සයනොබැක්ටීරියා

සයනොබැක්ටීරියා (නීල හරිත ඇල්ගේ)

  • ඔවුන්ගේ ලාක්ෂණික නිල්-කොළ වර්ණක නිසා ඔවුහු එම නමින් හඳුන්වනු ලැබෙති. සයනො බැක්ටීරියා පුළුල් පරාසයක හැඩ හා සෛල සැකසුම් ප්‍රදර්ශනය කරන අතර ඔවුන් ඒක සෛලික සිට ඝනාවාස දක්වා ද විවිධත්වයක් දක්වයි.
  • ඒකසෛලික ආකාර – සෛල විභාජනයෙන් පසුව සෛල වෙන් වෙයි. කෙසේ නමුත් දුහිතෘ සෛල විසින් විශාල වශයෙන් ශ්‍රාවය කරනු ලබන නානු මඟින් බහුතරයක් ඒක සෛලික ආකාර එක්ව පවතී.
  • ඝනාවාසි ආකාර – සෛල ඝනාවාස සැදීමේ දී ඒවා බිත්තිවලින් එකිනෙකට සම්බන්ධව හෝ පොදු ජෙලටනීමය පූරකයක ගිලී හෝ පවතියි. ඝනාවාස සූත්‍රිකාකාර හෝ සූත්‍රිකාකාර නොවන හෝ විය හැකි ය.

රතු ඊතල වලින් දක්වා ඇත්තේ නානු ස්තරයයි.

සූත්‍රිකාකාර නොවන ඝනාවාස

  • සූත්‍රිකාකාර නොවන ඝනාවාස සෛල විභාජනය වන තලය හා දිශාව මත ගෝලාකාර, ඝනාභ, චතුරශ්‍රාකාර හා අක්‍රමවත් හැඩැති යන සෛල සැකසුම් සහිත වෙයි.

චතුරශ්‍රාකාර ඝනාවාසයක්

ගෝලාකාර ඝනාවාසයක්

සූත්‍රිකාමය ඝනාවාස

  • තනි තලයක, එක් දිශාවකට සෛල විභාජනය වීමේ ප්‍රතිඵලය ලෙස සූත්‍රිකාමය ඝනාවාසි ආකාර දාම හෝ නූල් වැනි ව්‍යූහ ඇති කරයි.

සයනොබැක්ටීරියා වල පෝෂණය

  • ශාක හා ඇල්ගී මෙන්, ප්‍රභාසංශ්ලේෂණය සිදු කරන සයනොබැක්ටීරියා ද ප්‍රභා ස්වයංපෝෂීවෙයි.

නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව

  • බොහෝ සයනොබැක්ටීරියා වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව දරයි.

උදා:

    • Nostoc sp. යනු නිදහස්වාසී නයිට්‍රජන්  තිර කරන්නෙකි.
    • Anabaena  තම හවුල්කරු සමඟ සහජීවීව ( Azolla sp.- ජලජ පර්ණාංගයකි, Cycas – වල කොරල් හැඩැති මුල් තුළ ) නයිට්‍රජන් තිර කරයි.

සයනොබැක්ටීරියාවන් තුළ හමුවන  විශේෂිත සෛල

හෙටරොසිස්ට

  • බොහෝ විශේෂවල නයිට්‍රජන් තිර කිරීම විශේෂ සෛල වර්ගයක් වන හෙටරොසිස්ට තුළ සිදු වෙයි.
  • හෙටරොසිස්ට තුළ දී නයිටජ්‍රනේස් යන එන්සයිමයෙන් නයිට්‍රජන් තිර කිරීම උත්ප්‍රේරණය වෙයි.
  • නයිට්‍රජනේස් ඔක්සිජන් වායුවට සංවේදීය.
  • ජලයෙන්, වාතයෙන් හෝ අසල්වැසි ප්‍රභාසංශ්ලේෂී සෛලවලින් ඔක්සිජන් තම සෛලයට විසරණය වීම වළකා නයිට්‍රජනේස් ආරක්ෂා කිරීම සඳහා හෙටරොසිස්ටවල ඝනකම් බිත්ති ඇත.

එකෛයිනිට

  • සයනොබැක්ටීරියාවන් තවත් විශේෂිත සෛල ආකාරයක් වන ඒකෛයිනිට දරයි.
  • ඒකයිනිට සංචිත ආහාර හා ඝන බිත්ති දරන අක්‍රිය බීජාණු ආකාරයකි. ඒවා නියඟයට හා අධික උෂ්ණත්ව වලට  ප්‍රතිරෝධී ය.
  • වර්ධක සෛල වියළී ගිය ද අහිතකර පාරිසරික තත්තව වල දී නොනැසී පැවැතීමට ඒකයිනිටවලට හැකියාව ඇත.

සයනොබැක්ටීරියාවල ප්‍රජනනය

  • සයනො බැක්ටීරියා අලිංගිකව පමණක් ප්‍රජනනය කරයි.
  • තනි ඒකසෛලික හා ඝනාවාසි සූත්‍රිකාමය නොවන ආකාර සරල සෛල විභාජනය මඟින් ප්‍රජනනය සිදු කරයි.
  • ඝනාවාසි සූත්‍රිකාකාර හා ඝනාවාසි ඒකසෛලික ආකාර කඩ කඩ වීම මඟින් ප්‍රජනනය කරයි.
error: කොපි කරන්න තහනම්!!!