ඇනිමාලියා රාජධානිය – ලාක්ෂණික

ඇනිමාලියා රාජධානිය

ඇනිමාලියා රාජධානියේ ලාක්ෂණික ලක්ෂණ

  • බහුසෛලික ය.
  • විෂමපෝෂි සුන්‍යෂ්ටිකයෝ ය – ඔවුහු ආහාර අධිග්‍රහණය කරන අතර, එන්සයිම ආධාරයෙන් ඒවා ජීරණය කරති.
  • සෛල සංවිධානය වී පටක සැදෙයි.
  • වැඩි දෙනෙක් ලිංගික ප්‍රජනනය සිදු කරති.
  • සමහරුන් අරිය සමමිතිය ද සමහරු ද්විපාර්ශවික සමමිතිය ද පෙන්වති.

ඇනිමාලියා රාජධානියේ ජීවීන් පිළිබඳ විස්තර කිරීමේදී  භාවිතා කරන ලක්ෂණ

1. සමමිතිය 
  • සතුන් සමමිතිය අනුව අරීය සමමිතිය හා ද්විපාර්ශ්වික සමමිතිය ලෙස වර්ග කළ හැක.

2. ද්විප්‍රස්ථර ත්‍රිප්‍රස්ථර බව 
  • දේහයේ ජනක සෛල ස්ථර දෙකක් (බහිෂ් චර්මය සහ අන්තශ්චර්මය) පමණක් ඇති සත්ත්වයන් ද්විප්‍රස්ථරිකයන් වේ. උදා: Cnidaria වංශය
  • දේහයේ ජනක සෛල ස්ථර තුනම(බහිෂ් චර්මය, මධ්‍ය චර්මය සහ අන්තශ්චර්මය) ඇති සත්ත්වයන් ත්‍රිප්‍රස්ථරිකයන් වේ. උදා:  Nematoda, Mollusca, Annelida, Arthropoda, Echinodermata සහ Chordata වංශ
3. අසීලෝමික, ව්‍යාජ සීලෝමික හා සීලෝමික 
  • ත්‍රිප්‍රස්ථරිකයන් සතුව දේහ කුහරයක් පවතීද, නැද්ද සහ පවතී නම් එහි ආකාරය අනුව කාණ්ඩ 03කට බෙදා ඇත.

4. Protostomia සහ Deuterostomia
  • ත්‍රිප්‍රස්තර සතුන් ප්‍රධාන කොටස් දෙකක් යටතේ පරිණාමය වී තිබේ. එනම් Protostomia සහ Deuterostomia ලෙසටයි. මෙම වර්ගීකරණය කලල විකසනයේදී හා කීට අවස්ථාවේ පෙන්වන ලක්ෂණ මත පදනම් වේ.

5. ඛණ්ඩනය 
  • දේහය බාහිරව හෝ අභ්‍යන්තරව, රේඛීය පුනරාවර්තන කොටස් වලින් සමන්විත වීමයි.
  • සමහර ජිවීන් අභ්‍යන්තරවද( උදා: කෝඩේටා) සමහර ජීවීන් බාහිරවද(උදා: ආත්‍රපෝඩා) ඛණ්ඩනය පෙන්වන අතර ඇතැම් ජීවීන් බාහිර මෙන්ම අභ්‍යන්තර ඛණ්ඩනය(උදා: ඇනෙලිඩා) පෙන්වයි.

  • කෝඩේටාවන්ගේ අභ්‍යන්තර ඛණ්ඩනය පෙන්වන්නේ “කොදු ඇට පේළිය” මඟිනි.

අමතර දැනුමට :

error: කොපි කරන්න තහනම්!!!