ඇනිමාලියා රාජධානිය – Platyhelminthes

වංශය – ප්ලැටිහෙල්මින්තෙස් 

Phylum – Platyhelminthes

Taenia

උදා: Planaria, Taenia, Fasciola

  • පොදුවේ පැතලි පණුවන් ලෙස හඳුන්වනු ලැබේ.
  • ඔවුහු නිදැලිවාසි (Planaria) හෝ පරපෝෂි (පැතැල්ලෝ හා පටි පණුවෝ) ය.
  • කරදිය, මිරිදිය හා තෙත භෞමික වාසස්ථානවල ජීවත් වෙති.
  • ශරීරය පෘෂ්ඨෝදරීයව පැතලි ය. සමහරුන්ට සත්‍ය ඛණ්ඩනයක් නැති අතර පටි හැඩැති දේහ දරති.
  • ඔවුන් බහිශ්චර්මය, අන්තශ්චර්මය හා මධ්‍යචර්මය යන චර්ම තුනෙන් සැදි ත්‍රිප්‍රස්තරිකයන් වේ.
  • අසීලෝමිකයන් වේ.
  • ශීර්ෂණය පිළිබඳ සලකුණු ඇති නමුත් පැහැදිලි නැත.
  • දේහ කුහර, පරිවහන, ශ්වසන හා කංකාල පද්ධති නැත. වායු හුවමාරුව ශරීර බිත්තිය හරහා සරල විසරණය මගින් සිදු වේ.

  • නිදැලිවාසීන්ගේ සංවේදී ඉන්ද්‍රියන් ඇත. හිසේ අක්‍ෂි ලප පිහිටයි.
  • මඳ වශයෙන් සංකීර්ණ ස්නායු හා සංවේදක පද්ධතියක් මුලින්ම හමු වන්නේ මේ වංශයේය.
  • පූර්ව ගැංග්ලියා යුගලක් සහ අන්වායාම ස්නායු රැහැන් දෙකක් මධ්‍ය ස්නායු පද්ධතියට අයත් ය.

  • බහිස්‍රාවය සඳහා වෙනම අවයව මුලින්ම හමු වන්නේ මොවුන්ගේ ය.
  • නයිට්‍රජනීය බහිස්‍රාවීය පද්ධතිය ප්‍රාක්වෘක්කිකා වලින් සමන්විත ය. සිලූබල්බ නම් පක්ෂ්මධර ව්‍යුහයක් සහිත නාලිකා ජාලයක් මෙයට අයත් වේ. මේවා ආස්‍රැති තුළිතතාව පවත්වා ගැනීමට භාවිත කරයි.

  • මුඛය පමණක් සහිත, ගුදයක් රහිත අසම්පූර්ණ ජීරණ පද්ධතියක් ඇත.
  • ආහාර ජීරණය සඳහා ශාබනය වූ ආමාශවාහිනී කුහරයක් ඇත. සමහරුන්ට බිහිතලනය කළ හැකි ග්‍රසණිකාවක් ඇත.
  • නිදැලිවාසීන්ට සංචරණය සඳහා ආධාර වන පක්ෂ්ම ඇත.
  • පුනර්වර්ධනය මගින් සමහරු අලිංගික ප්‍රජනනය සිදු කරති.
  • ද්විලිංගික ය. පරසංසේචනය සිදු කරන අතර, එය අභ්‍යන්තරව සිදු වේ.
  • පරපෝෂි ආකාරවල විවිධ කීට අවධි ඇත.  නිදැලිවාසීහු කීට අවධි රහිතව විකසනය වෙති.
අමතර දැනුමට,

පටි පණු රෝගය මානවයාට ව්‍යාප්ත වන ආකාරය

error: කොපි කරන්න තහනම්!!!