විනාඩි 20
Lesson Progress
0% Complete
කාන්තාර (Deserts)
ව්‍යාප්තිය
- කාන්තාර, උතුරු හා දකුණු අක්ෂාංශ 30° ආසන්නයේ පවතින (උදා: සහරා) හෝ මහාද්වීප මධ්‍යයේ පවතින (උදා. උතුරු මධ්‍යම ආසියාවේ පවතින ගෝබි කාන්තාරය) නිවර්තන හෝ සෞම්‍ය කලාපික බියෝමයකි.
වර්ෂාපතනය
- මේ බියෝමයේ ව්‍යාප්තිය තීරණය වන්නේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 300 mm ට අඩු ප්‍රදේශවල බඳු, ප්‍රයෝජ්‍ය ජලය නොතිබීම මඟිනි.
උෂ්ණත්වය
- උෂ්ණත්වය සෘතුමයව හෝ දෛනිකව විචලන දක්වයි.
- උෂ්ණ කාන්තාරවල උෂ්ණත්වය 50°C ඉක්මවන අතර, ශීත කාන්තාරවල එය -30°C ට වඩා පහළ යයි.
ශාක
- කාන්තාරවල මුඩු බිම් බහුල ය.
- වෘක්ෂලතාදිය හමු වේ නම් ඉතා සුළුවෙන් වන අතර, ඒවා පුළුල්ව විසිරි ඇත.
- ඉහළ උෂ්ණත්වය මෙන්ම සහ ජල හිඟතාවන්ට ඔරොත්තු දීමට කාන්තාර ශාකවල අනුවර්තන පවතී.
- මාංසල ශාක දේහය (උදා – පතොක්, ඉයුෆෝබියා ශාක) සහිතය.
- බොහෝ ශාක ප්‍රභාසංශ්ලේෂණයේ C4 මාර්ගය දක්වයි.
- පඳුරුවල ගැඹුරු මුල් ඇත.
- තාපය සහ වියළීම දරා ගැනීමේ හැකියාව ඇත.
- පත්‍ර පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය ක්ෂීණ වීම.
- කණ්ඨක (කටු) තිබීම.
- පත්‍ර තුළ විෂ තිබීම.
සතුන්
- කාන්තාරවල නිශාචර සත්ව විශේෂ බහුල ය.
- ජල සංරක්ෂණය ද සතුන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හමු වේ.
- ඇතැම් සතුන් බීජවල ඇති කාබෝහයිඩ්‍රේට බිඳ දැමීමෙන් ලැබෙන ජලයෙන් පමණක් ජීවත් වේ.
- සතුන්ට සර්පයෝ, කටුස්සෝ, කුරුමිණියෝ, කුහුඹුවෝ, ගෝනුස්සෝ, කෘන්තකයෝ සහ පක්ෂීහු අයත් ය.
මානව බලපෑම්
- මේ ප්‍රදේශ මානව ජනාවාස සහ කෘෂිකාර්මික බිම් බවට පරිවර්තනය කර ඇති බැවින් ඒවායේ ස්වාභාවික ජෛව විවිධත්වය අඩු වී ඇත.
- මානව ජනාවාසවලට සහ කෘෂිකාර්මික ප්‍රදේශවලට ගැඹුරු ළිං සහ හොඳින් සංවර්ධනය වූ ජල පරිවහන පද්ධති මඟින් පහසුකම් සපයා ඇත.
0.00 – 22.30 දක්වා කාන්තාර පිළිබඳව අන්තර්ගත වේ. |