නිවර්තන වනාන්තර

නිවර්තන වනාන්තර (Tropical Forest)

ව්‍යාප්තිය

  • නිරක්ෂයට සමීපව ව්‍යාප්ත වී උප නිවර්තන ප්‍රදේශවලට ද (උතුරු අක්ෂාංශ 30º සහ දකුණු අක්ෂාංශ 30º අතර) විහිදී ඇත.
  • එනිසා නිවර්තන වැසි වනාන්තර සහ නිවර්තන වියළි වනාන්තර යන ආකාර දෙකම අයත්ය. 
  • නිවර්තන වැසි වනාන්තර කිහිපයක්,
    1. දකුණු ඇමරිකාවේ – ඇමේසන් වනය 
    2. මධ්‍යම අප්‍රිකාවේ – කොංගෝ වනය 
    3. ශ්‍රීලංකාවේ – සිංහරාජ වනාන්තරය

වර්ෂාපතනය

  • නිවර්තන වර්ෂා වනාන්තරවල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000 – 4000 mm.
  • සාමාන්‍යයෙන් ස්ථාවර කැපී පෙනෙන වර්ෂා සමයක් වැසි වනාන්තරවල ඇත.
  • නිවර්තන වියළි වනාන්තරවල 1500 – 2000 mm ද වේ.
  • වියළි වනාන්තරවල සෘතුමය වර්ෂාපතනයක් සමග මාස 6-7 කැපී පෙනෙන වියළි කාලයක් දක්නට ලැබේ.

උෂ්ණත්වය

  • නිවර්තන වැසි වනාන්තර 25-29 ºC උෂ්ණත්වයක් සහිත වේ.
  • නිවර්තන වියළි වනාන්තරවල එය 33 ºC තරම් ඉහළ අගයක් සහිත විය හැකි ය.

ශාක

නිවර්තන වැසි වනාන්තරයක ස්තරීභවනය

  • නිවර්තන වැසි වනාන්තරවල නෙරු ස්තරය, වියන් සහ උප වියන් ස්තර දෘශ්‍යමාන වේ.
  • යට පහළින් පඳුරු සහ විශාල ආකාෂ්ඨිය ශාකවලින් යුතු යටි ස්තරය ඇත.
  • වනාන්තරයේ බිම් ස්තරය කුඩා ආකාෂ්ඨිය ශාක, හතු සහ වියළි ශාක සුන්බුන්වලින් (ඝන ස්ථරයක්) සමන්විත ය.
  • එනිසා වෘක්ෂලතාදිය සිරස් ස්තර කිහිපයකට සැකසී ඇති අතර ස්තරීභවනය නිරීක්ෂණය කළ හැකි ය.
  • නිවර්තන වැසි වනාන්තරවල සදාහරිත ශාක ප්‍රමුඛ වන නමුත් වියළි වනාන්තරවල පතනශීලී ශාක විශේෂවල පත්‍ර වියළි කාලයේ දී හැලී යයි.
  • නිවර්තන වැසි වනාන්තරවල අපිශාක සුලබ  වුව ද වියළි වනාන්තරවල ඒවා එතරම් සුලබ නැත.
  • කටු සහිත පඳුරු මෙන්ම මාංසල ශාක වියළි වනාන්තර වල බොහෝ විට දක්නට ලැබේ.

නිවර්තන වියළි වනාන්තරයක් –  හුරුළු වන රක්ෂිතය – ශ්‍රීලංකාව 

සතුන්

  • සියලු භෞමික බියෝම අතුරින් ශාක හා සතුන්ගේ ඉහළ ම විවිධත්වය ඇත්තේ නිවර්තන වනාන්තරවල ය.
  • එහි ක්ෂීරපායි විශේෂ රැසක් සහ ආත්‍රොපෝඩා විශේෂ මිලියන 5-30 අතර සංඛ්‍යාවක් ද ඇති අතර, ඉන් සමහරක් තවමත් සම්පූර්ණයෙන් විස්තර කර නැත.
  • මේ බියෝමයේ සතුන් පරිසරයට ගැළපෙන අනුවර්තන දරයි.
  • වැසි වනාන්තරවල සත්තු වර්ෂය පුරා ක්‍රියාකාරි ජීවිතයක් ගත කරති.
  • කුඩා සතුන් අතර වේශාන්තරණය සුලබ ය.
  • විශාල සතුන්ගේ දේහවල සලකුණු තිබිය හැකි ය.
  • වියළි වනාන්තර වල පක්ෂීහු වියළි කාලවල බොහෝ විට වෙනත් ප්‍රදේශ කරා පර්යටනය කරති.

මානව බලපෑම්

  • කෘෂිකර්මාන්තය සහ සංවර්ධනය ආශ්‍රිත මානව ක්‍රියාකාරකම් මේ වනාන්තර විනාශ වීමට මඟ පාදයි.
error: කොපි කරන්න තහනම්!!!