බැක්ටීරියා

බැක්ටීරියා

  • බැක්ටීරියාවෝ ඒකසෛලික ප්‍රෝකැරියෝටාවෝ වෙති. ඔවුහු විවිධ රූප විද්‍යාත්මක ආකාර සහ සැකසුම් සහිත ය. බැක්ටීරියාවල වඩාත් කැපී පෙනෙන ව්‍යූහ ලක්ෂණ වන්නේ ඔවුන් සෑදී ඇති තනි සෛලවල හැඩයයි.
  • මූලික හැඩ ආකාර තුනක් ඇත.
      1. ගෝලාකාර (කොකුස) (බහුවචනය – කොකයි)
      2. දණ්ඩාකාර (බැසිලස)  (බහුවචනය – බැසිලයි)
      3. සර්පිලාකාර (ස්පිරිල්ලුම්) (බහුවචනය – ස්පිරිලයි)

  • සෛල විභාජනයේ දී සෛල එකිනෙකට සම්බන්ධව පවත්නා ආකාර අනුව එකිනෙකට වෙනස් වූ සැකසුම් ඇති කරයි. ඒ අනුව කොකුස, බැසිලස සහ ස්පිරුලිම තවත් රූපාකාර රැසක් පෙන්වයි.

කොකුස බැක්ටීරියාවන්ගේ සෛල සැකසුම්වල විවිධ ආකාර

කොකුස

  • එක ම තලයක සෛල විභාජනය වෙයි. විභාජනය අවසානයේ බෙදෙන සෛල එකිනෙකින වෙන්  වී යයි.

ඩිප්ලොකොකුස

  • එකම තලයක සෛල විභාජනය වෙයි. බෙදී සැදෙන සෛල යුගල ලෙස පවතියි.

ස්ට්‍රෙප්ටොකොකුස

  • එකම තලයක සෛල විභාජනය වෙයි. විභාජනය වූ සෛල දාමයක ආකාරයට එකිනෙකට සම්බන්ධව පවතියි.

චතුෂ්ක

  • තල දෙකක සෛල විභාජනයෙන් නිපදවෙන සෛල හතර එකිනෙකට සම්බන්ධව පවතියි.

සාසීනා

  • තල තුනක සෛල විභාජනය සිදු වන අතර, සෑදෙන සෛල අටක කාණ්ඩයක් ලෙස එකිනෙකට සම්බන්ධව පවතියි.

ස්ටැෆිලොකොකුස

  • බහුතලීය ලෙස සෛල විභාජනය වෙයි. මිදි පොකුරු ආකාර සෛල ගොනු සාදයි.

බැසිලස බැක්ටීරියාවල සෛල සැකසීමේ විවිධ ආකාර

  • බැසිලස විභාජනය වන්නේ ඔවුන්ගේ කෙටි අක්ෂය හරහා පමණි. එබැවින් සෛල සැකසුම් ආකාර කීපයක් පවතියි.

තනි බැසිලස

  • තනි දණ්ඩාකාර සෛල ලෙස පවතී.

ඩිප්ලො බැසිලස

  • සෛල විභාජනයෙන් පසුව යුගල ලෙස පවතියි.

ස්ට්‍රෙප්ටො බැසිලස

  • සෛල විභාජනයෙන් පසුව දාම ලෙස පවතියි.

සර්පිල හැඩැති බැක්ටීරියාවන්ගේ වෙනස් වූ සෛල සැකසුම්

  • සර්පිල බැක්ටීරියාවෝ දඟර එකක් හෝ වැඩි සංඛ්‍යාවක් දරති. ඒවා කිසි විටෙකත් ඍජු නොවෙති.

විබ්‍රියෝ

  • වක්‍ර වූ දණ්ඩාකාර සෛල ලෙස පවතී

ස්පිරිල්ලුම්

  • සර්පිලාකාරය, කස්කුරුප්පු ආකාර දෘඪ දේහයකින් යුක්ත ය.

ස්පයිරොකිටා

  • සර්පිලාකාර ය. නම්‍යශීලි ය.

