චැපරාල්

චැපරාල් (Chapparal)

ව්‍යාප්තිය

  • උතුරු ඇමෙරිකාව, චිලී, ස්පාඤ්ඤය, දකුණු ප්‍රංසය සහ දකුණු අප්‍රිකාව වැනි මධ්‍ය අක්ෂාංශ වෙරළබඩ ප්‍රදේශවල චැපරාල් ව්‍යාප්තව පවතී. ඒවා හොඳින් ම වර්ධනය වී ඇත්තේ දකුණුදිග කැලිෆෝනියාවේ ය.

වර්ෂාපතනය

  • සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 300 – 500 mm වේ.

උෂ්ණත්වය

  • ඒවාට වැසි සහිත ශීත ඍතුවක් සහ වියළි ගිම්හානයක් ඇත. සාමාන්‍ය උෂ්ණත්වය 10 – 12 °C  අතර, වන අතර එය 40°C තරම් ඉහළ නැගිය හැකි ය.

ශාක

  • චැපරාල් බියෝමය දර්ශීය වශයෙන් සමන්විත වන්නේ කුරු වනාන්තර සහ පඳුරුවලිනි.
  • ඒවා අතර පැතිරුණු තෘණ සහ පැළෑටිවලින් යුතු ආකාෂ්ඨිය වෘක්ෂලතාදිය ඇත.
  • චැපරාල් ලැව්ගිනි වැනි විපත්තිදායක සිදුවීම්වලට භාජනය වේ.
  • එබැවින් චැපරාල් ශාක පහත දැක්වෙන ඇතැම් අනුවර්තන දරයි.
    1. ගිනි ගැනීමකට පසුව පමණක් බීජ ප්‍රරෝහණය වීම.
    2. ගින්නට ප්‍රතිරෝධී මුල්.
    3. ගින්නට ප්‍රතිරෝධී මුල් තුළ සංචිතව ඇති ආහාර ගින්නෙන් පසුව යළි පැළ හට ගැනීමට භාවිත වේ.
    4. ඉක්මනින් නැවත පැළ හට ගැනීම නිසා ගින්නෙන් නිදහස් වූ පෝෂක භාවිතයට හැකියාවක් ඇත.
    5. කාෂ්ඨිය ශාකවල දැඩි , සදාහරිත පත්‍ර නියං කාල තුළ නොනැසී සිටීමට දායක වේ.

සතුන් 

  • චැපරාල්හි දේශීය ක්ෂීරපායීහු බොහෝදෙනෙක් ලෑටිගාන්නෝය.
  • මුවා සහ එළුවා ඔවුන්ට අයත් ය.
  • චැපරාල් කුඩා ක්ෂීරපායින්ගේ විවිධත්වයෙන් පොහොසත්ය.
  • ඇම්පිබියාවන්, පක්ෂි, උරග සහ කෘමී විශේෂ කිහිපයක් ද හමු වේ.

මානව බලපෑම්

  • මානව ජනාවාසකරණය, නාගරීකරණය සහ කෘෂිකාර්මික පරිවර්තන මඟින් මේ ප්‍රදේශ අඩු වීම සහ බාධා වීම් සිදු වී ඇත.
  • මානව ක්‍රියාකාරකම් නිසා ඇති වන ගිනි ගැනීම් වලට පහසුවෙන් භාජනය වේ.
error: කොපි කරන්න තහනම්!!!