Lesson Progress
0% Complete
ප්‍රෝටිස්ටා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය
ප්‍රෝටිස්ටා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ
- බහුතරයක් ඒකසෛලිකයෝ ය.
- අනෙකුත් ජීවීන් ගණාවාසී හෝ බහුසෛලික වේ.
- එය බහුවංශයික (එක් පූර්වජයකුට වඩා වැඩි ගණනකින් සම්භවය ලබා ඇත) හා කෘත්‍රිම වර්ගීකරණ කණ්ඩායමකි.
- මිරිදියේ, කරදියේ හා තෙත් පසේ වාසය කරති.
- සමහරු සහජීවී ආකාර වෙති.
- සමහරු ප්‍රභාස්වයංපෝෂි, සමහරු විෂමපෝෂි ද සමහරු මිශ්‍ර පෝෂි ද වෙති. (ප්‍රභාස්වයංපෝෂි හා විෂමපෝෂී පෝෂක ක්‍රම දෙකම දරන)
Euglena
- කරදිය හා මිරිදිය වාසී ය.
- ඒකසෛලික ය.
- සෛල බිත්තියක් නැත.
- ඡවිකාවක් ඇත.
- මිශ්රපෝෂීන් ය. (ප්රභාස්වයංපෝෂීන් හා විෂමපෝෂී වේ.)
- හරිතලව ඇත.
- කශිකා එකක් හෝ දෙකක් ඇත.
- අක්ෂිලප ඇත.
- සංකෝචක රික්තක ඇත. (බහිස්‍රාවය සඳහා)
- කශිකා එකක් හෝ දෙකක් ගිලී පවතින මඩියක් එක් අන්තයක තිබේ.
Paramecium
- මිරිදිය වාසී ය.
- සෛල බිත්තිය නැත. එහෙත් ඡවිකාව ඇත.
- ඒක සෛලිකයි.
- සෛලය මතුපිට පූර්ණ වශයෙන් පක්ෂ්ම වලින් වැසී ඇත.
- ඔවුන්ට දෙ ආකාරයක න්‍යෂ්ටි ඇත. ඒවා නම් මහා න්‍යෂ්ටිය හා ක්ෂුද්‍ර න්‍යෂ්ටියයි.
- සංකෝචක රික්තක හා ආහාර රික්තක ඇත.
- ආහාර අධිග්රහණය සඳහා මෞඛ ඇලියක් ඇත.
- විෂමපෝෂී වේ.
Amoeba
- ජලජ (මිරිදිය හා කරදිය) විශේෂ නිදැලි වාසී වේ. අනෙක් ආකාර පරපෝෂි වේ.
- සෛල බිත්ති නැත.
- ඒක සෛලික ය.
- නිශ්චිත හැඩයක් නැත.
- සංචරණය සහ ආහාර ගැනීම සඳහා ව්‍යාජපාද සාදයි.
- ආහාර රික්තක හා සංකෝචක රික්තක ඇත (පරපෝෂී ආකාර තුළ සංකෝචක රික්තක නොමැත).
- විෂමපෝෂී වේ.
Ulva
- මහේක්ෂීය (පියවි ඇසින් නිරීක්ෂණය වේ).
- කරදියවාසීහු ය.
- සෛල බිත්ති ඇත. ඒවා ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් වලින් සමන්විතය.
- සංචිත ආහාරය පිෂ්ටයයි.
- බහුසෛලික තලස, පත්‍ර වැනි තලයකට හා මුල් වැනි අවුල් පාසුවකට, විභේදනය වී ඇත.
- කොළ පැහැතිය (හරිත ඇල්ගී).
- ප්‍රභාසංස්ලේෂක වර්ණක ක්ලෝරොෆිල් a සහ b වේ.
Gelidium
- කරදිය වාසී ය.
- සෛල බිත්ති සහිතයි. (ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් වලින් සමන්විතය.)
- අවුල්පාසුව සහිත බහුසෛලික තලසකි.
- කොළ පැහැයට හුරු රතු වර්ණය (රතු ඇල්ගී) ගනී.
- සංචිත ආහාරය ෆ්ලොරිඩියන් පිෂ්ටය වේ.
- ප්රභාසංස්ලේෂණක වර්ණක ක්ලෝරොෆිල් a සහ ක්ලෝරොෆිල් d සහ ෆයිකොබිලි-ප්‍රෝටීන වේ.
Sargassum
- කරදිය වාසී ය.
- සාපේක්ෂව විශාල සහ සංකීර්ණයි.
- සෛල බිත්ති සහිතයි.(සෙලියුලෝස් සහ ඇල්ජිනික් අම්ල වලින් සමන්විතයි.)
- බහුසෛලික තලස ශාකාකාර ය.
- එය මුල් වැනි අවුල් පාසුවකින්, කඳක් වැනි වෘන්තයකින් හා පත්‍ර වැනි තලයකින් ද යුක්තය.
- බහුසෛලික වායු පිරුණු බල්බයක හැඩැති උත්ප්ලාවක/ඉපිල්ලා තලයට ආධාරකයක් සපයයි.
- ඔලිව් කොළ පාටින් හෝ දුඹුරු පාටින් යුක්තය. (දුඹුරු ඇල්ගී)
- සංචිත ආහාරය ලැමිනාරින් වේ.
- ප්‍රභාසංස්ලේෂක වර්ණක – ක්ලෝරොෆිල් a සහ ක්ලෝරොෆිල් c සහ සැන්තොෆිල් වේ.
Diatoms
- ජලජවාසින් ය (මිරිදිය හා කරදිය).
- ඒක සෛල වීදුරු ආකාර බිත්තිය අතිපිහිත වන කොටස් දෙකකකින් යුක්තයි (සිලිකා සහිතයි).
- සෛල බිත්තිය ප්‍රධාන වශයෙන් පෙක්ටින් සහ සිලිකා.
- හැඩය හා පෘෂ්ඨයේ ඇති සලකුණු අනුව විශාල විවිධත්වයක් දක්වයි.
- රන්වන් දුඹුරු පැහැතිය (රන්වන් දුඹුරු ඇල්ගී).
- සංචිත ආහාරය ක්රිසොලැමිනාරින් වේ.
- ප්‍රභාසංස්ලේෂක වර්ණක – ක්ලෝරොෆිල් a සහ ක්ලෝරොෆිල් c, කැරොටින් සහ සැන්තොෆිල්.
ඩයටම ආකාර කිහිපයක්