  • මෙම ආකාර තුනට අමතරව තවත් විවිධ රුපාකාරයන් බැක්ටීරියාවන්ට පවතී. ඒවා විෂය නිර්දේශයේ සඳහන් නොවේ. උදාහරණ : ඍජුකෝණාස්‍රාකාර, තාරකාකාර, අක්‍රමවත්
  • ඍජුකෝණාස්‍රාකාර

  • තාරකාකාර

බැක්ටීරියාවන්ගේ පෝෂණ විවිධත්වය

  • බැක්ටීරියාවෝ පෝෂණ ආකාරවල විවිධත්වයක් පෙන්වති. ඔවුන් අතර ප්‍රධාන පෝෂක ආකාර හතරක් හඳුනා ගෙන ඇත. ශක්ති හා කාබන් ප්‍රභවය මත පදනම් වෙමින් ඒවා වර්ග කර ඇත.
පෝෂණ ක්‍රමයශක්ති ප්‍රභවයකාබන් ප්‍රභවයනිදසුන
ප්‍රභා ස්වයංපෝෂිආලෝකයකාබන් ඩයොක්සයිඩ්

(අකාබනික කාබන්)

දම් සල්ෆර් හා හරිත සල්ෆර් බැක්ටීරියා
ප්‍රභා විෂමපෝෂිආලෝකයකාබනික කාබන්දම් සල්ෆර් නොවන බැක්ටීරියා
රසායනික ස්වයංපෝෂිඅකාබනික රසායන ද්‍රව්‍යකාබන් ඩයොක්සයිඩ්

(අකාබනික කාබන්)

Nitrobacter

Nitrosomonas

Thiobacillus thiooxidans

රසායනික විෂමපෝෂිකාබනික රසායන ද්‍රව්‍යකාබනික කාබන්බොහෝ බැක්ටීරියා

ඔක්සිජන් ධාරණය/භාවිතාව මත ක්ෂුද්‍රජීවීන් වර්ග කිරීම

  • ඔක්සිජන් භාවිතාව මත ක්ෂුද්‍රජීවීන් කායික විද්‍යාත්මක කාණ්ඩ හතරකට වර්ග කර ඇත. මෙහිදී උදාහරණ සපයා ඇත්තේ බැක්ටීරියාවන් පමණි.

01. අනිවාර්ය ස්වායු

  • පැවැත්ම සඳහා ඔක්සිජන් අවශ්‍ය ය. ඔක්සිකාරක පොස්ෆොරයිලිකරණයෙන් ශක්තිය නිපදවයි.
  • උදා: Acetobacter sp.

02. අනිවාර්ය නිර්වායු

  • ඔක්සිජන් සහිත විට පැවැතිය නොහැකි ය. පැසීම මගින් ශක්තිය නිපදවා ගනියි.
  • උදා: Clostridium sp.

03. වෛකල්පිත නිර්වායු

  • ඔක්සිකාරක පොස්ෆොරයිලිකරණයෙන් ශක්තිය නිපදවා ගනිමින් මේ ක්ෂුද්‍රජීවීහු ඔක්සිජන් සහිත තත්ත්වවල වර්ධනය වීමට ප්‍රවනතාවක් දක්වති. එහෙත් පැසීම භාවිත කරමින් නිර්වායු පරිසරවල ද ජීවත් වෙති.
  • උදා: Escherichia coli

04. ක්ෂුද්‍රවාතකාමි

  • වාතයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණයට වඩා අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක දී පමණක් මේ ක්ෂුද්‍රජීවීහු ජීවත් වෙති.
  • උදා: Lactobacillus sp.

වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ  හැකියාව අනුව බැක්ටීරියාවල විවිධත්වය

  • සමහර බැක්ටීරියා වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව සහිතයි. ඔවුහු නයිට්‍රජන් තිර කිරීමේ විවිධත්වයක් පෙන්වති.

01. නිදහස්වාසි නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා : Azotobacter sp.

02. සහජීවි නයිට්‍රජන් තිර කරන බැක්ටීරියා : Rhizobium sp. (රනිල ශාක මුල් සමඟ)

බැක්ටීරියා වල ප්‍රජනනය

  • අලිංගික ප්‍රජනනය ප්‍රධාන වශයෙන් සිදුකරයි.
  • බොහෝ බැක්ටීරියා ද්විඛණ්ඩනය මඟින් අලිංගිකව ප්‍රජනනය කරන අතර කලාතුරකින් කඩකඩ වීම සහ අංකුරනය දක්වයි.
  • කලාතුරකින් සිදු වන මාදිලි දෙකක බැක්ටීරියා සංයුග්මනය යන ප්‍රජනන ක්‍රියාවලියේ දී ප්‍රවේණික ද්‍රව්‍ය කොටස් හුවමාරු කර ගැනීම සිදු වේ.

බැක්ටීරියා සංයුග්මනය

error: කොපි කරන්න තහනම්!!!