Lesson Progress
0% Complete
වංශය – එකයිනොඩමේටා
Phylum – Echinodermata
මුහුදු තාරකාවා (sea star)
භංගුර තාරකාවා (brittle star)
මුහුදු ලිලි (sea lily) – පොළවට සම්බන්ධ වී සිටී
පෙදැගිල්ලා (feather star)
මුහුදු කැකිරි (sea cucumber)
මුහුදු ඉකිරි (sea urchins)
මුහුදු කාසි (sand dollars)
උදා : මුහුදු තාරකාවා, භංගුර තාරකාවා, මුහුදු ලිලි, පෙදැගිල්ලන්, මුහුදු කැකිරි, මුහුදු ඉකිරියා හා මුහුදු කාසි
- සියල්ලෝම කරදිය වාසීය.
- ත්රිපස්තර, සීලෝමික වේ.
- සෙමෙන් සංචරණය කරන හෝ ඔත් ජීවීහු ය.
- පරිණත ජීවීන් ඛණ්ඩනය හෝ ශීර්ෂණය නොදරයි.
- පංචඅරීය සමමිතිකයෝ ය.
- ඩියුටෙරාස්ටෝමිකයෝ ය.
- ඵලකවලින් සමන්විත අන්තඃ සැකිල්ල, තුනී අපිචර්මයකින් ආවරණය වෙයි.
- සංචරණය හා භෝජනය සඳහා නාළ පාද භාවිත කරයි.
- ජල වාහිනී පද්ධතිය නම් ජලය ගමන් කරන ශාඛනය වු නාළ පද්ධතියක් දරයි. එයට සම්බන්ධ වූ නාළ පාද පිහිටයි.
- සාමාන්‍යයෙන් ආහාර ජීරණ පද්ධතිය සම්පූර්ණයි.
- මුඛය ජීවියාගේ යටිපැත්තේද ගුදය ඉහළ පෘෂ්ඨයේද පිහිටයි.
- සංසරණ පද්ධතිය සංවෘත, හෘදයක් රහිත, ක්ෂීණ වූ එකකි.
- ලිංග වෙන වෙන ම පවතී. එනම් ඒකලිංගිකයි.
- බාහිර සංසේචනය සිදු වේ.
- කීට අවධි ද්විපාර්ශ්වික සමමිතිය පෙන්වයි.
- එය ස්නායු වලයකින් ද අරීය ස්නායු රැහැන්වලින් ද සමන්විත වේ.
- බොහෝ එකයිනොඩමේටාවන් දේහ බිත්තිය හා නාල පාද භාවිතයෙන් වායු හුවමාරුව සිදු කරයි.
- ඇතැමුන් ශ්වසනය සඳහා ශ්වාස රුක් (Respiratory tree) හෝ පැපුල (papulae) භාවිත කරයි.
ස්නායු පද්ධතිය
මුහුදු තාරකාවකුගේ දේහ අභ්‍යන්තරය