Lesson Progress
0% Complete
බියෝම
බියෝමයක් යනු කුමක් ද?
බියෝමයක් යනු යම් විශේෂ පරිසරයකට අනුවර්තන සහිත ප්‍රමුඛ වෘක්ෂලතාදිය පදනම් කර ගනිමින් වර්ගීකරණය කරනු ලබන විශාල භූගෝලීය ප්‍රදේශයකි.
ප්‍රදේශයේ දේශගුණය සහ භූගෝලීය ලක්ෂණ මඟින් එම ප්‍රදේශයේ කුමන ආකාරයක බියෝමයක් පැවතිය හැකි ද යන්න තීරණය වේ. එක් එක් බියෝමය පරිසර පද්ධති රැසකින් සමන්විත ය. ඒවායේ ප්‍රජාවන් බියෝමය තුළ දේශගුණය, භූ ලක්ෂණ, පාංශු තත්ව ආදියේ සුලු වෙනස්කම්වලට අනුවර්තනය වී ඇත.
ප්‍රධාන භෞමික බියෝම
- නිවර්තන වනාන්තර
- සැවානා
- කාන්තාර
- චැපරාල්
- සෞම්‍ය කලාපික තෘණ භූමි
- සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර
- උතුරු කේතුධර වනාන්තර
- තුන්ද්‍රා

ප්‍රධාන භෞමික බියෝම වල ව්‍යාප්තිය
අමතර දැනුමට, |


රූපයේ ජුනි 21 වන දා පවතින පිහිටීම සලකා බලන්න. එහි දී උතුරු අර්ධගෝලයට සූර්ය කිරණ ලම්බකව පතනය වේ. දකුණු අර්ධගෝලයට සූර්ය කිරණ ආනතව පතනය වේ. ලම්බකව රශ්මිය පතනය වන උතුරු අර්ධගෝලයට උෂ්ණ ඍතුව ඇති වේ. සූර්ය කිරණ ආනතව පතනය වන විට රත්වීම අඩු නිසා දකුණු අර්ධගෝලයේ පවතින්නේ ශීත ඍතුව යි.