සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර

සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර

(Temperate Forests)

ව්‍යාප්තිය

  • සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ වල ව්‍යාප්ත වී ඇත.

වර්ෂාපතනය

  • සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 700 – 2000 mm වේ.
  • සැලකිය යුතු ප්‍රමාණයක වර්ෂණයක් වර්ෂය මුළුල්ලේ ලැබෙන්නේ ගිම්හානයේ දී වර්ෂාව ලෙසත් ශීත සෘතුවේ දී හිම ලෙසත් ය.

උෂ්ණත්වය

  • ශීත සෘතුවේ දී සාමාන්‍ය උෂ්ණත්වය 0°C වන අතර, ගිම්භනයේ දී එය 35°C ට දක්වා ඉහළ යා හැකි ය.
  • ගිම්හානය උණුසුම් සහ ආර්ද්‍ර වන අතර ශාකවල වර්ධනයට හිතකර කාලයක් සලසයි.

ශාක

  • ප්‍රමුඛ ශාක වැඩි වශයෙන් පතනශීලී ය.
  • සිරස් ස්තර ලෙස සැකසීමක් (ස්තරීභවනය) දැකිය හැකි ය. ඒවා නම් සංවෘත වියන් ස්තර ය, යටි ප්‍රස්තර ශාක ස්තර එකක් හෝ දෙකකි,ඒ පඳුරු ස්තරය සහ පැළෑටි ස්තරයයි.
  • අපිශාක ස්වල්පයක් පමණක් හමු වේ.

සතුන්

  • ක්ෂීරපායි විශේෂ රැසක් දැකිය හැකි ය. ශීත සෘතුවේ ඔවුන් ශිශිරතරණය කරන අතර, පක්ෂි විශේෂ උණුසුම් දේශගුණය ඇති ප්‍රදේශ කරා පර්යටනය කරති.

මානව බලපෑම්

  • ගස් කැපීම, කෘෂිකර්මාන්තය සඳහා එළි කිරිම, මානව ජනාවාසකරණය නිසා මේ වනාන්තරවලට ද බාධා පැමිණේ.
error: කොපි කරන්න තහනම්!!!