තුන්ද්‍රා

තුන්ද්‍රා (Thundra)

ව්‍යාප්තිය

  • මේ බියෝමය ආක්ටික් ප්‍රදේශයේ විශාල වර්ග ප්‍රමාණයක පැතිරී ඇත.
  • පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 20% ක් මීට අයත් වේ.
  • තුන්ද්‍රා ආකාර දෙකක් ඇත. ඇල්පයින් තුන්ද්‍රා කඳු මුදුන් මත ඉහළ උන්නතාංශවල පවතින අතර ආක්ටික් තුන්ද්‍රා ඉහළ අක්ෂාංශවල පවතී.

වර්ෂාපතනය

  • බොහෝ තුන්ද්‍රා වලට ඉතා අඩු ජල ආදානයන් (input), වර්ෂණයක් ලෙස ලැබෙන නමුත් එහි පස තෙතමනය සහිත හෝ තෙමුණු තත්වයක පැවතිය හැකි ය. එයට හේතුව එබඳු ශීත දේශගුණවල දී වාෂ්පීභවනය සුළු වශයෙන් සිදුවීම සහ මිදුණු පස නිසා ගැඹුරට ජලය බැස යෑම වැළැක්වීමයි.
  • ආක්ටික් තුන්ද්‍රාවට වාර්ෂිකව 200-600 mm සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබේ.
  • ඇල්පයින් තුන්ද්‍රාවට 1000 mm ට වඩා වැඩි වර්ෂණයක් ලැබේ.

උෂ්ණත්වය

  • ශීත සෘතුව තුළදී උෂ්ණත්වය – 30 °C ට වඩා පහළ යන අතර ගිම්හානයේ දී උණත්වය 10 °C අඩු වේ.

ශාක

  • වැඩි වශයෙන් අකාෂ්ඨිය ශාක දැකිය හැකි අතර ඒවාට විවිධ වර්ගවල තෘණ සහ forbs අයත් වේ.
  • පඳුරු, පාසි, ලයිකන සහ ගස් ආදිය ද තුන්ද්‍රාවේ හමු වේ.
  • පසේ ස්ථිරව මිදුණු නිත්‍යතුහින (permafrost) ස්තරයක් ද දැකිය හැකි ය. ඒ ස්තරය මඟින් ශාක මුල් වර්ධනය සීමා කරයි.

සතුන්

තුන්ද්‍රාවක සිටින කැරිබු සත්ත්වයෙක්

  • කැරිබු සහ පිනිමුවා (rein deer) (පර්යටන) musk oxen (නිත්‍ය වාසීන්) සහ විලෝපී වෘකයන්, නරියන්, වලසුන් සමග ගිම්හානයේ කුඩු සාදන පර්යටන පක්ෂි විශේෂ රාශියක් ද එක්ව ජීවත් වේ.

මානව බලපෑම්

  • මානව ජනපද පිහිටුවීම් ඉතා අඩුයි. එහෙත් බනිජ සහ තෙල් නිස්සාරණයට බහුලව භාවිත වේ.

විෂය නිර්දේශයේ සඳහන් නොවන සදා අයිස් ප්‍රදේශ පිළිබඳ විස්තරයක්,

error: කොපි කරන්න තහනම්!!!