කශේරුව

කශේරුව

  • මානව කශේරුව ශක්තිමත් සුනම්‍ය දණ්ඩකි.
  • රේඛීයව සැකසුණ අස්ථි 26කින් සමන්විත වන අතර, ඉන් 24ක් එකිනෙකින් වෙන් වුණු තනි කශේරුකායි.
  • හිස්කබලේ අපර කපාල අස්ථියේ සිට පහළට දිවෙන ව්‍යූහයකි.
  • ත්‍රිකාස්ථිකය, එකිනෙක බද්ධ වන කශේරුකා පහකින්ද අනුත්‍රිකාස්ථිකය එකිනෙක බද්ධ වුණු කශේරුකා හතරකින්ද සමන්විත ය.
  • මානව කශේරුව නිශ්චිත ප්‍රදේශ හතරකට වෙන් කළ හැකි ය.

1. ග්‍රෛවී පෙදෙස – කශේරුකා හතකින් සමන්විත ය.
2. උරස් පෙදෙස – කශේරුකා දොළහකින් සමන්විත ය.
3. කටී පෙදෙස – කශේරුකා පහකින් සමන්විත ය.
4. ත්‍රිකාස්ථික පෙදෙස (කටී කශේරුකාවල අවසාන අස්ථිය සන්ධානය වී ඇත) හා එයටම බද්ධ වුණ අනුත්‍රිකාස්ථික පෙදෙස– කශේරුවේ පහළ කෙළවරේ පිහිටයි.

කශේරුවේ පිහිටන වක්‍රතා

  • මානව කශේරුව වක්‍ර හතරකින් සමන්විත ය. එනම්,

  1. ග්‍රෛවී වක්‍රය – ද්විතීයික වක්‍රය
  2. කටී වක්‍රය – ද්විතීයික වක්‍රය
  3. උරස් වක්‍රය – ප්‍රාථමික වක්‍රය
  4. ත්‍රිකාස්ථික වක්‍රය – ප්‍රාථමික වක්‍රය
  • මින් වක්‍ර දෙකක් ප්‍රාථමික වක්‍ර වන අතර, දෙකක් ද්විතීයික වක්‍රයි.

ප්‍රාථමික වක්‍ර

  • භ්‍රෑණ අවධියේ දී කශේරුවට ඇත්තේ තනි වක්‍රයකි.
  • මෙය පූර්වව අවතල වක්‍රතාවකි.
  • ද්විතීයික වක්‍ර හට ගැනීමෙන් පසු, කශේරුවේ උරස් හා ත්‍රිකාස්ථික ප්‍රදේශවල පමණක් පූර්වව අවතල ප්‍රාථමික වක්‍ර ඉතිරිව පවතියි..

ද්විතීයික වක්‍ර

  • ඉපදීමෙන් මාස තුනකට පමණ පසු ගෛ්‍රවී වක්‍රය හට ගන්නා අතර එය ළදරුවාට හිස එසවීමට උපකාරී වේ.
  • ඉන් පසු ළදරුවාට හිස ඍජුව තබා ගැනීමට හැකි වෙයි.
  • දෙවන වක්‍රය කටී වක්‍රය ළදරුවාට මාස 7-8 පමණ විට ඇති වේ. එවිට ළදරුවාට තම දේහය ඍජුව තබා ගැනීමට/ සිට ගැනීමට හැකි වෙයි.

වක්‍රවල කෘත්‍ය

  • වක්‍රවල ප්‍රධානතම කෘත්‍ය ඍජු ඉරියව්ව පවත්වා ගැනීම වේ.

කශේරුකා වර්ග

දර්ශීය කශේරුකාවක ව්‍යුහය :

