දිලීර

දිලීර

  • දිලීර ඉයුකැරියෝටාවෝ ය.
  • දිලීර පෘථිවිය මත සිටින ප්‍රධාන වියෝජකයන් වේ.

දිලීර වල රූපීය විවිධත්වය

යීස්ට් -ඒකසෛලික දිලීර

ඇස්පර්ගිලස් – බහුසෛලික සූත්‍රිකාකාර දිලීර ආකාරයක් 

බැසිඩියෝමයිකොටා වංශය මෙවැනි බිම්මල් සාදයි

ආවාර සහිත දිලීර ජාලයක් – පෙනිසීලියිම් 

ආවාර රහිත දිලීර ජාලයක් -රයිසෝපස් 

  • ඒකසෛලික හෝ බහුසෛලික (පුස්) විය හැකිය.
  • සමහර බහුසෛලික දිලීර බිම්මල්/හතු සාදයි.
  • පුස් වර්ග දිලීර සූත්‍රිකා ලෙස හැඳින්වෙන දිගටි සූත්‍රිකාවලින් සමන්විත වූ මයිසිලියම් හෙවත් දිලීර ජාලය නමැති දෘශ්‍යමාන ගොනු ඇති කරයි.

දිලීර ජාලයක සැබෑ ස්වරූපය

  • බොහෝ පුස් වර්ගවල ආවාර ලෙස හැඳින්වෙන හරස් බිත්ති ඇත. ආවාර මඟින් දිලීර සූත්‍රිකා කැපී පෙනෙන ඒකන්‍යෂ්ටික සෛල ආකාර ඒකකවලට බෙදයි.
  • සමහර පුස් වර්ග ආවාර නොදරන අතර එමගින් න්‍යෂ්ටි විශාල සංඛ්‍යාවක් දරන දිගු අඛණ්ඩ සෛල නිපදවයි. ඒවා සංසෛලික සූත්‍රිකා ලෙස හඳුන්වයි.
  • පාන් හා පලතුරු මත ඇති වන පුලුන් ආකාර වර්ධනයන් ඇති කරන්නේ පුස් වර්ගවල මයිසිලියම් මගිනි.

දිලීර වල පෝෂණය

  • දිලීර රසායනික විෂමපෝෂීන් වන අතර අවශෝෂණය මඟින් ආහාර ලබා ගනියි.
  • ඔවුන් මෘතෝපජීවී පෝෂණ ක්‍රමයක් පෙන්වයි.
  • දිලීර එන්සයිම් ශ්‍රාවය කර මිය ගිය ශාක හා සත්ත්ව ද්‍රව්‍ය වියෝජනය කරමින් ආහාර දාමවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, එමඟින් ඉතා වැදගත් ජෛවීය වශයෙන් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය චක්‍රීකරණය සිදු කරයි.
  • පරපෝෂි (ශාක හා සත්ත්ව ව්‍යාධිජනක) හා අන්‍යොන්‍යාධාර (ලයිකන හා දිලීරකමූල) වැනි පෝෂණ ආකාර දිලීර අතර පවතී.

පරපෝෂී දිලීරයකින් හානි වූ ශාක පත්‍රයක් 

පරපෝෂී දිලීරයක් ආසාදනය වූ කුහුඹුවෙක් 

ලයිකන : දිලීර + හරිත ඇල්ගී / සයනොබැක්ටීරියා සහජීවී සංගමයකි

දිලීර වල ප්‍රජනනය

  • ඒකසෛලික දිලීර ඛණ්ඩනය හා අංකුරණය මඟින් අලිංගිකව ප්‍රජනනය සිදු කරයි.

  • සූත්‍රිකාකාර දිලීර (පුස් වර්ග) බීජාණු නිපදවමින් අලිංගිකව හා/ හෝ ලිංගිකව ප්‍රජනනය සිදු කරයි.

error: කොපි කරන්න තහනම්!!!