ආශ්වාස – ප්‍රශ්වාස ක්‍රියාවලියේ සමස්ථිතික යාමනය

ආශ්වාස – ප්‍රශ්වාස ක්‍රියාවලියේ සමස්ථිතික යාමනය

  • දර්ශීයව ආශ්වාස-ප්‍රශ්වාස ක්‍රියාවලිය යාමනය වන්නේ අනිච්ඡානුග යන්ත්‍රණයකිනි.
  • මෙමඟින් අනිච්ඡානුග යන්ත්‍රණ වායු හුවමාරුව දේහ පරිවෘත්තිය ඉල්ලුම හා රුධිර සංසරණය සමග සමායෝජනයට උදවු වේ.
  • ශ්වසන ක්‍රියාවලියේ ප්‍රධානතම යාමන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ, මොළයේ පාදස්ථයේ පිහිටන සුෂුම්නා ශීර්ෂකයේ ය (තවත් මධ්‍යස්ථානයක් වැරෝලි සේතුවේ පිහිටයි).
  • ශ්වසන ක්‍රියාවලියේ පාලන ස්ථාන යුගලක් සුෂුම්නා ශීර්ෂකයේ තිබෙන අතර, එමගින් ශ්වසන ක්‍රියාවලියේ රිද්මය යාමනය කරනු ලබයි. එමෙන්ම මේ ක්‍රියාවලියේ යාමනය සඳහා, ඍණ ප්‍රතිපෝෂි යන්ත්‍රණයක් ඉවහල් වෙයි.
  • පෙණහැලි පටක ඇඳී පවතින විට එය හඳුනා ගැනීමට හැකි සංවේදක(ප්‍රසාර ප්‍රතිග්‍රාහක) ද පෙණහැලි තුළම පිහිටයි.
  • ආශ්වාසයේ දී මේ සංවේදක මගින් එම සංවේදකවල සිට සුෂුම්නා ශීර්ෂකය තුළ පාලක පරිපථ ලෙස ක්‍රියා කරන නියුරෝනවලට ස්නායු ආවේග යවයි. වැඩිදුරටත් ආශ්වාසය නිශේධනය කරමින්, පෙණහැලි ප්‍රමාණයට වඩා ප්‍රසාරණය වීම වළක්වයි.
  • ශ්වසන යාමනය සඳහා සුෂුම්නා ශීර්ෂකය පටක තරලයේ pH වෙනස මත රඳා පවතී.
  • මේ පටක තරලයේ pH අගය, රුධිරයේ CO2 සාන්ද්‍රණයේ දර්ශකයකි. උදාහරණයක් ලෙස: දේහයේ පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය ඉහළ ගිය අවස්ථාවක දී රුධිරයේ CO2 සාන්ද්‍රණය ද ඉහළ යයි. එවිට CO2 විසරණය මගින් මස්තිෂ්ක සුෂුම්නා තරලයට ද ගමන් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස මස්තික සුෂුම්නා තරලයේ CO2 සාන්ද්‍රණය ද ඉහළ යයි. එහිදී මේ CO2 ජලය සමග ප්‍රතික්‍රියා කළ විට කාබොනික් අම්ලය සාදා, එය විඝටනය වීමෙන් HCO3හා H+ ලබා දෙයි.

 

  • මේ නිසා ඉහළ CO2 අගයක දී, වැඩි H+ ප්‍රමාණයක් නිපදවෙන බැවින් pH අගය පහළ බසියි. සුෂුම්නා ශීර්ෂකයේ ඇති සංවේදක මගින් සහ ප්‍රධාන රුධිර වාහිනී වන මහා ධමනියේ හා ප්‍රධාන ධමනිවල ඇති සංවේදක මගින් මේ pH වෙනස් වීම හඳුනාගනියි.
  • සුෂුම්නා ශීර්ෂකයේ සහ ප්‍රධාන රුධිරවාහිනී තුළ ඇති සංවේදක මගින් මේ pH අඩු වීම අනාවරණය කර ගනී.
  • මීට ප්‍රතිචාරයක් ලෙස සුෂුම්නා ශීර්ෂකයේ පාලක පරිපථ ක්‍රියාකාරී වෙමින් ආවාසයේ ගැඹුර හා වේගය වැඩි කරමින් වැඩිපුර ඇති CO2 ප්‍රශ්වාස වාතය මගින් බැහැර කරමින් රුධිරයේ සාමාන්‍ය pH අගය වන 7.4 තෙක් ළගා කර ගනියි.
  • ශ්වසන පාලක මධ්‍යස්ථානය වෙත O2 මට්ටම මගින් ඇති වන්නේ ඉතා සුළු බලපෑමකි. එහෙත් O2 සාන්ද්‍රණය ඉතා පහළ ගිය විට මහා ධමනියේත්, ශීර්ෂපෝෂී ධමනිවලත් පිහිටන O2 සංවේදක මගින් සුෂුම්නා ශීර්ෂකයට ආවේග ලබා දී ශ්වසන ශීඝ්‍රතාව ඉහළ නංවයි.
  • එමෙන්ම ශ්වසන යාමනය නිසි ලෙස හැසිරවීමට අදාළ අතිරේක ස්නායු පරිපථ මස්තිෂ්ක වෘන්ත අයත් වන සුෂුම්නා ශීර්ෂකයට ඉහළින් පිහිටන වැරෝලි සේතුවේ ද පිහිටයි.

ආශ්වාස – ප්‍රශ්වාස ක්‍රියාවලියේ සමස්ථිතික යාමනය

error: කොපි කරන්න තහනම්!!!