ඇනිමාලියා රාජධානිය – Arthropoda

වංශය – ආත්‍රපෝඩා

Phylum – Arthropoda

කෘමීයෙක්

කකුළුවා

ගෝනුස්සා

ඉස්සා

හැකරැල්ලා

පත්තෑයා

කිනිතුල්ලා

මයිටා

උදා:- කෘමීහු, මකුළුවා, ඉස්සා, කකුළුවා, ගෝනුස්සා, කිනිතුල්ලා, මයිටාවෝ, හැකරැල්ලා හා පත්තෑයා

  • වැඩි ම ජීවි විශේෂ ගණනක් අයත් වන, පෘථිවිය මත වඩාත්ම සාර්ථක සත්ත්ව කණ්ඩායමයි.
  • ඔවුහු සෑම තැනකම ජීවත් වෙති. – ජලය, වාතය, පස
  • ඛණ්ඩනය වූ ශරීරයක් හා සන්ධි සහිත පාද සහිතයි.
  • කයිටිනීය බහිස් සැකිල්ලකි. (බාහිර සැකිල්ල) මේ බහිස් සැකිල්ල නිසා මොවුන් අඛණ්ඩව වර්ධනය නොවන අතර, වරින් වර සැකිල්ල හැලීම සිදු වේ.
  • ආදි පෘෂ්ඨිය මොළයක් සහිත, හොඳින් විකසනය වූ ස්නායු පද්ධතියක් ඇත.
  • ඝන ස්නායු රැහැනක් ඇති අතර, එය ඛණ්ඩනය වී තිබේ. එය උදරීයව පිහිටයි.
  • ඔවුන් සතුව විවිධ සංවේදක ඉන්ද්‍රිය රාශියක් පිහිටයි.
  • විවෘත රුධිර සංසරණ පද්ධතියක් සහිතයි.
  • හෘදය මගින් ශරීර කුහර (රුධිර හෙබ) තුළට රුධිරය පොම්ප කරනු ලබයි. රුධිර හෙබ තුළ ඇති ඇති රුධිරයෙන් පටක නැහැවී ඇත. කේශනාලිකා නැත.
  • ශ්වසනය සඳහා,
    1. ජලජ ජීවීගේ – ජලක්ලෝම
    2. භෞමික ජීවීන්ගේ – ශ්වාසනාල පද්ධතිය (මේවා කයිටීන් සහිත නාල වේ.)
    3. ඇරැක්නීඩාවන්ගේ – පත්පෙනහලු
  •  මැල්පිගීය නාලිකා මගින් යුරික් අම්ලය බහිස්‍රාවය කරයි.
  • ප්‍රජනනය – ලිංග වෙන් වෙන්ව පවතී. ඒක ලිංගික ය.

දර්ශීය කෘමියෙකුගේ දේහයේ දික් කඩක්

error: කොපි කරන්න තහනම්!!!