දිලීර රාජධානිය

දිලීර/ෆන්ගී  රාජධානියේ ජීවීන්ගේ විවිධත්වය

දිලීර/ෆන්ගී  රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ

  • සූන්‍යෂ්ටික ය.
  • සෛල බිත්ති ශක්තිමත් නම්‍යශීලි පොලිසැකරයිඩයක් වන කයිටින් වලින් සෑදී ඇත.
  • ඔවුන් අවශෝෂක, විෂමපෝෂීන්ය.
  • සංකීර්ණ අණු සරල අණු බවට බිඳ හෙළන බහිස්සෛලීය එන්සයිම ශ්‍රාවය කරයි.
  • විවිධ විශේෂ වියෝජකයන්, පරපෝෂීන් හා අනෝන්‍යධාර සංගම් ලෙස ජීවත් වෙයි.
  • සුළු සංඛ්‍යාවක් ඒක සෛලිකය. අනෙක් විශේෂ බහුසෛලික සූත්‍රිකා (hyphae) නිපදවයි.
  • සුත්‍රිකාවල ආවාර පැවතිය හැකි ය. ආවාර/ හරස් බිත්ති මඟින් සූත්‍රිකා සෛලවලට බෙදී ඇත.
  • මයිටොකොන්ඩ්‍රියා, රයිබොසෝම න්‍යෂ්ටි වැනි ඉන්ද්‍රියිකාවල චලනයට ඉඩ දෙන සිදුරු ආවාරවල පිහිටයි.
  • ආවාර රහිත ඒවා සංසෛලික දිලීර නම් වේ (න්‍යෂ්ටි රාශියක් සහිත ය).
  • දිලීර සූත්‍රිකා මඟින් දිලීර ජාලයක් සාදයි.
  • සමහර දිලීර ශෝෂක දරයි. (විනිවිදීමට හා ශාක හා දිලීර අතර, ද්‍රව්‍ය හුවමාරුවට හෝ ද්‍රව්‍ය අවශෝෂණයට)
  • බහුසෛලික දිලීර, දිලීර ජාලයක් (අතු බෙදුනු දිලීර සූත්‍රිකා ජාලයක් වන මෙය පෝෂක අවශෝෂණයට හැඩගැසී ඇත) සාදයි.
  • ලිංගික හා අලිංගික ප්‍රජනනය පෙන්වයි.
  • බීජාණු නිපදවයි.

ශෝෂක

වංශය – Chytridiomycota හි ලාක්ෂණික ලක්ෂණ

ජීවන චක්‍ර මතක තබා ගැනීම අනවශ්‍යයි.

උදා:- Chytridium

  • ජලජ හෝ භෞමික වේ.
  • ඇතැම් ආකාර මෘතෝපජීවී හා අනෙක් ආකාර පරපෝෂී වේ.
  • ඒකසෛලික හෝ බහුසෛලික වේ.
  • බහුසෛලික වූ විට සංසෛලිකයි.
  • කශිකාධාර චල බීජාණු නිපදවයි.
  • සෛල බිත්ති කයිටින් වලින් සෑදී ඇත.
  • සමහරුන් දිලීර සූත්‍රිකාවලින් ගණාවාස සාදන අතර, සමහරු ගෝලාකාර තනි සෛල ලෙස පවතියි.

වංශය – Zygomycota හි ලාක්ෂණික ලක්ෂණ

Mucor හි ජීවන චක්‍රය (මතක තබා ගැනීම අනවශ්‍යයි.)

