Lesson Progress
0% Complete
වංශය – ඇනිලීඩා
Phylum – Annelida
උදා:- ගැඩවිලා, කූඩැල්ලා, වැරහැලි පණුවා
- කරදිය, මිරිදිය හා තෙත් භෞමික පරිසරවල වාසය කරයි.
- ඛණ්ඩනය වූ සිලින්ඩරාකාර දේහ දරයි.
- ඔවුහු ත්රිපස්තර ය.
- මුලින්ම සත්‍ය සීලෝම හමු වන්නේ මොවුන්ගේ ය.
- ශීර්ෂණය පෙන්නුම් කරන මුල්ම සත්තු ය.
- හොඳින් වැඩුණු ස්නායු පද්ධතියකි. එය පෘෂ්ඨීය මස්තිෂ්ක ගැංග්ලියමෙන්, උදරීය ස්නායු රැහැනකින් හා වලයාකාර සම්බන්ධක වලින් සමන්විතය.
ගැඩවිලාගේ දේහයේ දික් කඩක්
- මෙවුල, අංශපාදිකා, දැඩි කෙඳි හා චූෂකර ඇතැම් සතුන්ගේ හමුවේ.
- මෙවුල මගින් මඬියක් වැනි බීජ කෝෂය ශ්‍රාවය කරන අතර, බීජ කෝෂය තුළ බිත්තර තැන්පත් කිරීමත්, සංසේචනයත් සිදු වේ. උදා: කූඩැල්ලා, ගැඩවිලා
- අංශපාදිකා ශ්වසනයට හා සංචරණයට ආධාර කරයි. උදා: වැරහැලි පණුවා
- දැඩි කෙඳි සංචරණයට ආධාර වේ. උදා: වැරහැලි පණුවා, ගැඩවිලා
- බාහිර පරපෝෂි ආකාරවල සංචරණයට හා අධිග්‍රහණයට චූෂකර ආධාර වේ. උදා: කූඩැල්ලා
- බහිස්‍රාවය පශ්ච වෘක්කිකා මඟින් සිදු වේ.