ඇනිමාලියා රාජධානිය – Cnidaria

වංශය – නිඩාරියා

Phylum – Cnidaria

උදා:- මුහුදුමල, ලොඩියා, කොරල්, Obelia, Hydra

  • මිරිදිය වාසි විශේෂ කීපයක් හැර, වැඩිදෙනෙක්ම කරදිය වාසී වේ.
  • සමහරුන් මහේක්ෂීයයි.
  • සරල සංවිධානයක් පෙන්වයි.
  • ද්විප්‍රස්තාරිකයෝ ය, නිඩාරියාවන්ගේ දේහ බිත්තිය ස්තර දෙකකින් සෑදී ඇති අතර, බාහිරව බහිශ්චර්මය හා අභ්‍යන්තරිකව අන්තශ්චර්මය ඇත. එම ස්තර දෙක අතර, අසෛලීය මධ්‍යශ්ලේෂයක් ඇත.
  • ආමාශ වාහිනී කුහරය නමැති මල්ලක් වැනි මධ්‍ය ජීර්ණ කුටීරයක් ඇත. එය අන්තශ්චර්මයෙන් ආස්තරණය වී ඇති අතර, තනි සිදුරකින් (මුඛය) බාහිරයට විවෘත වෙයි.
  • මෙඩුසා හා බුහුබා යන දේහ ආකාර දෙකක් සහිත ය.
  • අරිය සමමිතිය පෙන්වයි.
  • බුහුබාවන් සිලින්ඩරාකාර වන අතර, අපමෞඛ කෙළවරින් උපස්තරයකට ඇලී වාසය කරයි.  මුඛය වටා ග්‍රාහිකා දරයි.
  • මෙඩුසා ආකාරය මුබය උදරීයව ඇති පැතලි බුහුබාවන් වැනි නිදැලි වාසීහු ය.
  • සමහර නීඩාරියාවෝ බුහුබා ආකාරයෙන් පමණක්ද සමහරු මෙඩුසා ආකාරයෙන් පමණක් ද හමු වෙති. අනෙකුත් නිඩාරියාවෝ තම ජීවන චක්‍රය තුළ මෙඩුසා හා බුහුබා යන දෙආකාරයෙන් ම පවති.

පරම්පරා ප්‍රත්‍යාවර්තනය පෙන්වන නිඩාරියෙකුගේ ජීවන චක්‍රය උදා: Obelia

  • ලිංගික, අලිංගික ප්‍රජනක ක්‍රම දෙක ම හමු වේ.
  • අලිංගික ප්‍රජනනය අංකුරණය මගින් සිදු කරයි.
  • ග්‍රාහිකා දංශක සෛල දරයි. මෙමඟින් ගොදුරු අල්ලා ගැනීමට හා ආරක්ෂාවට උදව් වේ.
  • දංශක සෛල නිඩාරියාවන්ට අනන්‍ය වේ. ඒවා තුළ Cnidae (පිටතට විහිදී යා හැකි ප්‍රාවරයන් – capsules වැනි සෛල ඉන්ද්‍රිකා) අන්තර්ගත වේ.
  • දංශක කෝෂ්ට නම් වූ විශේෂිත Cnidae තුළ විදිය හැකි තන්තුවක් – (Stinging thread) ඇත (එය ගොදුරු විනිවිද යාමට උපකාර වේ).
  • විශේෂිත බහිස්‍රාවී පද්ධතියක් නැත. දේහ බිත්තිය හරහා බහිස්‍රාවය සිදු වේ.

 

 Sea wasp  නම් Box jellyfish  ආකාරය, දංශක සෛල භාවිතා කරමින් ගොදුරක් අල්ලා ගන්නා අයුරු.

(මෙම විශේෂය සතු විෂ නාගයින්ගේ විෂටත් වඩා උග්‍ර විෂක් වන අතර එම විෂ ශරීරගත වීමෙන් මිනිසෙකුගේ මරණය විනාඩි 3ක් ඇතුලත සිදුවිය හැක.)

error: කොපි කරන්න තහනම්!!!