක වෙයි.(දිලීර වල බලන්න.)

ඒකසෛලික ප්‍රොටිස්ටාවන්ගේ ශ්වසන විවිධත්වය

  • ඔවුන් අතර ස්වායු, නිර්වායු හා වෛකල්පිත නිර්වායු යන ශ්වසන ආකාර හමු වේ.

ඒකසෛලික ප්‍රොටිස්ටාවන්ගේ ප්‍රජනනය

  • ලිංගික ප්‍රජනනය –  ජන්මාණු  නිපදවීම මඟින්.
  • අලිංගිකව ප්‍රජනනය – ඛණ්ඩනය මගින්.
error: කොපි කරන්න තහනම්!!!