සෞම්‍ය කලාපික තෘණ භූමි

සෞම්‍ය කලාපික තෘණ භූමි

(Temperate Grasslands)

ව්‍යාප්තිය

  • වනාන්තර සහ කාන්තාරවලට යෝග්‍ය දේශගුණ තත්ත්වවලට අතරමැදි සෞම්‍ය කලාපික දේශගුණ යටතේ මේ තෘණ භූමි පවතී.
  • උතුරු ඇමෙරිකාවේ තෘණ භූමී ප්‍රෙයරී ලෙස හැඳින්වේ. ඒවා යුරේශියාවේ දී ස්ටෙප්ස් ලෙස ද ආජන්ටිනාවේ දී පැම්පාස් ලෙස ද හැඳින්වේ.

වර්ෂාපතනය

  • වර්ෂණය ඉතාම සෘතුමය වන්නේ ආවර්තිත නියං කාල සමගිනි.
  • මේ තෘණ භූමි සාපේක්ෂව වියළි ශීත ඍතු සහ තෙත් ගිම්හාන සහිත ය.
  • සාමාන්‍ය වර්ෂාපතනය වර්ෂයකට 300 – 1000 mm අතර වේ.

උෂ්ණත්වය

  • ශීත සෘතුවේ සාමාන්‍ය උෂ්ණත්වය -10°C ට වඩා පහළ යන අතර, ගිම්හානයේ එය 30°Cපමණ වේ.

ශාක

  • තෘණ, මේ තෘණ භූමිවල ප්‍රමුඛ ශාක විශේෂ වේ.
  • ප්‍රමුඛ වෘක්ෂලතාදියේ උස අනුව ප්‍රෙයරි බොහෝ විට වර්ග 3කට බෙදේ. ඒවා නම් උස් තෘණ, මිශ්‍ර තෘණ සහ මිටි තෘණ ලෙස ය.
  • උස් තෘණ සහිත ප්‍රෙයරිවල තෘණවල උස සෙන්ටිමීටර කිහිපයක සිට මීටර් 2 ක් දක්වා විවිධ වේ.
  • මේ තෘණ භූමිවල ගිනි ගැනීම් සිදු වන අතර, නියං කාලවලට ද මුහුණ දීමට සිදු වේ.
  • එහෙත් මේ ප්‍රදේශවල වැඩෙන බොහෝ ශාක ගිනි ගැනීම්වලට මුහුණ දීමට අනුවර්තන දරයි.

සතුන්

  • අශ්වයන් බඳු විශාල උලාකන්නෝ සහ ගුල් හාරන ක්රෂීපායීහු (උතුරු ඇමෙරිකාවේ ප්‍රෙයරි බල්ලන් බඳු) වර්ග රැසක් ද ජීවත් වෙති.

මානව බලපෑම්

  • උස් තෘණ ප්‍රෙයරි තෘණ භූමි මේ වන විට අන්තරායට ලක් වූ ස්වභාවික පරිසර පද්ධතියකි. එයට හේතුව ඒවා සම්පූර්ණයෙන්ම වාගේ කෘෂිකර්මාන්තයට සහ ගොවිපොළ බවට පරිවර්තනය කර තිබීම ය.
29.40 දක්වා  42:27


error: කොපි කරන්න තහනම්!!!