ප්‍රෝටිස්ටා රාජධානිය

ප්‍රෝටිස්ටා රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

ප්‍රෝටිස්ටා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ

  1. බහුතරයක් ඒකසෛලිකයෝ ය.
  2. අනෙකුත් ජීවීන් ගණාවාසී හෝ බහුසෛලික වේ.
  3. එය බහුවංශයික (එක් පූර්වජයකුට වඩා වැඩි ගණනකින් සම්භවය ලබා ඇත) හා කෘත්‍රිම වර්ගීකරණ කණ්ඩායමකි.
  4. මිරිදියේ, කරදියේ හා තෙත් පසේ වාසය කරති.
  5. සමහරු සහජීවී ආකාර වෙති.
  6. සමහරු ප්‍රභාස්වයංපෝෂි, සමහරු විෂමපෝෂි ද සමහරු මිශ්‍ර පෝෂි ද වෙති. (ප්‍රභාස්වයංපෝෂි හා විෂමපෝෂී පෝෂක ක්‍රම දෙකම දරන)

Euglena

  • කරදිය හා මිරිදිය වාසී ය.
  • ඒකසෛලික ය.
  • සෛල බිත්තියක් නැත.
  • ඡවිකාවක් ඇත.
  • මිශ්‍රපෝෂීන් ය. (ප්‍රභාස්වයංපෝෂීන් හා විෂමපෝෂී වේ.)
  • හරිතලව ඇත.
  • කශිකා එකක් හෝ දෙකක් ඇත.
  • අක්ෂිලප ඇත.
  • සංකෝචක රික්තක ඇත. (බහිස්‍රාවය සඳහා)
  • කශිකා එකක් හෝ දෙකක් ගිලී පවතින මඩියක් එක් අන්තයක තිබේ.

Paramecium

  • මිරිදිය වාසී ය.
  • සෛල බිත්තිය නැත. එහෙත් ඡවිකාව ඇත.
  • ඒක සෛලිකයි.
  • සෛලය මතුපිට පූර්ණ වශයෙන් පක්ෂ්ම වලින් වැසී ඇත.
  • ඔවුන්ට දෙ ආකාරයක න්‍යෂ්ටි ඇත. ඒවා නම් මහා න්‍යෂ්ටිය හා ක්ෂුද්‍ර න්‍යෂ්ටියයි.
  • සංකෝචක රික්තක හා ආහාර රික්තක ඇත.
  • ආහාර අධිග්‍රහණය සඳහා මෞඛ ඇලියක් ඇත.
  • විෂමපෝෂී වේ.

Amoeba 

  • ජලජ (මිරිදිය හා කරදිය) විශේෂ නිදැලි වාසී වේ. අනෙක් ආකාර පරපෝෂි වේ.
  • සෛල බිත්ති නැත.
  • ඒක සෛලික ය.
  • නිශ්චිත හැඩයක් නැත.
  • සංචරණය සහ ආහාර ගැනීම සඳහා ව්‍යාජපාද සාදයි.
  • ආහාර රික්තක හා සංකෝචක රික්තක ඇත (පරපෝෂී ආකාර තුළ සංකෝචක රික්තක නොමැත).
  • විෂමපෝෂී වේ.

Ulva 

  • මහේක්ෂීය (පියවි ඇසින් නිරීක්ෂණය වේ).
  • කරදියවාසීහු ය.
  • සෛල බිත්ති ඇත. ඒවා ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් වලින් සමන්විතය.
  • සංචිත ආහාරය පිෂ්ටයයි.
  • බහුසෛලික තලස, පත්‍ර වැනි තලයකට හා මුල් වැනි අවුල් පාසුවකට, විභේදනය වී ඇත.
  • කොළ පැහැතිය (හරිත ඇල්ගී).
  • ප්‍රභාසංස්ලේෂක වර්ණක ක්ලෝරොෆිල් a සහ b වේ.

Gelidium

  • කරදිය වාසී ය.
  • සෛල බිත්ති සහිතයි. (ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් වලින් සමන්විතය.)
  • අවුල්පාසුව සහිත බහුසෛලික තලසකි.
  • කොළ පැහැයට හුරු රතු වර්ණය (රතු ඇල්ගී) ගනී.
  • සංචිත ආහාරය ෆ්ලොරිඩියන් පිෂ්ටය වේ.
  • ප්‍රභාසංස්ලේෂණක වර්ණක ක්ලෝරොෆිල් a සහ ක්ලෝරොෆිල් d සහ ෆයිකොබිලි-ප්‍රෝටීන වේ.

Sargassum 

  • කරදිය වාසී ය.
  • සාපේක්ෂව විශාල සහ සංකීර්ණයි.
  • සෛල බිත්ති සහිතයි.(සෙලියුලෝස් සහ ඇල්ජිනික් අම්ල වලින් සමන්විතයි.)
  • බහුසෛලික තලස ශාකාකාර ය.
  • එය මුල් වැනි අවුල් පාසුවකින්, කඳක් වැනි වෘන්තයකින් හා පත්‍ර වැනි තලයකින් ද යුක්තය.
  • බහුසෛලික වායු පිරුණු බල්බයක හැඩැති උත්ප්ලාවක/ඉපිල්ලා තලයට ආධාරකයක් සපයයි.
  • ඔලිව් කොළ පාටින් හෝ දුඹුරු පාටින් යුක්තය. (දුඹුරු ඇල්ගී)
  • සංචිත ආහාරය ලැමිනාරින් වේ.
  • ප්‍රභාසංස්ලේෂක වර්ණක – ක්ලෝරොෆිල් a සහ ක්ලෝරොෆිල් c සහ සැන්තොෆිල් වේ.

Diatoms 

  • ජලජවාසින් ය (මිරිදිය හා කරදිය).
  • ඒක සෛල වීදුරු ආකාර බිත්තිය අතිපිහිත වන කොටස් දෙකකකින් යුක්තයි (සිලිකා සහිතයි).
  • සෛල බිත්තිය ප්‍රධාන වශයෙන් පෙක්ටින් සහ සිලිකා.
  • හැඩය හා පෘෂ්ඨයේ ඇති සලකුණු අනුව විශාල විවිධත්වයක් දක්වයි.
  • රන්වන් දුඹුරු පැහැතිය (රන්වන් දුඹුරු ඇල්ගී).
  • සංචිත ආහාරය ක්‍රිසොලැමිනාරින් වේ.
  • ප්‍රභාසංස්ලේෂක වර්ණක – ක්ලෝරොෆිල් a සහ ක්ලෝරොෆිල් c, කැරොටින් සහ සැන්තොෆිල්.

ඩයටම ආකාර කිහිපයක් 

error: කොපි කරන්න තහනම්!!!