ඇනිමාලියා රාජධානිය – Annelida

වංශය – ඇනිලීඩා

Phylum  – Annelida

උදා:- ගැඩවිලා, කූඩැල්ලා, වැරහැලි පණුවා

  • කරදිය, මිරිදිය හා තෙත් භෞමික පරිසරවල වාසය කරයි.
  • ඛණ්ඩනය වූ සිලින්ඩරාකාර දේහ දරයි.
  • ඔවුහු ත්‍රිපස්තර ය. 
  • මුලින්ම සත්‍ය සීලෝම හමු වන්නේ මොවුන්ගේ ය.
  • ශීර්ෂණය පෙන්නුම් කරන මුල්ම සත්තු ය.
  • හොඳින් වැඩුණු ස්නායු පද්ධතියකි. එය පෘෂ්ඨීය මස්තිෂ්ක ගැංග්ලියමෙන්, උදරීය ස්නායු රැහැනකින් හා වලයාකාර සම්බන්ධක වලින් සමන්විතය.

ගැඩවිලාගේ දේහයේ දික් කඩක් 

  • මෙවුල, අංශපාදිකා, දැඩි කෙඳි හා චූෂකර ඇතැම් සතුන්ගේ හමුවේ.
  • මෙවුල මගින් මඬියක් වැනි බීජ කෝෂය ශ්‍රාවය කරන අතර, බීජ කෝෂය තුළ බිත්තර තැන්පත් කිරීමත්, සංසේචනයත් සිදු වේ. උදා: කූඩැල්ලා, ගැඩවිලා
  • අංශපාදිකා ශ්වසනයට හා සංචරණයට ආධාර කරයි. උදා: වැරහැලි පණුවා
  • දැඩි කෙඳි සංචරණයට ආධාර වේ. උදා: වැරහැලි පණුවා, ගැඩවිලා
  • බාහිර පරපෝෂි ආකාරවල සංචරණයට හා අධිග්‍රහණයට චූෂකර ආධාර වේ. උදා: කූඩැල්ලා
  • බහිස්‍රාවය පශ්ච වෘක්කිකා මඟින් සිදු වේ.
error: කොපි කරන්න තහනම්!!!