ජාන සංඛ්‍යාතයෙහි වෙනස් වීම හා පරිණාමය

ජාන සංඛ්‍යාතයෙහි වෙනස් වීම හා පරිණාමය

 

  • පරම්පරා ගණනාවක් ඔස්සේ ඇලීල (ජාන) සංඛ්‍යාතවල සිදු වන වෙනස්කම් මඟින් පරිණාමය පැහැදිලි කළ හැකිය.
  • ජාන සංඛ්‍යාතයෙහි සිදු වන වෙනස්කම් මඟින් විශේෂිත පාරිසරික නිකේතනයක් සඳහා ඉතා හොඳින් අනුවර්තනය වීම විශේෂ පරිණාමය වේ.
    ගහනය තුළ ප්‍රවේණික ප්‍රභේදන, පරිණාමය සඳහා මඟ පාදයි.  විකෘති මඟින් නව ඇලීල නිර්මාණය කරනු ලබන අතර, පර්යටන මඟින් ඒවා ගහනයට ඇතුළත් කර ප්‍රභේදන වැඩි කරයි.
  • පසුව ස්වාභාවික වරණය මඟින් ඔවුන්ගේ රූපාණුදර්ශ විවිධත්වය මත පදනම්ව වඩාත් හොඳින් අනුවර්තය වූ ඒකෛකයන් තෝරා ගැනෙන අතර, ඉන් ගහනය පරිණාමයට ලක් වේ.
  • මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිණාමයෙන් පසු, පරිණාමය වීමට පෙර තිබූ අනුවර්තිත මට්ටම සාපේක්‍ෂව ඉතා ඉහළ අනුවර්තිත මට්ටමක් සහිත ගහනයක් ඇති වේ.
  • මේ සංකල්පය එංගලන්තයේ කාර්මීකරණ සමයේ ජීවත් වූ Peppered සලබයන්ගේ පරිණාමය මඟින් පැහැදිලි කළ හැකිය.
  • Peppered සලබයන්ගේ දේහ වර්ණය මත පදනම්ව තද පැහැති සහ ළා පැහැති ලෙස රූපාණුදර්ශ විචල්‍ය දෙකක් පැවතුනි. මධ්‍ය එංගලන්තයේ කාර්මිකරණයට පෙර ළා පැහැති ඇලීලය දරන සලබයෝ වඩාත් බහුල වූහ. ළා පැහැති සලබයන්ට සුදු පැහැති පොත්ත සහිත ශාක අතර සැඟවිය හැකි නිසා, අඳුරු පැහැති සළඹයන්ට වඩා සුදු පැහැති සලබයන්ට කුරුල්ලන්ගේ විළෝපනයට ලක් වීම වළක්වාගත හැකි විය. කාර්මීකරණයත් සමඟ ජනනය වූ දූෂක නිසා, ළා පැහැති ශාක අඳුරු පැහැති විය. මේ නිසා ළා පැහැති සලබයන් විලෝපීයතාවට නිරාවරණය වූ අතර ඉන් ඔවුන්ගේ සංඛ්‍යාව ද අඩු විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ළා පැහැති ඇලීලයන්ගේ බහුලතාව අඩු විය. අඳුරු පැහැති සලබයන්ට අඳුරු පැහැ වූ ශාක මත වඩාත් හොඳින් වේශාන්තරය විය හැකි නිසා විලෝපික පක්‍ෂීන්ගේ ආහාරයට ලක් වීම වළක්වා ගත හැකි බැවින් අඳුරු පැහැති ඇලීලය අති ප්‍රමුඛතර විය. ජාන සංඛ්‍යාත වල ඇති වූ වෙනස නිසා ඒ ගහනය ඉහළ අනුවර්ති මට්ටමකට පරිණාමය විය (එනම් ළා පැහැති ඇලීල සංඛ්‍යාතය අඩු වූ අතර, තද පැහැති ඇලීල සංඛ්‍යාතය වැඩි විය).

Peppered සලබයන්ගේ පරිණාමය

error: කොපි කරන්න තහනම්!!!