උතුරු කේතුධර වනාන්තර

උතුරු කේතුධර වනාන්තර (Taiga)

ව්‍යාප්තිය

  • පෘථිවියේ විශාලතම බියෝමයයි.
  • ඊට ඉහළින් පටියක් ලෙස ඇති ආක්ටික් තුන්ද්‍රාවේ සිට පළල් පටියක් ලෙස විහිද ඇත.

වර්ෂාපතනය

  • වාර්ෂික සාමාන්‍ය වර්ෂණය 300-700 mm පමණ වන ආවර්තිත නියං කාලද සුලබය.

උෂ්ණත්වය

  • ශීත ඍතුවේ දී උෂ්ණත්වය – 50°C ද ගිම්හානයේ දී එය 20°C ද වේ.

ශාක

  • උතුරු වනාන්තරවල ප්‍රමුඛ වන්නේ කේතුධර ශාකයි.  උදා :- ෆර්, පයින්, ස්පෘස් සුලබ ශාක විශේෂ වේ.
  • බොහෝ කේතුධර ශාකවල කේතු හැඩය හිම එක්රැස් වී අතු කඩාවැටීම වළකාලයි.
  • මේ ශාකවලට ඉඳි කටු හැඩැති පත්‍ර දරන අතර එමගින් අධික උත්ස්වේදනය අවම කරයි.
  • වනාන්තරයේ පඳුරු සහ පැළෑටි විවිධත්වය සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තරවලදීට වඩා අඩු ය.
  • එයට හේතුව අවක්ෂේපනයේ සහ උණුසුම් උෂ්ණත්වයේ සීමා සහිත බවයි.

සතුන්

  • සුලබව හමු වන ක්ෂීරපායින් වන්නේ දුඹුරු වලසා, උතුරු ඇමෙරිකානු ගෝනා (moose) සහ සයිබීරියානු කොටියා (Tiger) ආදීහුය.
  • ඇතැම් කාලවකවානුවල ක්ෂණික කෘමි ආක්‍රමණය මඟින් ප්‍රමුඛ ශාක මරා දැමිය හැකි ය.

මානව බලපෑම්

  • මේ ප්‍රදේශවල අධික ජනගහනයක් නොමැති වුව ද දැව පිණිස ගස් කැපීම අනතුරුදායක මට්ටමකින් සිදු වේ.
0.00 – 21.00 දක්වා කේතුධර වනාන්තර පිළිබඳව අන්තර්ගත වේ.

 

error: කොපි කරන්න තහනම්!!!