මානව ආක්‍ෂක සැකිල්ලේ සංවිධානය

මානව සැකිල්ල

මානව සැකිල්ල ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇත.
1. ආක්‍ෂක සැකිල්ල – මෙයට හිස්කබල, කශේරුව, උරොස්ථිය හා පර්ශු අයත් ය.
2. ගාත්‍රා සැකිල්ල – මෙයට උර හා ශ්‍රේණි මේඛලාත් ගාත්‍ර යුගල් දෙකක් අයත් ය.

මානව සැකිල්ලේ පූර්ව හා අපර පෙනුම

මානව ආක්‍ෂක සැකිල්ලේ සංවිධානය

හිස්කබල

මානව හිස් කබලේ පාර්ශවික පෙනුම

මානව හිස් කබලේ පූර්ව පෙනුම

මානව හිස් කබලේ අධර පෙනුම

  • මිනිසාගේ හිස්කබල කශේරුවේ ඉහළ කෙළවර රඳා සිටියි.
  • අස්ථි විසි දෙකකින් සමන්විත හිස්කබලේ බොහෝ අස්ථි අතර අස්ථි භවනය වුණු සන්ධි/ සීවනි දක්නට ඇත.
  • හිස්කබල, කපාලය (මොළයේ ආවරණය) හා වක්ත්‍රය ලෙස ප්‍රධාන කොටස් දෙකකි.

කපාල අස්ථි වනුයේ:

    1. ලලාට අස්ථිය
    2. පාර්ශ්ව කපාල අස්ථි යුගලය
    3. ශංඛක අස්ථි යුගලය
    4. අපර කපාල අස්ථිය
    5. ජිද්‍රාස්ථිය
    6. කීලාස්ථිය යන අස්ථි වේි.

මුහුණ සාදන අස්ථි / වක්ත්‍ර අස්ථි:

  • ලලාට අස්ථියට අමතරව තවත් අස්ථි 14කින් සමන්විතය.
    1. ලලාට අස්ථිය
    2. යුග අස්ථි යුගලය
    3. උඩු හනු අස්ථි යුගල (එකිනෙකට සම්බන්ධ වී ඇත.)
    4. නාසාස්ථි යුගලය
    5. තාලව අස්ථි යුගලය
    6. ආශ්‍රැ අස්ථි යුගලය
    7. අධර නාසා කම්බු අස්ථි යුගලය
    8. හලාස්ථිය (තනි අස්ථියකි)
    9. හකු ඇටය (අධෝහනුක අස්ථිය)

කපාල ප්‍රදේශය

  • මානව කපාල ධාරිතාව 1.5l පමණ වෙයි.
  • එමඟින් මොළය ආවරණය හා ආරක්ෂාව සිදු කරයි.
  • අභ්‍යන්තර කන, මැද කන, ආඝ්‍රාණ අවයව, ඇස් ආරක්ෂා කිරීම ද සිදු කරයි.
  • අස්ථිමය අක්‍ෂි කූප, අක්‍ෂි පේශිවලට සන්ධාන පෘෂ්ඨ සපයමින් අක්ෂි චලනයට ආධාර කරයි.
  • කපාලයේ අධර පෘෂ්ඨයේ පිහිටන මහාජිද්‍රය මගින් සුෂුම්නාවට මාර්ගය සලසයි.
  • එමෙන්ම මහාජිද්‍රය දෙපස පිහිටන සුමට රවුම් ගැටිති යුගලය (අපර කපාල සන්ධාන අග්‍ර) පළමු කශේරුකාව වන ඇට්ලස් කශේරුකාව මත සන්ධානය වීමෙන් හිස ඉහළ පහළ චලනය කිරීමට ආධාර කරයි.
  • රන්ධ්‍ර 

