බියෝමයක් යනු සහ බියෝම වල ව්‍යාප්තිය

බියෝම

බියෝමයක් යනු කුමක් ද?

බියෝමයක් යනු යම් විශේෂ පරිසරයකට අනුවර්තන සහිත ප්‍රමුඛ වෘක්ෂලතාදිය පදනම් කර ගනිමින් වර්ගීකරණය කරනු ලබන විශාල භූගෝලීය ප්‍රදේශයකි.

ප්‍රදේශයේ දේශගුණය සහ භූගෝලීය ලක්ෂණ මඟින් එම ප්‍රදේශයේ කුමන ආකාරයක බියෝමයක් පැවතිය හැකි ද යන්න තීරණය වේ. එක් එක් බියෝමය පරිසර පද්ධති රැසකින් සමන්විත ය. ඒවායේ ප්‍රජාවන් බියෝමය තුළ දේශගුණය, භූ ලක්ෂණ, පාංශු තත්ව ආදියේ සුලු වෙනස්කම්වලට අනුවර්තනය වී ඇත.

ප්‍රධාන භෞමික බියෝම

    1. නිවර්තන වනාන්තර
    2. සැවානා
    3. කාන්තාර
    4. චැපරාල්
    5. සෞම්‍ය කලාපික තෘණ භූමි
    6. සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර
    7. උතුරු කේතුධර වනාන්තර
    8. තුන්ද්‍රා 

ප්‍රධාන භෞමික බියෝම වල ව්‍යාප්තිය 

අමතර දැනුමට,

ඍතු විපර්යාසය

ඍතු විපර්යාස ඇති වීම

  • පෘථිවියේ පරිභ්‍රමණය සහ එහි සිරස් අක්ෂය, කක්ෂ තලයට ආනතව පැවතීම නිසා ඇති වන සංසිද්ධියක් ලෙස ඍතු විපර්යාස ඇති වීම දැක්විය හැකි ය.
  • පෘථීවියේ උතුරු අර්ධගෝලයේ පිහිටි එංගලන්තයට ශීත ඍතුව උදාවන විට දකුණු අර්ධ ගෝලයේ පිහිටි නවසීලන්තයට උෂ්ණ ඍතුව උදා වේ. මෙය සිදු වන්නේ කෙසේ දැයි සොයා බලමු.
  • පෘථිවියේ අක්ෂය, එහි කක්ෂ තලයට අංශක 23.5ක් ආනතව පිහිටා ඇත. මෙලෙස කක්ෂ තලයට ආනතව පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වීම නිසා පෘථිවියේ ඍතු භේදයක් හට ගෙන ඇත. මෙය සිදුවන ආකාරය අධ්‍යයනය කරමු.
  • රූපයේ ජුනි 21 වන දා පවතින පිහිටීම සලකා බලන්න. එහි දී උතුරු අර්ධගෝලයට සූර්ය කිරණ ලම්බකව පතනය වේ. දකුණු අර්ධගෝලයට සූර්ය කිරණ ආනතව පතනය වේ. ලම්බකව රශ්මිය පතනය වන උතුරු අර්ධගෝලයට උෂ්ණ ඍතුව ඇති වේ. සූර්ය කිරණ ආනතව පතනය වන විට රත්වීම අඩු නිසා දකුණු අර්ධගෝලයේ පවතින්නේ ශීත ඍතුව යි.
  • රූපයේ දෙසැම්බර් 22 වන දින පිහිටීම සලකා බලන්න. එහි දී පෘථිවියේ දකුණු අර්ධගෝලයට සූර්යය කිරණ ලම්බකව පතනය වේ. උතුරු අර්ධගෝලයට කිරණ පතනය වන්නේ ආනතව ය. ඒ අනුව උතුරු අර්ධගෝලය් ශීත ඍතුව ද දකුණු අර්ධගෝලයේ උෂ්ණ ඍතුව ද උදා වේ.
  • ඍතු භේදය පැහැදිලිව දක්නට ලැබෙන්නේ පෘථිවියේ උත්තර ධ්‍රැවයට ආසන්න ප්‍රදේශවල හා දක්ෂිණ ධ්‍රැවයට ආසන්න ප්‍රදේශවල යි. ශ්‍රී ලංකාව වැනි සමකයට ආසන්න රටවල ඍතු භේදය එතරම් පැහැදිලිව දක්නට නොලැබේ.

 “8 වසර විද්‍යාව පෙළ පොත”

error: කොපි කරන්න තහනම්!!!