සතුන්ගේ බහිස්‍රාවි ව්‍යුහවල විවිධත්වය

සතුන්ගේ බහිස්‍රාවි ව්‍යුහවල විවිධත්වය

දේහ පෘෂ්ඨය

  • ඇතැම් සතුන්ගේ දේහ සෛල ඍජුවම බාහිර පරිසරය සමග ගැටෙයි. එනිසා බහිස්ස්‍රාවි ද්‍රව්‍ය විසරණය මඟින් බැහැර කරයි. 
  • උදා: නිඩාරියාවෝ 

සිළු සෛල (Flame cells)

  • විශේෂණය වූ බහිස්‍රාවී සෛල වන මේවා, සත්ත්වයාගේ ශරීරය තුළ පවතින නාලිකා ජාලයක් හා සම්බන්ධිතය. එම නාලිකා සත්ත්වයාගේ බාහිරට විවෘත වෙයි.
  • උදා:  පැතලි පණුවන් 

සිළු සෛල වල ව්‍යුහය

 වෘක්කිකා (Nephridia)

  • බහු සෛලික නාලාකාර ව්‍යූහයන් ය. 
  • නාලයේ එක් අන්තයක් සීලෝමයටත් අනෙක් අන්තය බාහිරටත් විවෘතය. 
  • උදා: ඇනලිඩාවෝ

වෘක්කිකාවල ව්‍යුහය

මැල්පිගීය නාලිකා (Malpighian Tubules)

  • පැතිරුණු, අන්ධව අවසන් වන අන්තයක් සහිත රුධිර වසා තුළ ගිලුණ, ජිරණ මාර්ගයට විවෘත වුණු නාලිකාවකි.
  • උදා: – කෘමීහු හා අනෙකුත් භෞමික ආත්‍රපෝඩාවෝ

හරිත ග්‍රන්ථ ස්පර්ශක ග්‍රන්ථි (Green glands/ Antennal glands)

  • හිසෙහි උදරීයව හා අන්ත ස්‍රෝතයට පූර්වව පිහිටන විශාල ග්‍රන්ථි දෙකකි.
  • උදා : – ක්‍රස්ටේෂියාවෝ

ස්වේද ග්‍රන්ථි (Sweat glands)

  • දගර ගැසුණ නාලාකාර ග්‍රන්ථි වේ. 
  • හමේ චර්මය තුළ පිහිටමින් ස්වේද ප්‍රනාලය හරහා සම මතුපිටට විවරයකින් විවෘත වෙයි. 
  • උදා – මිනිස් සම

ලවණ ග්‍රන්ථි (Salt glands)

  • අතිරේක ලවණ බැහැර කිරීමට හැඩ ගැසුණු ඇස් ආසන්නයේ පිහිටන ග්‍රන්ථි යුගලකි. 
  • උදා : – කරදිය පක්ෂිහු හා කරදිය උරගයෝ

වෘක්ක (Kidney)

  • සියලුම පාෂ්ඨවංශීන්ගේ ප්‍රධාන බහිස්‍රාවී හා ආස්‍රැති විධාන අවයවයයි
error: කොපි කරන්න තහනම්!!!