දර්ශීය කශේරුකාවක ව්‍යුහය

දර්ශීය කශේරුකාවක ව්‍යුහය – රේඛා සටහන 

  • කටී කශේරුකා දර්ශීය කශේරුකා ලෙස සලකනු ලබයි.
  • දර්ශීය කශේරුකාවක්ම කශේරුකා දේහයකින් හා කශේරුකා වක්‍රයකින් සමන්විත ය.
  • කශේරුකා දේහය: කශේරුකාවක ඇති විශාලතම පැතලි පුළුල් ප්‍රදේශයයි. එක් එක් කශේරුකාවක දේහයේ පැතලි පෘෂ්ඨය, යාබද කශේරුකාවේ එයට අදාළ පෘෂ්ඨය සමඟ ස්ථානගත වන අතර, එම නිසා, කශේරුව තුළ කශේරුකා එක මත එක ඇසිරී පවතී. එක් කශේරුකාවක කශේරුකා දේහය ඊට යාබද කශේරුකා දේහය සමඟ ඍජුව එක මත එක සන්ධානය නොවන අතර, කශේරුකා දේහ දෙකක් අතර අන්තර් කශේරුකා මඬල නමැති සවිමත් කාටිලේජමය ඵලකයක් පවතියි. කශේරුව ඔස්සේ පහළට ගමන් කරන විට කශේරුකා දේහ ප්‍රමාණයෙන් විශාල වෙයි. එමගින් දේහ බර දරා ගැනීමට හැකියාව ලබා දෙයි.
  • කශේරුකා වක්‍රය: කශේරුකා ඡිද්‍රය වටා පිහිටමින් එය ආවරණය කරයි. එක මත එක පිහිටන කශේරුකා ඡිද්‍ර එක්ව ගත් කල කශේරු නාලය සෑදේ. එතුළින් සුෂුම්නාව ගමන්කරයි. කශේරුකා වක්‍රයෙන් පැන නඟින විවිධ ප්‍රසර මඟින් පේශි සන්ධානයට අවශ්‍ය පෘෂ්ඨ සපයයි.

  • කශේරුකා වක්‍රයෙන් දෙපසට හට ගන්නා ප්‍රසර තීර්යක් ප්‍රසර ලෙසත්, අපර දෙසට හට ගන්නා ප්‍රසරය කණ්ටක ප්‍රසරය ලෙසත් හඳුන්වයි.
  • කශේරුකා වක්‍රය සතුව සන්ධාන පෘෂ්ඨ හතරක් පවතියි. ඒ උත්තර සන්ධාන පෘෂ්ඨ යුගලය හා අධර සන්ධාන පෘෂ්ඨ යුගලයයි.
  • උත්තර සන්ධාන පෘෂ්ඨ යුගලය ඉහළින් ඇති යාබද කශේරුකාව සමඟත් අධර සන්ධාන පෘෂ්ඨ යුගලය ඊට පහළින් ඇති යාබද කශේරුකාව සමඟත් සන්ධානය වෙයි.

ප්‍රදේශවලට අදාළ කශේරුකාවල ලාක්ෂණික

ග්‍රෛවී කශේරුකා

දර්ශීය ග්‍රෛවී කශේරුකාවක ව්‍යුහය

  • කශේරුවේ ඉහළින්ම පිහිටන කශේරුකා හතයි.
  • කුඩාම කශේරුකා වර්ගයයි. අනෙකුත් කශේරුකා වර්ගවලට සාපේක්ෂව කුඩාම කශේරුකා දේහයක් ඇත්තේ මේ ග්‍රෛවී කශේරුකා වලටයි.
  • මේ කශේරුකාවල තීර්යක් ප්‍රසර වල දෙපසින් කුඩා ඡිද්‍ර යුගලක් ඇත. ඒවා තුළින් කශේරුක ධමනිය ගමන් කරයි.
  • එමෙන්ම බොහෝ ග්‍රෛවී කශේරුකාවල කණ්ටක ප්‍රසරය ද්විභින්නය.( C2 -C6)

ඇට්ලස් කශේරුකාව 

  • පළමු ග්‍රෛවී කශේරුකාව ඇට්ලස් කශේරුකාවයි. එය මත හිස්කබල සන්ධානය වී පවතියි

ඇට්ලස් කශේරුකාවේ උත්තර ව්‍යූහය

  • ඇට්ලස් කශේරුකාව අස්ථිමය වළල්ලක් බඳු අතර එයට නිශ්චිත කශේරුකා දේහයක් හෝ කණ්ටක ප්‍රසරයක් නැත.
  • එයට ඉතා කෙටි තීර්යක් ප්‍රසර යුගලක් ඇත.
  • කශේරුකාවේ පිහිටන පැතලි සන්ධාන පෘෂ්ඨ යුගලය මත හිස්කබලේ අපර කපාල සන්ධාන මුහුණත් සමඟ සන්ධානය වෙමින් හිස උස් පහත් කිරීමට ඉඩ සලසයි.
  • මෙහි කශේරුකා ඡිද්‍රය සාපේක්ෂව විශාලය. මෙමඟින් සුෂුම්නාවේ විශාලිත පූර්ව ප්‍රදේශයට ගමන් කිරීමට ඉඩ සලසයි.

