ඇනිමාලියා රාජධානිය – Nematoda

වංශය – නෙමටෝඩා

Phylum – Nematoda

වට පණුවා

කොකු පණුවා

කිරි පණුවා

උදා:- වට පණුවා, කොකු පණුවා, කිරි පණුවා

  • වැඩි දෙනෙක් කරදියේ නිදැලිවාසීන් ය. ටික දෙනෙක් මිරිදියේ වාසි හා තෙත් පසේ වාසය කරති. ඇතැමෙක් සතුන් හා ශාක තුළ පරපෝෂිව වාසය කරයි.
  • ද්විපාර්ශවික සමමිතික, ත්‍රිප්‍රස්තරික ව්‍යජ සීලෝමිකයෝ ය.
  • දෙකෙළවරින් සිහින් වී යන සිලින්ඩරාකාර දේහයන් ය.
  • අන්වීක්ෂීය සිට මහේක්ෂීය තෙක් දේහ ප්‍රමාණය වෙනස් වන සුලුය.
  • පැහැදිලි ශීර්ෂණයක් හෝ ඛණ්ඩනයක් නොපෙන්වයි.
  • දේහයේ පූර්ව කෙළවර සංවේදි පිටිකා ඇත.

  • දේහය දෘඪ උච්චර්මයකින් ආවරණය වී ඇති අතර, හැව හැලීම සිදු කරයි.
  • රුධිර සංසරණ හා ශ්වසන පද්ධති නැත.
  • දේහ බිත්තිය හරහා සරල විසරණයෙන් වායු හුවමාරුව සිදු කර ගනි.
  • ආහාර මාර්ගයක් ඇත.
  • දේහ බිත්තියේ අන්වායාම පේශි පමණක් ඇත.
  • විශේෂිත සංවරණ ව්‍යුහ නැති අතර, දේහ බිත්තියේ අන්වායාම පේශි සංචරණයට ආධාර කරයි.
  • ලිංගික ප්‍රජනනය අභ්‍යන්තර සංසේචනයෙන් සිදු වේ.
  • ගැහැනු හා පිරිමි සතුන් වෙති. ගැහැනු සතුන් ප්‍රමාණයෙන් විශාල ය.
  • විකසනය වූ බහිස්‍රාවී ව්‍යූහ නැත. දේහ බිත්තියෙහි බහිස්‍රාවී ඡිද්‍රවලින් සමන්විත අන්වායාම බහිස්‍රාවී ප්‍රණාල ඇත.
error: කොපි කරන්න තහනම්!!!