Lesson Progress
 0% Complete
සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර
(Temperate Forests)

ව්‍යාප්තිය
- සෞම්‍ය කලාපික පළල් පත්‍ර වනාන්තර උතුරු අර්ධගෝලයේ මධ්‍ය අක්ෂාංශ වල ව්‍යාප්ත වී ඇත.
 
වර්ෂාපතනය
- සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 700 – 2000 mm වේ.
 - සැලකිය යුතු ප්‍රමාණයක වර්ෂණයක් වර්ෂය මුළුල්ලේ ලැබෙන්නේ ගිම්හානයේ දී වර්ෂාව ලෙසත් ශීත සෘතුවේ දී හිම ලෙසත් ය.
 
උෂ්ණත්වය
- ශීත සෘතුවේ දී සාමාන්‍ය උෂ්ණත්වය 0°C වන අතර, ගිම්භනයේ දී එය 35°C ට දක්වා ඉහළ යා හැකි ය.
 - ගිම්හානය උණුසුම් සහ ආර්ද්‍ර වන අතර ශාකවල වර්ධනයට හිතකර කාලයක් සලසයි.
 
ශාක
- ප්රමුඛ ශාක වැඩි වශයෙන් පතනශීලී ය.
 - සිරස් ස්තර ලෙස සැකසීමක් (ස්තරීභවනය) දැකිය හැකි ය. ඒවා නම් සංවෘත වියන් ස්තර ය, යටි ප්රස්තර ශාක ස්තර එකක් හෝ දෙකකි,ඒ පඳුරු ස්තරය සහ පැළෑටි ස්තරයයි.
 - අපිශාක ස්වල්පයක් පමණක් හමු වේ.
 
සතුන්
- ක්ෂීරපායි විශේෂ රැසක් දැකිය හැකි ය. ශීත සෘතුවේ ඔවුන් ශිශිරතරණය කරන අතර, පක්ෂි විශේෂ උණුසුම් දේශගුණය ඇති ප්‍රදේශ කරා පර්යටනය කරති.
 
මානව බලපෑම්
- ගස් කැපීම, කෘෂිකර්මාන්තය සඳහා එළි කිරිම, මානව ජනාවාසකරණය නිසා මේ වනාන්තරවලට ද බාධා පැමිණේ.