අක්ෂ කශේරුකාව 

  • දෙවන ග්‍රෛවී කශේරුකාවයි.
  • එයට කුඩා කශේරුකා දේහයක් ඇත.
  • එම දේහයට සම්බන්ධ දන්තාකාර ප්‍රසරය නමැති උත්තරව විහිදෙන ප්‍රසරයක් ඇත.
  • ඒ ප්‍රසරය ඊට ඉහළින් ඇති ඇට්ලස් කශේරුකාවට සන්ධානය වෙයි.
  • හිස්කබල හා ඇට්ලස් කශේරුකාව දන්තාකාර ප්‍රසරය මත භ්‍රමණය වීම මගින් හිස දෙපැත්තට හැරවීමට ඉඩ සැලසෙයි.
අමතර දැනුම 

උරස් කශේරුකා

  • උරස් කශේරුකා දොළහකි.
  • මේවා ග්‍රෛවී කශේරුකාවලට සාපේක්ෂව විශාල ය.
  • ග්‍රෛවී කශේරුකාවලට සාපේක්ෂව ශරීර බර වැඩි ප්‍රමාණයක් දරා සිටියි.
  • කශේරුකා දේහයේ සහ තීර්යක් ප්‍රසරවල පර්ශු සඳහා සන්ධාන මුහුණත් පිහිටා ඇත.

කටී කශේරුකා

  • කටී කශේරුකා පහකි.
  • මේවා විශාලතම කශේරුකායි.
  • දේහයේ ඉහළ කොටසේ බර දරා ගැනීමට ආධාර වෙයි.
  • සාපේක්ෂව විශාල කශේරුක දේහයකි.
  • කණ්ටක ප්‍රසරයකි.
  • දේහයේ පිටුපස ප්‍රදේශයේ පේශි සන්ධානයට මුහුණත් සැපයීම සඳහා සාපේක්ෂව විශාල කණ්ටක ප්‍රසර ඇත.

ත්‍රිකාස්ථිය හා අනුත්‍රිකාස්ථිය

  • ත්‍රිකාස්ථිය අවශිෂ්ට කශේරුකා පහක් එකට හා වීමෙන් සැදුණ ත්‍රිකෝණාකාර හැඩති විශාල අස්ථියකි.
  • මෙහි පූර්ව ප්‍රදේශය අවතලනය වී ඇත.
  • පස්වන කටී කශේරුකාව මෙහි ඉහළ ප්‍රදේශයට සන්ධානය වෙයි.
  • මෙය ශ්‍රෝණි මේඛලාව සමඟ දෙපසින් සන්ධානය වෙයි.
  • ත්‍රිකාස්ථිය අධරව අනුත්‍රිකාස්ථියට සන්ධානය වෙයි.
  • ත්‍රිකාස්ථියේ එක් එක් පස ශ්‍රෝණි ඡිද්‍ර නමැති ඡිද්‍ර ශ්‍රේණියක් ලෙස පිහිටා ඇත.
  • මේවා ස්නායුවලට පිට වීමට ඉඩ සලසයි.
  • අනුත්‍රිකාස්ථිය අවසාන කශේරුකා හතරක් එකිනෙක හා වීමෙන් සැදුණ කුඩා ත්‍රිකෝණාකාර අස්ථියකි.
  • අනුත්‍රිකාස්ථියේ පළල් පාදස්ථ ප්‍රදේශය ත්‍රිකාස්ථියට බද්ධ වී ඇත.

මානව කශේරුවේ පොදු කෘත්‍ය

  1.  ඍජු ඉරියව්ව පවත්වා ගැනීමට ආධාර වීම.
  2. හිස්කබලට සන්ධාරණය සැපයීම සහ පර්ශු හා මේඛලාවලට සන්ධාන පෘෂ්ඨ සැපයීම.
  3. සුෂුම්නාව ආරක්ෂා කිරීම.
  4. කශේකාරු ඡිද්‍ර මඟින් ස්නායු රුධිර නාල හා වසා නාල ගමන් කිරීමට අවකාශය සැලසීම.
  5. දේහ චලනවල දී නම්‍යශිලි බවක් සැපයීම
  6. අන්තර් කශේරුක මඬල කම්පන අවශෝෂක ලෙස ක්‍රියාකරමින් සුෂුම්නාව ආරක්ෂා කිරීම.
error: කොපි කරන්න තහනම්!!!