සතුන් ජීවත් වන පරිසරය හා නයිට්‍රජනීය බහිස්‍රාවී ද්‍රව්‍ය අතර ඇති සබඳතාව

සතුන් ජීවත් වන පරිසරය හා නයිට්‍රජනීය බහිස්‍රාවී ද්‍රව්‍ය අතර ඇති සබඳතාව

  • සතුන්ගේ නයිට්‍රජනීය බහිස්‍රාවී ඵලයන් වන ඇමෝනියා, යූරියා හා යූරික් අම්ලයයි. 
  • මේ වෙනස් ආකාර විෂ සහිත ස්වභාවය හා නිපදවීමට වැය වන ශක්තිය මත මේවා සැලකිය යුතු ලෙස වෙනස් වෙයි.

ඇමෝනියා 

  • ඉතා විෂ ද්‍රව්‍යයකි. 
  • ඒවා බැහැර කිරීමට දේහයෙන් විශාල ජලය පරිමාවක් වැය කළ යුතුය. 
  • එහෙත් ඇමෝනියා නිපදවීමට වැය වන්නේ සාපේක්‍ෂව අඩු ශක්ති ප්‍රමාණයකි.
  • මේ නිසා බහිස්‍රාවී ඵලය ලෙස  ඇමෝනියා බැහැර කරන්නේ  ජලය තුළ ජීවත් වන සතුන්ය, උදා: අස්ථික මත්ස්‍යයන්, බොහෝ ජලජ අපෘෂ්ඨවංශීන්, ජලජ උභයජීවීන්  (ඉස්ගෙඩියෝ) 

එහෙත් භෞමික වාසි සතුන්ට ප්‍රධාන බහිස්‍රාවී ඵලය ලෙස ඇමෝනියා බැහැර කිරීමට තරම් ප්‍රමාණවත් ජලය ලබා ගත නොහැකි ය.  

යූරියා 

  • විෂ බවින් අඩු ය. 
  • එහෙත් සතුන්ට ඇමෝනියා වලින් යූරියා නිපදවීමට වැඩි ශක්තියක් වැය කළ යුතුය. 
  • ක්ෂිරපායීන් හා සුහුඹුල් ඇමිපිබියාවන් වැනි භෞමික සත්තු ප්‍රධාන නයිට්‍රජනීය බහිස්ස්‍රාවි ඵලය ලෙස යුරියා බහිස්‍රාවය කරති.
  • මෝරා වැනි ඇතැම් කරදිය මත්ස්‍යයෝ ද ප්‍රධාන නයිට්‍රජනීය ඵලය ලෙස යූරියා බහිස්‍රාවය කරති (යුරියා ආස්‍රැති විධානය සඳහා භාවිත වේ).

යූරික් අම්ලය 

  • යූරික් අම්ලය සාපේක්ෂව විෂ රහිත ය.
  • සාමාන්‍යයෙන් ජල අද්‍රාව්‍යය. මේ නිසා ජලය ඉතා සුළු ප්‍රමාණයක් සමග අර්ධ ඝන  ද්‍රව්‍යයක් ලෙස බැහැර කරයි. එහෙත් ඇමෝනියා වලින් යූරික් අම්ලය නිපදවීම සඳහා යූරියා නිපදවීමටත් වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් වැය කළ යුතු ය.
  • උදාහරණ :
  • පක්ෂීන්, බොහෝ උරගයන්, භෞමික ගොළුබෙල්ලන් සහ භෞමිකවාසී කෘමීන් 
error: කොපි කරන්න තහනම්!!!