විනාඩි 25
Lesson Progress
0% Complete
සතුන්ගේ බහිස්‍රාවි ව්‍යුහවල විවිධත්වය
දේහ පෘෂ්ඨය
- ඇතැම් සතුන්ගේ දේහ සෛල ඍජුවම බාහිර පරිසරය සමග ගැටෙයි. එනිසා බහිස්ස්‍රාවි ද්‍රව්‍ය විසරණය මඟින් බැහැර කරයි.
- උදා: නිඩාරියාවෝ
සිළු සෛල (Flame cells)
- විශේෂණය වූ බහිස්රාවී සෛල වන මේවා, සත්ත්වයාගේ ශරීරය තුළ පවතින නාලිකා ජාලයක් හා සම්බන්ධිතය. එම නාලිකා සත්ත්වයාගේ බාහිරට විවෘත වෙයි.
- උදා: පැතලි පණුවන්
සිළු සෛල වල ව්‍යුහය
වෘක්කිකා (Nephridia)
- බහු සෛලික නාලාකාර ව්‍යූහයන් ය.
- නාලයේ එක් අන්තයක් සීලෝමයටත් අනෙක් අන්තය බාහිරටත් විවෘතය.
- උදා: ඇනලිඩාවෝ
වෘක්කිකාවල ව්‍යුහය
මැල්පිගීය නාලිකා (Malpighian Tubules)
- පැතිරුණු, අන්ධව අවසන් වන අන්තයක් සහිත රුධිර වසා තුළ ගිලුණ, ජිරණ මාර්ගයට විවෘත වුණු නාලිකාවකි.
- උදා: – කෘමීහු හා අනෙකුත් භෞමික ආත්රපෝඩාවෝ
හරිත ග්රන්ථ ස්පර්ශක ග්‍රන්ථි (Green glands/ Antennal glands)
- හිසෙහි උදරීයව හා අන්ත ස්‍රෝතයට පූර්වව පිහිටන විශාල ග්‍රන්ථි දෙකකි.
- උදා : – ක්රස්ටේෂියාවෝ
ස්වේද ග්‍රන්ථි (Sweat glands)
- දගර ගැසුණ නාලාකාර ග්‍රන්ථි වේ.
- හමේ චර්මය තුළ පිහිටමින් ස්වේද ප්රනාලය හරහා සම මතුපිටට විවරයකින් විවෘත වෙයි.
- උදා – මිනිස් සම
ලවණ ග්‍රන්ථි (Salt glands)
- අතිරේක ලවණ බැහැර කිරීමට හැඩ ගැසුණු ඇස් ආසන්නයේ පිහිටන ග්‍රන්ථි යුගලකි.
- උදා : – කරදිය පක්ෂිහු හා කරදිය උරගයෝ
වෘක්ක (Kidney)
- සියලුම පාෂ්ඨවංශීන්ගේ ප්‍රධාන බහිස්රාවී හා ආස්‍රැති විධාන අවයවයයි