උදා:-Mucor, Rhizopus

  • බොහෝ ජීවීන් මෘතෝපජීවීන් වන අතර, සමහරු පරපෝෂී හෝ සහභෝජි වේ.
  • දිලීර ජාලය සංසෛලික හා නිරාවාර අතර, ප්‍රජනක සෛල සෑදෙන ස්ථානවල පමණක් ආවාර ඇති වේ.
  • අලිංගික ප්‍රජනනය – ප්‍රවේණිකව සමාන ඒකගුණ බීජාණු නිපදවන බීජාණුධානි නිපදවයි.
  • ඒවා තුළ අන්තර්ජන්‍යව ද බීජාණු නිපදවයි. බීජාණු, එම බීජාණුධානි නම් වේ.
  • ලිංගික ප්‍රජනනය – න්‍යෂ්ටියෝගය හා ප්ලාස්මයෝගය මඟින් සෑදෙන දෘඪ ව්‍යුහක් වන සංයෝගාණුව නිපදවේ.
  • සංයෝගාණුව අහිතකර පරිසර තත්වවලට ප්‍රතිරෝධි වේ.
  • සංයෝගාණුව වියළීම හා අධික සීතලට /මිදිමට ඔරොත්තු දෙන බහුන්‍යෂ්ටික ව්‍යුහයකි.
  • සංයෝගාණුව අහිතකර කාලගුණික තත්වවල දී පරිවෘත්තීය වශයෙන් නිශ්ක්‍රිය වේ.
  • පරිසර තත්ත්ව හිතකර වන විට සංයෝගාණුව ප්‍රවේණිකව වෙනස් ඒකගුණ බීජාණු නිපදවයි.

වංශය – Ascomycota හි ලාක්ෂණික ලක්ෂණ

ජීවන චක්‍ර මතක තබා ගැනීම අනවශ්‍යයි.

 

Aspergillus හි අලිංගික ප්‍රජනනය 

 

Penicillium හි අලිංගික ප්‍රජනනය 

Saccharomyces හි අලිංගික ප්‍රජනනය 

උදා:- Aspergillus, Saccharomyces, Penicillium

  • කරදිය, මිරිදිය හෝ භෞමික
  • පරපෝෂී හෝ සහජීවී වේ.
  • බොහෝ ආකාර වියෝජකයෝ ය.
  • ඒකසෛලික හෝ සූත්‍රිකාකාර, බහුසෛලික වේ.
  • අලිංගික ප්‍රජනනයේ දී විශේෂිත දිලීර සූත්‍රිකා වර්ගයක් වන කොනිඩිධර කෙළවර කොනිඩියා නිපදවයි (දාම හෝ පොකුරු ලෙස ඇති වන බර්හිජන්‍ය බීජාණු).
  • ලිංගික ප්‍රජනනයේ දී ලිංගිකව විභේදිත ජන්මාණුධානි හා වීම සහ මඩියක් වැනි ව්‍යුහයක් වන අස්කස සැදීම සිදු වේ. අස්කස තුළ අස්ක බීජාණු නිපදවයි.
  • අස්ක බීජාණු අන්තර්ජන්‍යයි.
  • සාමාන්‍යයෙන් අස්කස තුළ අස්ක බීජාණු 8ක් ඇත.
  • බොහෝ අස්කොමයිකෝටාවන් විසින් අස්කස සහිත අස්කඵල නිපදවයි.

වංශය – Basidiomycota හි ලාක්ෂණික ලක්ෂණ

උදා:- Agaricus, බෝල හතු, රාක්ක හතු

  • භෞමිකය.
  • ප්‍රධාන වශයෙන් වියෝජකයන් සහ සමහරු සහජීවීය.
  • ආවාර සහිත සූත්‍රිකාමය, ද්වින්‍යෂ්ටික දිලීර ජාලය ජීවන චක්‍රයේ ප්‍රමුඛ වේ.
  • ලිංගික ප්‍රජනනයේ දී බැසිඩිඵල යන ඵලාවරණ නිපදවයි.
  • බැසිඩි ඵලයේ තැලි මත බැසිඩි බීජාණු නිපදවයි.
  • බැසිඩි බීජාණු බහිර්ජන්‍යයි.
  • අලිංගික ප්‍රජනක ව්‍යුහ සුලභ නොවේ.
error: කොපි කරන්න තහනම්!!!