සැවානා

ව්‍යාප්තිය

  • සැවානා නිරක්ෂයට සමීපව සහ උප නිවර්තතන ප්‍රදේශවල පැතිරී ඇත. (මධ්‍යම සහ දකුණු අප්‍රිකාවේ, ඕස්ට්‍රේලියාවේ.)

වර්ෂාපතනය

  • මේ බියෝමයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 300 – 500 mm පමණ වේ.
  • මාස 8-9කට ආසන්න කාලයක් පුරා විහිදෙන වියළි කාල තිබීම කැපී පෙනේ.

උෂ්ණත්වය

  • සාමාන්‍ය උෂ්ණත්ව පරාසය 24-29 °C වේ.
  • කෙසේ වුව ද උප නිවර්තන ප්‍රදේශය තුළ සෘතුමය විචලන සිදු විය හැකි ය.

ශාක

  • උස් වූ තෘණ වැස්මක් තුළ විසිරුණු ශාක දරා සිටින භූ දර්ශනය සැවානාවලට ලාක්ෂණික වේ.
  • වියළි කාල තුළ වියළීමට ලක් වූ තෘණ පහසුවෙන් ගින්නට ගොදුරු වේ. එනිසා සැවානාහි ඇති වන නියංවලට ඔරොත්තු දීමට අනුවර්තනය වූ තෘණ වර්ග ස්වභාවිකව වැඩේ. එම තෘණවලට ඉතා හොඳ භූගත සම්බන්ධතාවක් ඇත.
  • උත්ස්වේදනය අඩු කිරීමට අනුවර්තනයක් ලෙස කුඩා පත්‍ර දරන සහ ශාක භක්ෂකයගෙන් ආරක්ෂා වීමට කටු දරන දේහ සහිත කුඩා පැළෑටි තෘණ වැස්ම අතර හමු වේ.
  • සෘතුමය වැසි නව තෘණ වර්ධනය වීම දිරි ගන්වයි. ශාක භක්ෂකයන් පරිභෝජනය නිසා වන ජෛව ස්කන්ධ හානිය එමඟින් හානි පූරණය වේ.

සතුන්

  • බොහෝ කෘමීහු (ප්‍රධාන වශයෙන් වේයෝ), සිංහයෝ, සීබ්‍රාවෝ මේ ප්‍රදේශයේ සුලබ සතු වෙති.
  • බොහෝ සතුන්ට දිගු දුර පර්යටනය සඳහා කාර්යක්ෂම සංචරණයක් ද දඩයම සඳහා දිගු පරාස දෘෂ්ටියක් ද ඇත.

මානව බලපෑම්

  • ඉතා ඈත කාලයක සිට මේ ප්‍රදේශවල මානව ජනාවාසකරණය වීම් වාර්තා වී ඇත.
  • මිනිසා විසින් ගවයන් ඇති කිරීම සහ සතුන් දඩයම් කිරීම නිසා ක්ෂීරපායි ගහන අඩු වී ඇත.
  • මිනිසා විසින් සිදු කරන ගිනි තැබීම් මේ බියෝමයේ තෘණ වැස්ම පවත්වා ගැනීමට උදවු වේ. එහෙත් ශාක වර්ධනය යටපත් කිරීම මඟින් ඍණ බලපෑමක් ද ඇති විය හැකි ය.
22.44 සිට 29.40 දක්වා 


error: කොපි කරන්න තහනම්!!!