Lesson Progress
0% Complete
දිලීර
- දිලීර ඉයුකැරියෝටාවෝ ය.
- දිලීර පෘථිවිය මත සිටින ප්‍රධාන වියෝජකයන් වේ.
දිලීර වල රූපීය විවිධත්වය
යීස්ට් -ඒකසෛලික දිලීර
ඇස්පර්ගිලස් – බහුසෛලික සූත්‍රිකාකාර දිලීර ආකාරයක්
බැසිඩියෝමයිකොටා වංශය මෙවැනි බිම්මල් සාදයි
ආවාර සහිත දිලීර ජාලයක් – පෙනිසීලියිම්
ආවාර රහිත දිලීර ජාලයක් -රයිසෝපස්
- ඒකසෛලික හෝ බහුසෛලික (පුස්) විය හැකිය.
- සමහර බහුසෛලික දිලීර බිම්මල්/හතු සාදයි.
- පුස් වර්ග දිලීර සූත්‍රිකා ලෙස හැඳින්වෙන දිගටි සූත්‍රිකාවලින් සමන්විත වූ මයිසිලියම් හෙවත් දිලීර ජාලය නමැති දෘශ්‍යමාන ගොනු ඇති කරයි.
දිලීර ජාලයක සැබෑ ස්වරූපය
- බොහෝ පුස් වර්ගවල ආවාර ලෙස හැඳින්වෙන හරස් බිත්ති ඇත. ආවාර මඟින් දිලීර සූත්‍රිකා කැපී පෙනෙන ඒකන්‍යෂ්ටික සෛල ආකාර ඒකකවලට බෙදයි.
- සමහර පුස් වර්ග ආවාර නොදරන අතර එමගින් න්‍යෂ්ටි විශාල සංඛ්‍යාවක් දරන දිගු අඛණ්ඩ සෛල නිපදවයි. ඒවා සංසෛලික සූත්‍රිකා ලෙස හඳුන්වයි.
- පාන් හා පලතුරු මත ඇති වන පුලුන් ආකාර වර්ධනයන් ඇති කරන්නේ පුස් වර්ගවල මයිසිලියම් මගිනි.
දිලීර වල පෝෂණය
- දිලීර රසායනික විෂමපෝෂීන් වන අතර අවශෝෂණය මඟින් ආහාර ලබා ගනියි.
- ඔවුන් මෘතෝපජීවී පෝෂණ ක්‍රමයක් පෙන්වයි.
- දිලීර එන්සයිම් ශ්‍රාවය කර මිය ගිය ශාක හා සත්ත්ව ද්‍රව්‍ය වියෝජනය කරමින් ආහාර දාමවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, එමඟින් ඉතා වැදගත් ජෛවීය වශයෙන් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය චක්‍රීකරණය සිදු කරයි.
- පරපෝෂි (ශාක හා සත්ත්ව ව්‍යාධිජනක) හා අන්‍යොන්‍යාධාර (ලයිකන හා දිලීරකමූල) වැනි පෝෂණ ආකාර දිලීර අතර පවතී.
පරපෝෂී දිලීරයකින් හානි වූ ශාක පත්‍රයක්
පරපෝෂී දිලීරයක් ආසාදනය වූ කුහුඹුවෙක්
ලයිකන : දිලීර + හරිත ඇල්ගී / සයනොබැක්ටීරියා සහජීවී සංගමයකි
දිලීර වල ප්‍රජනනය
- ඒකසෛලික දිලීර ඛණ්ඩනය හා අංකුරණය මඟින් අලිංගිකව ප්‍රජනනය සිදු කරයි.
- සූත්‍රිකාකාර දිලීර (පුස් වර්ග) බීජාණු නිපදවමින් අලිංගිකව හා/ හෝ ලිංගිකව ප්‍රජනනය සිදු කරයි.