මානව මුත්‍ර පද්ධතිය ආශ්‍රිත ආබාධ 

සමස්ථිතියේ දී වෘක්කවල කාර්යභාරය :

  1. දේහ තරල වල විද්‍යුත් විච්ඡේද්‍ය හා ජල තුල්‍යයතාව පවත්වා ගැනීම. (ආස්‍රැති විධානය)
  2. විෂ අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීම.
  3. අම්ල හස්ම තුල්‍යතාව තුළින් රුධිරයේ pH යාමනය.
  4. රුධිර පරිමාව හා පීඩනය පාලනය.
  5. රක්තාණු නිපදවීම උත්තේජනය සඳහා එරිත්‍රොපොයිටීන් හෝමෝනය ස්‍රාවය කිරීම.
  6. රුධිර පීඩනය පාලනයට වැදගත් රිනින් එන්සයිමය නිපදවීම හා ස්‍රාවය කිරීම.

මානව මුත්‍ර පද්ධතිය ආශ්‍රිත ආබාධ 

  1. මුත්‍රාශයේ හා වෘක්කවල ගල් හටගැනීම –

  • සාමාන්‍යයෙන් මුත්‍ර වල අඩංගුවන ඇතැම් සංඝටක අවක්ෂේපනය වීමෙන් (ඔක්සලේට් හා පොස්ෆේට්) මුත්‍ර ගල් හට ගනියි. ඒවා වෘක්කීය අශ්ම ලෙස හැඳින් වේ. 
  • මේ කෙරේ බලපාන හේතුන් වන්නේ,
    1. ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීමෙන්, විජලන තත්ත්වයට පත් වීම.
    2. මුත්‍ර වල ක්ෂාරීය බව වැඩි වීම.
    3. මුත්‍රවල pH වෙනස් වීම නිසා හට ගන්නා ආසාදන.
    4. පරිවෘත්තීය තත්ත්ව
    5. පවුල් ඉතිහාසය
  • මේ තත්ත්වය වළක්වා ගැනීමට ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු ය.
  1. වෘක්ක අකර්මණ්‍ය වීම – (Kidney failure)

  • වෘක්කවලට තම ක්‍රියා නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වීමෙන් මේ තත්ත්වය හට ගනියි. මේ නිසා අපද්‍රව්‍ය හා අතිරික්ත තරල රුධිරයේ ඒකරාශි වෙයි.
  • වෘක්ක අකර්මණ්‍ය වීමට බලපාන හේතු වන්නේ,
    1. දියවැඩියාව
    2. අධික රුධිර පීඩනය
    3. පවුල් ඉතිහාසය
    4. වියපත් වීම
  1. නිදන්ගත වකුගඩු රෝග – Chronic kidney disease (CKD)

  • කාලයත් සමඟ ක්‍රමයෙන් වකුගඩු ක්‍රියාකාරිත්වය අඩාළ වෙමින් යෑමයි. වෘක්ක අකර්මණ්‍යතාවට බලපාන හේතු මෙයටද බලපායි. 
  • මේ තත්ත්වය වළක්වා ගැනීමට,
    1. ලවණ හා මේදය අඩු ආහාර ගැනීම
    2. ක්‍රමවත් ව්‍යායාම වල නිරත වීම
    3. දුම්පානය නොකිරීම
    4. වෘක්ක ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම සිදු කල යුතුය.

කාන්දු පෙරීම – (Dialysis):

  • වෘක්ක අකර්මණ්‍ය වූ රෝගීන්ගේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය, විෂ හා අතිරික්ත ද්‍රාව්‍ය හා තරල කෘතිමව රුධිරයෙන් ඉවත් කිරීම කාන්දු පෙරීමයි.

Kidney dialysis - Wikipedia

ශ්‍රී ලංකාවේ හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝග (CKDu) 

  • මෙහිදී ද කාලයක් සමඟ වෘක්ක ක්‍රියාකාරිත්වය අඩාළ වීම සිදු වෙයි. 
  • මේ තත්ත්වය හට ගැනීම බලපාන නිශ්චිත හේතුව තවම හඳුනා ගෙන නැති නිසා හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය ලෙස හඳුන්වයි.
  • නිදන්ගත වකුගඩු රෝගයට (CKD) වඩා මෙය වෙනස් ආකාරයකි. 
  • එයට සම්මත අවදානම් සාධක එනම් දිය වැයාව, අධිරුධිර පීඩනය, ප්‍රවේණික ආබාධ මූත්‍ර මාර්ග ආශ්‍රිත ගැටලු බලපායි. 
  • රෝගය ඇරඹීමත් සමගම රෝග ලක්ෂණ හට නොගෙන රෝගියා ප්‍රතිකාර ගැනීමට යොමු වනට දී අප්‍රතිවර්ත ලෙස වෘක්ක හානි වීමෙන් රෝගයේ අවසාන අදියරයට ළඟා වී තිබීම මෙහි ඇති භායනකම තත්ත්වයයි (End stage renal disease/ESRD).
  • ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ග්‍රාමීය ප්‍රදේශවලත් ( මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, මැදිරිගිරිය ) ඌව පළාතේ ( ගිරාඳුරු කෝට්ටේ), නැගෙනහිර පළාතේ ( දෙහිඅත්තකණ්ඩිය) වැනි ප්‍රදේශ වලින් මුල්වරට වාර්තා වී ඇත. පසුව වයඹ, දකුණු, මධ්‍යම හා උතුරු මැද පළාත් වලින් ද රෝගීන් වාර්තා වී ඇත.

 

  • CKDu සඳහා උපකල්පිත හේතු. මේ සඳහා සාධක බොහොමයක් බලපායි.
    1. ජලය හා ආහාර තුළින් As, Cd වැනි බැර ලෝහවලට ලෝහාලෝහ නිරාවරණය වීම 
    2. ආහාර පිළියෙළි කිරීමට බාල තත්ත්වයෙන් යුක්ත උපකරණ භාවිතය
    3. පානීය ජලයේ ඇති අධික F ප්‍රමාණය
    4. පලිබෝධ නාශක වලට නිරාවරණය වීම
    5. ප්‍රවේණික සාධක
    6. මන්ද පෝෂණය හා විජලනය

 

error: කොපි කරන්න තහනම්!!!