ඇනිමාලියා රාජධානිය – Echinodermata

වංශය – එකයිනොඩමේටා

Phylum – Echinodermata

මුහුදු තාරකාවා (sea star)

භංගුර තාරකාවා (brittle star)

මුහුදු ලිලි (sea lily) – පොළවට සම්බන්ධ වී සිටී

පෙදැගිල්ලා (feather star)

මුහුදු කැකිරි (sea cucumber)

මුහුදු ඉකිරි (sea urchins)

මුහුදු කාසි (sand dollars)

උදා : මුහුදු තාරකාවා, භංගුර තාරකාවා, මුහුදු ලිලි, පෙදැගිල්ලන්, මුහුදු කැකිරි, මුහුදු ඉකිරියා හා මුහුදු කාසි

  • සියල්ලෝම කරදිය වාසීය.
  • ත්‍රිපස්තර, සීලෝමික වේ.
  • සෙමෙන් සංචරණය කරන හෝ ඔත් ජීවීහු ය.
  • පරිණත ජීවීන් ඛණ්ඩනය හෝ ශීර්ෂණය නොදරයි.
  • පංචඅරීය සමමිතිකයෝ ය.
  • ඩියුටෙරාස්ටෝමිකයෝ ය.
  • ඵලකවලින් සමන්විත අන්තඃ සැකිල්ල, තුනී අපිචර්මයකින් ආවරණය වෙයි.
  • සංචරණය හා භෝජනය සඳහා නාළ පාද භාවිත කරයි.
  • ජල වාහිනී පද්ධතිය නම් ජලය ගමන් කරන ශාඛනය වු නාළ පද්ධතියක් දරයි. එයට සම්බන්ධ වූ නාළ පාද පිහිටයි.
  • සාමාන්‍යයෙන් ආහාර ජීරණ පද්ධතිය සම්පූර්ණයි.
  • මුඛය ජීවියාගේ යටිපැත්තේද ගුදය ඉහළ පෘෂ්ඨයේද පිහිටයි.
  • සංසරණ පද්ධතිය සංවෘත, හෘදයක් රහිත, ක්‍ෂීණ වූ එකකි.
  • ලිංග වෙන වෙන ම පවතී. එනම් ඒකලිංගිකයි.
  • බාහිර සංසේචනය සිදු වේ.
  • කීට අවධි ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වයි.
  • එය ස්නායු වලයකින් ද අරීය ස්නායු රැහැන්වලින් ද සමන්විත වේ.
  • බොහෝ එකයිනොඩමේටාවන් දේහ බිත්තිය හා නාල පාද භාවිතයෙන් වායු හුවමාරුව සිදු කරයි.
  • ඇතැමුන් ශ්වසනය සඳහා ශ්වාස රුක් (Respiratory tree) හෝ පැපුල (papulae) භාවිත කරයි.

ස්නායු පද්ධතිය

මුහුදු තාරකාවකුගේ දේහ අභ්‍යන්තරය 

error: කොපි කරන්න තහනම්!!!