ඇනිමාලියා රාජධානිය – Mollusca

වංශය – මොලූස්කා 

Phylum – Mollusca

ගොලුබෙල්ලා

හම්බෙල්ලා

මට්ටි

කාවටියා

බූවල්ලා

දැල්ලා

අටපියල්ලා

අලි දත් කටුවා

උදා:-  ගොලුබෙල්ලා, හම්බෙල්ලා, කාවටියා, මට්ටි, බූවල්ලා, දැල්ලා, අටපියල්ලා, අලි දත් කටුවා

  • බහුතරයක් කරදියවාසී වේ. සමහරු භෞමික හෝ මිරිදියවාසී ය.
  • සමහරු ද්විපාර්ශවික සමමිතික ය. සමහරු අසමමිතික ය(ගොලුබෙල්ලා).
  • මෘදු දේහධාරී හා ඛණ්ඩනය රහිත ය.
  • ආරක්ෂක බහිස් සැකිල්ලක් ලෙස කවච ශ්‍රාවය වෙයි.
  • සීලෝමිකයි.
  • දේහය කොටස් තුනකට බෙදේ. ඒවා නම්,
      1. පාදය
      2. අන්තරංග ගොනුව
      3. ප්‍රාවරණය
  • සංචරණය සඳහා පේශීමය පාදය භාවිත වෙයි.
  • අන්තරංග ගොනුව තුළ අභ්‍යන්තර අවයව බහුතරය අන්තර්ගත වෙයි.
  • ප්‍රාවරණය මඟින් කවචය ශ්‍රාවය කරයි.
  • කවචය අභ්‍යන්තර හෝ බාහිර විය හැකි ය. (දැල්ලාට අභ්‍යන්තර කවචයකි.)
  • බොහෝ මොලස්කාවෝ ආහාර ගැනීමට මුඛයේ ඇති රේත්‍රිකාව යොදා ගනිති. (රේත්‍රිකාව යනු කුඩා දත් සහිත කයිටීනමය රිබන් ආහාරමය ව්‍යුහයකි) 
  • ඒක ලිංගික ය. ප්‍රජනක අවයව අන්තරංග ගොනුව තුළ අන්තර්ගත ය.
  • ප්‍රාවරණය තුළ හෝ ප්‍රාවරණ කුහරය තුළ ඇති ජලක්ලෝම හරහා ශ්වසන වායු හුවමාරුව සිදු වේ.
  • බහිස්‍රාවය පශ්ච වෘක්කිකා මඟින් සිදු වේ.

දර්ශීය මොලුස්කාවෙකුගේ දේහ සැකැස්ම

error: කොපි කරන්න තහනම්!!!