උරෝස්ථිය හා පර්ශු

උරෝස්ථිය

  • දිගු, පැතලි අස්ථියකි. උරස් කූඩුවේ පූර්ව ප්‍රදේශය සැදීමට දායක වෙයි (උරෝස්ථිය පර්ශු හා උරස් කශේරුකාවලින් උරස් කූඩුව සැදී තිබේ).
    උරෝස්ථියේ උත්තර කොටස උරෝස්ථි මිට ලෙස නම් කරයි.
  • උරමේඛලාවේ අක්‍ෂකාස්ථි යුගල හා පළමු හා දෙවන පර්ශු යුගල උරෝස්ථි මිට සමඟ සන්ධානය වෙයි.
  • උරෝස්ථියේ මිටට පහළින් ඇති මධ්‍යම ප්‍රදේශය දේහයයි. එය ඉතිරි පර්ශු සමඟ සන්ධානය වෙයි.
  • උරෝස්ථියේ අග කොටස අසිපත් ප්‍රසරය ලෙස නම් කරයි. මෙය මහා ප්‍රාචීරයට හා උදර බිත්තියේ පුර්වව පිහිටන පේශිවලට සන්ධාන පෘෂ්ඨය සපයයි.
    උරෝස්ථිය එයට පිටුපසින් පිහිටන අවයව (හෘදය හා පෙනහැලි) හා රුධිර නාලවලට ආරක්ෂාව සපයයි.
  • උරෝස්ථිය තුළ ඇති රතු ඇටමිදුළු රක්තාණු නිපදවන ප්‍රධානතම මධ්‍යස්ථානයකි.

උරෝස්ථිය සමඟ අනෙකුත් අස්ථි සන්ධානය වීම

අමතර දැනුමට,

විවිධ පේශි වර්ග උරස් කූඩුවෙ අස්ථි සමඟ සන්ධානය වන ආකාරය  

පර්ශු

  • පර්ශු යුගල දොළහකි.
  • මේවා උරස් කූඩුවේ පාර්ශ්වික බිත්ති සැදීමට දායක වෙයි.
  • වක්‍රාකාර වූ දිගු අස්ථි වර්ගයකි.
  • දේශයේ පෘෂ්ඨිය පැත්තේ දී පර්ශු උරස් කශේරුකා සමඟ සන්ධානය වෙයි.
  • උදරීයව 1-7 දක්වා පර්ශු උරෝස්ථිය සමග කෙළින් ම සන්ධානය වෙයි. ඒවා සත්‍ය පර්ශු ලෙස හැඳින්වේ.
  • 8, 9, 10 පර්ශු උරෝස්ථියට අනියම්ව සම්බන්ධ වේ. ඒවා ව්‍යාජ පර්ශු නම් වේ.
  • මෙම දෙආකාරයෙ දීම පර්ශුක කාටිලේජය හරහා පර්ශු උරෝස්ථිය සමග සම්බන්ධ වෙයි.
  • අවසාන පර්ශු යුගල දෙක උරෝස්ථියට සම්බන්ධ නොවන නිසා පාවෙන පර්ශු ලෙස හැඳින්වේ.
  • පර්ශුවක හිස උරස් කශේරුකාවේ කශේරුකා දේහය සමඟත්, ගැටිත්ත තීර්යක් ප්‍රසර සමඟත් සන්ධානය වෙයි.

  • උරස් කූඩුවට අයත් උරෝස්ථිය හා පර්ශු ආශ්වාස-ප්‍රශ්වාස යන්ත්‍රණයේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
  • පර්ශු දෙකක් අතර පිහිටන අන්තර්පර්ශුක පේශි සංකෝචනය වීම මඟිනි ආශ්වාස – ප්‍රාශ්වාස ක්‍රියාවලියේදී පර්ශු කූඩුව චලනය කරවයි.
  • පළමු පර්ශුව උරෝස්ථියට හා උරස් කශේරුකාවලට තදින් සම්බන්ධව පවතියි. ඒ නිසා ආශ්වාසයේ දී චලනය වීමට මේවාට නොහැකි ය.
  • එය ස්ථිර ලක්ෂ්‍යක් බැවින් අන්තර්පර්ශුක පේශි සංකෝචනයෙන් පර්ශු කූඩුව අදින අතර ඒවා පළමු පර්ශු දෙසට ඇදී යෑම සිදු වෙයි.
  • උරස් කුහරය තුළ පිහිටන හෘදය, පෙණහලු වැනි අවයව ආරක්ෂා කරනුයේ පර්ශු යුගල දොළහ හා උරෝස්ථිය මඟිනි.

ඍජු ඉරියවුව පවත්වා ගැනීමට මානව ආක්ෂක සැකිල්ල මඟින් සපයන දායකත්වය

  1. කශේරුවේ ඇති ප්‍රාථමික වක්‍ර දෙකක් හා ද්විතීයික වක්‍ර දෙකක් මඟින් මානව දේහයේ ඍජු ඉරියවුව පවත්වා ගැනීමට දායක වීම. ද්විතීයික වක්‍රතා දෙකක් ඇති වී ඍජු ඉරියවු පවත්වා ගැනීමට ලෙස දායක වේ.
  2. කශේරුවේ අන්තය දෙසට පිහිටන කශේරුකාවල කශේරුකා දේහයේ ප්‍රමාණය විශාල වීම මඟින් ඍජු ඉරියවුවේ දී දේහයේ ඉහළ කොටසේ බර දරා ගැනීමට හැකියාව ලැබේ.
  3. ත්‍රිකාස්ථික කශේරුකා එකිනෙක බද්ධ වීමෙන් ත්‍රිකෝණාකාර ව්‍යූහයක් වන ත්‍රිකාස්ථිය සැදීම මඟින් කශේරුකාවේ හා අභ්‍යන්තර අවයවවල බර දරා ගැනීමට හැකියාව ලැබේ.
  4. හිස්කබල පත්ලේ මධ්‍යයට වන්නට විශාල අපර කපාල සන්ධාන අග්‍ර යුගලක් තිබීම හා කශේරුක ඡිද්‍රය හිස් කබලේ අධරව මධ්‍යයට ආසන්නව පිහිටා ඇත. හිස් කබල කශේරුව මත නියමිත පරිදි තුලිතව පවත්වා ගැනීමට හැකි වේ.
error: කොපි කරන්න තහනම්!!!