Lesson Progress
0% Complete
නිවර්තන වනාන්තර (Tropical Forest)
ව්‍යාප්තිය
- නිරක්ෂයට සමීපව ව්‍යාප්ත වී උප නිවර්තන ප්‍රදේශවලට ද (උතුරු අක්ෂාංශ 30º සහ දකුණු අක්ෂාංශ 30º අතර) විහිදී ඇත.
- එනිසා නිවර්තන වැසි වනාන්තර සහ නිවර්තන වියළි වනාන්තර යන ආකාර දෙකම අයත්ය.
- නිවර්තන වැසි වනාන්තර කිහිපයක්,
- දකුණු ඇමරිකාවේ – ඇමේසන් වනය
- මධ්‍යම අප්‍රිකාවේ – කොංගෝ වනය
- ශ්‍රීලංකාවේ – සිංහරාජ වනාන්තරය
වර්ෂාපතනය
- නිවර්තන වර්ෂා වනාන්තරවල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 2000 – 4000 mm.
- සාමාන්‍යයෙන් ස්ථාවර කැපී පෙනෙන වර්ෂා සමයක් වැසි වනාන්තරවල ඇත.
- නිවර්තන වියළි වනාන්තරවල 1500 – 2000 mm ද වේ.
- වියළි වනාන්තරවල සෘතුමය වර්ෂාපතනයක් සමග මාස 6-7 කැපී පෙනෙන වියළි කාලයක් දක්නට ලැබේ.
උෂ්ණත්වය
- නිවර්තන වැසි වනාන්තර 25-29 ºC උෂ්ණත්වයක් සහිත වේ.
- නිවර්තන වියළි වනාන්තරවල එය 33 ºC තරම් ඉහළ අගයක් සහිත විය හැකි ය.
ශාක
නිවර්තන වැසි වනාන්තරයක ස්තරීභවනය
- නිවර්තන වැසි වනාන්තරවල නෙරු ස්තරය, වියන් සහ උප වියන් ස්තර දෘශ්‍යමාන වේ.
- යට පහළින් පඳුරු සහ විශාල ආකාෂ්ඨිය ශාකවලින් යුතු යටි ස්තරය ඇත.
- වනාන්තරයේ බිම් ස්තරය කුඩා ආකාෂ්ඨිය ශාක, හතු සහ වියළි ශාක සුන්බුන්වලින් (ඝන ස්ථරයක්) සමන්විත ය.
- එනිසා වෘක්ෂලතාදිය සිරස් ස්තර කිහිපයකට සැකසී ඇති අතර ස්තරීභවනය නිරීක්ෂණය කළ හැකි ය.
- නිවර්තන වැසි වනාන්තරවල සදාහරිත ශාක ප්‍රමුඛ වන නමුත් වියළි වනාන්තරවල පතනශීලී ශාක විශේෂවල පත්‍ර වියළි කාලයේ දී හැලී යයි.
- නිවර්තන වැසි වනාන්තරවල අපිශාක සුලබ වුව ද වියළි වනාන්තරවල ඒවා එතරම් සුලබ නැත.
- කටු සහිත පඳුරු මෙන්ම මාංසල ශාක වියළි වනාන්තර වල බොහෝ විට දක්නට ලැබේ.
නිවර්තන වියළි වනාන්තරයක් – හුරුළු වන රක්ෂිතය – ශ්‍රීලංකාව
සතුන්
- සියලු භෞමික බියෝම අතුරින් ශාක හා සතුන්ගේ ඉහළ ම විවිධත්වය ඇත්තේ නිවර්තන වනාන්තරවල ය.
- එහි ක්ෂීරපායි විශේෂ රැසක් සහ ආත්‍රොපෝඩා විශේෂ මිලියන 5-30 අතර සංඛ්‍යාවක් ද ඇති අතර, ඉන් සමහරක් තවමත් සම්පූර්ණයෙන් විස්තර කර නැත.
- මේ බියෝමයේ සතුන් පරිසරයට ගැළපෙන අනුවර්තන දරයි.
- වැසි වනාන්තරවල සත්තු වර්ෂය පුරා ක්‍රියාකාරි ජීවිතයක් ගත කරති.
- කුඩා සතුන් අතර වේශාන්තරණය සුලබ ය.
- විශාල සතුන්ගේ දේහවල සලකුණු තිබිය හැකි ය.
- වියළි වනාන්තර වල පක්ෂීහු වියළි කාලවල බොහෝ විට වෙනත් ප්‍රදේශ කරා පර්යටනය කරති.
මානව බලපෑම්
- කෘෂිකර්මාන්තය සහ සංවර්ධනය ආශ්‍රිත මානව ක්‍රියාකාරකම් මේ වනාන්තර විනාශ වීමට මඟ පාදයි.