සතුන්ගේ ශ්වසන ව්‍යුහවල අවශ්‍යතාව හා ශ්වසන ව්‍යුහයන්ගේ සංකීර්ණතාවේ පරිණාමය

සතුන්ගේ ශ්වසන ව්‍යුහවල අවශ්‍යතාව හා ශ්වසන ව්‍යුහයන්ගේ සංකීර්ණතාවේ පරිණාමය

පැතලි පණුවන් ශ්වසන වායු හුවමාරුව සිදුකරන්නේ දේහ පෘෂ්ඨය හරහාය 

  • සතුන්ගේ ශ්වසන වායු හුවමාරුව (දේහයට O2 ලබා ගැනීම හා බාහිර පරිසරයට CO2 මුදා හැරිම) සිදු වන්නේ සරල විසරණයෙනි.
  • නිඩාරියාවන්, පැතලි පණුවන් වැනි සරල සතුන්ගේ හැම දේහ සෛලයක්බාහිර පරිසරය සමඟ ප්‍රමාණවත් තරම් සමීප. මේ නිසා සියලු දේහ සෛල හා පරිසරය අතර, ඍජුවවායු හුවමාරුව සිදුකර ගත හැකි . ඔවුන්ගේ සරල දේහ ස්වරූපය හා ශක්ති අවශ්‍යතා අඩු වීම මගින්, සරල විසරණය මගින් දේහ පෘෂ්ඨය හරහා සිදුකර ගන්නා වායු හුවමාරුව ඔවුන්ට ප්‍රමාණවත්

සත්ත්වයින්ගේ පරිණාමය සමග විශේෂණය වූ ශ්වසන පෘෂ්ඨ ඇති වූයේ ඇයි?

  • සතුන්ගේ පරිණාමය සමඟ දේහ ප්‍රමාණය විශාල විය, විශාල දේහ දරන සතුන්ගේ දේහ සංකීර්ණතාව හා ශක්ති අවශ්‍යතා අධික. ඔවුන්ගේ දේහ සෛලවලින් වැඩි ප්‍රමාණයක්බාහිර පරිසරය සමඟ ඍජුව නොගැටෙයි. මේ නිසා ඔවුන්ගේ ශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට දේහ පෘෂ්ඨය හරහා සිදු වන වායු හුවමාරුව ප්‍රමාණවත් නොවෙයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වායු හුවමාරුව සිදු කර ගත හැකි විශේෂණය වූ ශ්වසන පෘෂ්ඨ පරිණාමය වී ඇත
  • සතුන්ගේ දේහ තරම හා සංකීර්ණත්වය වැඩිවත්පෘෂ්ඨ/ පරිමා අනුපාතය එනම් (A/V) අඩු වෙයි. මේ නිසා කාර්යක්ෂම වායු හුවමාරුවක් සඳහා විශාල පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයක් අවශ්‍ය වෙයි. මේ නිසා විශාල පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයක් ලබා දීමට හැකි වන පරිදි නැමීම් හා ශාඛනය වීම් සහිතව විවිධ ශ්වසන පෘෂ්ඨ පරිණාමය වී ඇත.
    • උදාහරණ: ජලක්ලෝම, ශ්වාසනාල, පෙණහැලි ආදිය
  • ජලජ සතුන්ගේ, කාර්යක්ෂමව ජලයෙන් O2 ලබා ගැනීම සඳහා දේහ පෘෂ්ඨයෙන් බාහිර නෙරීම් ආකාරයට ජලක්ලෝම පරිණාමය වී ඇත.
  • එමෙන්භෞමික සතුන්ගේ, වායුගෝලයෙන් කාර්යක්ෂම ලෙස O2 ලබා ගැනීම සඳහා දේහ පෘෂ්ඨය අවතලනය වීමෙන් ශ්වාසනාල හා පෙණහැලි වැනි ශ්වසන පෘෂ්ඨ පරිණාමය වී ඇත

ශ්වසන පෘෂ්ඨවල ලාක්ෂණික ලක්ෂණ 

  • ඵලදායි ශ්වසන පෘෂ්ඨයක් සතුව පහත සඳහන් ලක්ෂණ තිබිය යුතු
    1. තෙත්ව හා වායුවලට පාරගම්‍යව පැවැතිය යුතු ය. එවිට වායුවලට ද්‍රාවනය වීමෙන් ගමන් හැකි
    2. ඉතා තුනී පෘෂ්ඨයක් විය යුතු ය. කාර්යක්ෂම ලෙස විසරණය සිදු වන්නේ කෙටි දුරකට පමණි.
    3. විශාල පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයක් තිබිය යුතු ය.
    4. හොඳ රුධිර සැපයුමක් තිබිය යුතු ය. ජීවියාගේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වායු පරිමාවක් හුවමාරු කර ගැනීම සඳහා.(එමගින් තීව්‍ර විසරණ අනුක්‍රමණයක් පවත්වා ගත හැකි .)
error: කොපි කරන්න තහනම්!!!