  • ඇතැම් කපාල අස්ථි අතර පිහිටන මෘදු පටලමය ප්‍රදේශ රන්ධ්‍ර ලෙස හඳුන්වනු ලැබේ.
  • ඒවා මඟින් අස්ථි සම්පීඩනය සඳහා ඉඩ සලසමින් ප්‍රසුතිය පහසු කරයි.
  • වයස අවුරුදු 1-2ත් අතර කාලයේ දී රන්ධ්‍ර, අස්ථි මඟින් ප්‍රතිස්ථාපනය සිදු වෙයි.
  • කපාල අස්ථි අතර චලනය කළ නොහැකි සන්ධි වන සීවනි පවතින අතර එමඟින් කපාලයට වඩාත් ආරක්ෂාව සපයයි.
  • කෝටරක

  • හිස් කබලේ ඇති ඇතැම් අස්ථි තුළ එනම් කීලාස්ථිය, ජීද්‍රාස්ථිය, ඌර්ධව හනුක අස්ථිය හා ලලාටාස්ථිය, තුළ පවතින පක්‍ෂමධර ශ්ලේෂ්මල පටලයෙන් ආස්තරණය වූ වාතය පිරී කුහර කෝටරක ලෙස හඳුන්වනු ලැබේ.
  • කෝටරක සියල්ල නාස් කුහරය සමඟ සම්බන්ධ වේ.
  • එමඟින් කටහඬ අනුනාද කිරීමටත් හිස්කබලේ බර අඩු කිරීමටත් දායක වෙයි.

වක්ත්‍ර ප්‍රදේශය

  • කපාල අස්ථිවලට පහළින් පිහිටයි.
  • ඇතැම් වක්ත්‍ර අස්ථි නාස් කුහරයේ අපර කොටසේ බිත්ති සාදමින් නාස් මාර්ගයේ ඉහළ ප්‍රදේශය ගොඩනැංවීමට දායක වෙයි.
  • ඌර්ධව හනුක අස්ථිය හා අධෝහනුව මගින් දත් සවි වීමට අවශ්‍ය කූප සාදා ඇත.
  • ඌර්ධව හනුක අස්ථිය කපාලයට සම්බන්ධ ය.
  • අධෝහනුව චලනය කළ හැකි ය.
  • මුඛ කුහරය හා නාස් මාර්ගය වෙන් කරන්නේ අස්ථිමය දැඩි තල්ල හා කාටිලේජමය මෘදු තල්ල මගිනි.
  • අධෝහනුව කපාලය සමඟ සන්ධානය වී ඇත.
  • වක්ත්‍ර අස්ථියක් වන යුග අස්ථියේ කොටසක් හා ශංඛක අස්ථියේ කොටසක් සම්බන්ධ වී ගොඩනැංවෙන යුග වක්‍රය මඟින් අධෝහනු චලනය කිරීමට අවශ්‍ය පේශි සන්ධානය වීමට සන්ධාන මුහුණත්/පෘෂ්ඨ සපයනු ලැබේ.

ප්‍රසර

අධෝහනුක අස්ථියේ

  • ප්‍රසර දෙකක් ඇත.
    1. සන්ධාන අග්‍ර ප්‍රසරය : ශංඛක අස්ථිය සමඟ සන්ධානය වීමෙන් ශංඛක අධෝහනුක සන්ධිය සාදයි.
    2. තුණ්ඩාකාර ප්‍රසරය: පේශි හා බන්ධනී සන්ධානයට පෘෂ්ඨ සපයයි.

අපර කපාල අස්ථියේ 

  • කපාලය පත්ලේ අපර කලාප අස්ථිවලට සම්බන්ධිතව අපර කපාල සන්ධාන අග්‍ර යුගලකි.
  • ඒවා ඇට්ලස් කශේරුකාව මත සන්ධානය වෙමින් අසව් සන්ධි සාදයි.

ශංඛක අස්ථියේ 

  • ප්‍රසර තුනක් හමු වෙයි.
  1. යුග ප්‍රසරය : ශංඛක අස්ථියේ යුග ප්‍රසරය සාදයි
  2. චුචුකාකාර ප්‍රසරය : පේශි සන්ධානයට මුහුණත සපයයි.
  3.  කීලාභ ප්‍රසරය – පේශි සන්ධානයට මුහුණත සපයයි.

error: කොපි කරන්න තහනම්!!!