Lesson Progress
0% Complete
ඒකසෛලික ප්‍රොටිස්ටාවන්
- ප්‍රොටිස්ටාවන් සියල්ලෝම ක්ෂුද්‍ර ජීවීන් නොවේ. එයට මහේක්ෂීය ජීවීන්ද අයත් වේ.
- ක්ෂුද්‍ර ජීව විද්‍යාව යටතේ හදාරන්නේ ඒකසෛලික ප්‍රොටිස්ටාවන් ගැනය.
ඒකසෛලික ප්‍රොටිස්ටාවන්ගේ රූපීය විවිධත්වය
ඇමීබාගේ ව්‍යාජ පාද
Paramecium ගේ පක්ෂ්ම
Euglena ගේ තනි කෂිකාවක් පවතී.
Volvox carteri – ඒක සෛලිකයන් එක් වී සෑදූ ඝනාවාසයකි.
- ඒකසෛලික ප්‍රොටිස්ටාවන් බහු රූපීය ය.
- හැඩයෙන් විවිධ වන අතර ව්‍යාජ පාද, පක්ෂම හා කෂිකා වැනි සංචරණ ව්‍යූහ දරයි.
- ඒවා තනි තනිව හෝ ඝනාවාසි ලෙස පවතියි. සමහර ප්‍රොටිස්ටාවන් එකට සම්බන්ධ වී සූත්‍රිකා සාදයි.
ඒකසෛලික ප්‍රොටිස්ටාවන්ගේ පෝෂණය
- ප්‍රභාස්වයංපෝෂි, රසායනික විෂමපෝෂි හෝ මිශ්රපෝෂී පෝෂණ ක්‍රම ප්‍රොටිස්ටාවන් අතර හමු වෙයි.
- සමහර ඇල්ගී ආකාර ලයිකනවල සහජීවි අන්තර්ක්‍රියාවලට දායක වෙයි.(දිලීර වල බලන්න.)
ඒකසෛලික ප්‍රොටිස්ටාවන්ගේ ශ්වසන විවිධත්වය
- ඔවුන් අතර ස්වායු, නිර්වායු හා වෛකල්පිත නිර්වායු යන ශ්වසන ආකාර හමු වේ.
ඒකසෛලික ප්‍රොටිස්ටාවන්ගේ ප්‍රජනනය
- ලිංගික ප්‍රජනනය – ජන්මාණු නිපදවීම මඟින්.
- අලිංගිකව ප්‍රජනනය – ඛණ්ඩනය මගින්.